IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අතපසු වීමකින් යැවූ විදුලි පණිවුඩයට පන්දහසක් ගෙවලා

ඇය කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ තරුණියකි. දැනට මාස කිහිපයකට පෙර ආයතනයක රැකියාවට කොළඹ පැමිණ මිතුරියකගේ නිවෙසේ නැවතී රැකියාවට ගියාය. පසුගිය දිනක ඇය සුපුරුදු පරිදි සේවයට පැමිණි අතර ඇයගේ නමට කුරුණෑගල නිවෙසට විදුලි පණිවිඩයක් ලැබුණි. එහි සඳහන් වූයේ ”සේවයට වාර්තා කරන්න, නැතහොත් පහත දැක්වෙන අංකයට කතා කරන්න” යනුවෙනි. පියා මව ඇතුළු නෑදෑ හිතවතුන් බියට පත්වී ක්‍ෂණිකව ඇයගේ ජංගම දුරකථනයට කතා කළත් ප‍්‍රතිචාරයක් නොවීය. කලබලවූ සියල්ලෝම වාහනයකින් කොළඹ බලා පිටත්වූහ. පැය කිහිපයකින් කොළඹට ළඟාවූ ඔවුන් කෙලින්ම ගියේ දියණියගේ සේවා ස්ථානයටය. මව්පියන් දුටු දියණිය පුදුමවී ඔවුන් ළඟට පැමිණියාය. මව දියණිය බදාගෙන හඬන්නට වුවාය. එවිට දියණිය, මොකක්ද අම්මේ කරදරයක්දැයි විමසුවාය. පියා විදුලි පණිවිඩය ඇය අත තැබීය. එය කියවූ දියණිය පුදුමයට පත් වී පියා සමග තම කාර්යාලයට ගොස් විදුලි පණිවිඩය නිලධාරින්ට පෙන්නුවාය. ඔවුන් ඇයගේ පෞද්ගලික ලිපිගොනුව බැලූවිට එහි ඇය නොදන්වා සේවයට නොපැමිණි බව සඳහන් ලිපියක් විය. ”වැරැද්ද අපේ. ඔයා අවුරුද්දකට කලින් අපිගාව වැඩ කරලා දන්වන්නේ නැතිව නැවතුනානේ. ආයෙත් අවේ මාස ගාණකට පස්සෙනේ. ඔයා නැවත සේවයේ පිහිටවූ ලියුම ෆයිල් කරන්න බැරිවෙලා. නොදන්වා සේවයෙන් ඉවත්වූ ඔක්කෝටම අපි ටෙලිග‍්‍රෑම් යැව්වා. ඒ අනුව අතපසුවීමකින් ඔයාටත් යවලා.” නිලධාරියා කාරණය පැහැදිලි කළේය. අවසානයේදී වාහන ගාස්තුව වශයෙන් රුපියල් පන්දහසක මුදලක් මව්පියන්ට ගෙවීමට සිදුවිය.



අදහස් (0)

අතපසු වීමකින් යැවූ විදුලි පණිවුඩයට පන්දහසක් ගෙවලා

ලක්මාල් Thursday, 28 June 2012 02:56 AM

ජීවන් කුමාරතුංග 2012-06-27 22:25:02 මේක බොරුවක් ලංකාවේ විදුලි පණිවිඩ යවන එක නවත්තල ගොඩක් කල්,බොරුවක් උනත් කියන විදියක් තියනවා ----------------------------------------------- 100% අපි ඔබ සමගයි. ඔබට ජය ජීවන් !

:       0       0

මහාචාර්ය අජිත් Thursday, 28 June 2012 06:59 PM

ජීවන් විදුලි පණිවුඩයක් මම ඊයෙත් ගැහුවා. බොරු නොකිය ඉන්නවා. නීතිමය පිළිගැනීමක් ලැබෙන නිවාඩු දැන්වීමකට තාම විදුලි පණිවුඩ අවශ්‍යයි. පොළොවෙ ජීවත් වෙන් නැතුව ඡන්ද කාලෙට පාරට එන ඔබ වැන්නන් කුමට.

:       0       0

සමන් Thursday, 28 June 2012 08:34 AM

කවුද ලංකාවේ විදුලි පණිවුඩ නවත්තලා තියෙන්නේ?

:       0       0

අභීලාශිනී Thursday, 28 June 2012 08:57 AM

පව් දෙමව්පියෝ..

:       0       0

ආනන්ද Wednesday, 27 June 2012 05:18 PM

දෙවියෝ තමයි දන්නේ!!

:       0       0

ජොලි බෝයි Thursday, 28 June 2012 09:04 AM

රාජ්‍ය ආයතනයක්ද ???

:       0       0

ආනන්ද Wednesday, 27 June 2012 05:58 PM

දෙවියෝ තමයි දන්නේ!!

:       0       0

සිසිර Wednesday, 27 June 2012 11:27 AM

මෙහෙම නිලධාරීන් ඉන්න ආයතන වලට දෙවි පිහිටයි

:       0       0

ගිරිගෝරිස් Wednesday, 27 June 2012 11:32 AM

ඕක තමයි බොලවු කියන්නේ කාර්යාල වල වැඩ කරද්දි ටිකක් අවධානෙන් කරන්න කියලා

:       0       0

ගාලු කොල්ලා Wednesday, 27 June 2012 11:10 AM

ආයතනයෙන් වාහන ගාස්තුව ඉල්ලා ගෙන තිබුණා නම් වැරැද්ද එයාලගෙනේ

:       0       0

කැලුම් ඕමානය Wednesday, 27 June 2012 06:06 PM

කොහොම උනත් වරද පිලිගත්තට එක ලොකු දෙයක් .ලෙහෙසියෙන් ආයතනය ඔයවගේ වරද පිළිගන්නේ නැහැ . කරකවල සේවකයා පිටම පටවනවා .

:       0       0

චමල් Wednesday, 27 June 2012 11:21 AM

නැට්ට පිටින් අලි මැරෙන එකේ මේවා සාමාන්‍ය දේවල්

:       0       0

වරුණ Wednesday, 27 June 2012 12:22 PM

ඕවා මොනවද? ඕවා දැන් ඔය ඕනතරම් වෙන්නේ

:       0       0

සමනළයා Thursday, 28 June 2012 04:12 PM

අයියෝ සල්ලී...

:       0       0

ජීවන් කුමාරතුංග Wednesday, 27 June 2012 10:25 PM

මේක බොරුවක් ලංකාවේ විදුලි පණිවිඩ යවන එක නවත්තල ගොඩක් කල්,බොරුවක් උනත් කියන විදියක් තියනවා

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි Saturday, 30 June 2012 10:57 PM

ජීවන් ඇමතිතුමා ලංකාවෙද ඉන්නෙ...??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site