IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අත්තම්මාගේ තනියට නිදාගත් මිනිබිරිය මහ රෑ පෙම්වතා එක්ක ගලක් උඩ

අත්තම්මගේ ආරක්ෂාවට එක ඇඳේ නිදාගෙන සිටි දැරියක රාත්‍රියේ රැගෙන ගොස් ගලක් උඩ පෙම් සුව විඳිමින් සිටි තරුණයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පහරදී පොලිසියට බාරදීමේ පුවතක් පසුගිය දා වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


පහරදී ගස් බැඳ පොලිසියට බාර දී ඇති තරුණයා අධ්‍යාපනය අතර මග නවතා දමා කුලී වැඩ කරමින් සිටියෙකි. මොහු තම ගමේම පාසල් ශිෂ්‍යාවක සමග පෙමින් වෙලී සිටියේය. සිසුවියගේ මවුපියන් පදිංචිව සිටින නිවස අසළ මහ ගෙදර නිවසේ ඇගේ අත්තම්මා විසුවේ තනිවමය. ඇගේ තනි නොතනියට මිනිබිරියද එහිම විසුවාය. 


සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ගොඩනගාගත් තරුණයා ඇය පාසල් ගොස් එන මග රැක ඇය සමග පෙම්බස් හුවමාරු කර ගත්තේය.


තරුණයා පසුගිය දිනක පාසල නිමවී නිවස වෙත පැමිණෙන සිසුවිය මුණගැසී මම අද රෑ 12 විතර ඔයාලාගේ ගෙදර ළඟට ඇවිත් එස්.එම්.එස්. එකක් එවන්නම්. එතකොට කිරි අම්මාට හොඳටම නිද්ද ගිහින් ඉඳියි. සද්ද කරන්නේ නැතිව ඔයා එළියට එන්න. ඊට පස්සේ අපි දෙන්නා අර එහා පැත්තේ තියන ගල උඩට නැගලා කතා බහ කර කර ඉමු යැයි කීවේය. 


පෙම්වතියද එයට එකඟ වූවාය.


එදින රාත්‍රී  සුපුරුදු පරිදි කෑම කා පාසල් ශිෂ්‍යාව මිත්තනිය සමඟ ඇඳේ එකට නින්දට වැටුණාය. මිත්තනිය හඬ දෙමින් තද නින්දට වැටුණාය. පෙම්වතිය පෙම්වතා පැමිණ කෙටි පනිවිඩයක් දෙනතුරු අවදියෙන් පසුවූවාය.
පෙම්වතා මධ්‍යම රාත්‍රියේ පෙම්වතියගේ නිවසේ මිදුලට පැමිණ කෙටි පණිවිඩයක් යැව්වාය. සිසුවිය තම අත්තම්මාට හොරෙන් ඇඳෙන් බිමට බැස තමන් ඇඳේ සිටින ලෙස පෙන්වීමට කොට්ට තුනක් එක දිගට තබා ඊට අඩින් ඇය පොරවන රෙද්ද දමා නිවසේ ජනේලයකින් හෙමින් සැරේ එළියට පැන ගත්තාය.


එසේ පැන ගත් ඇය තම පෙම්වතා සමග මීටර් 500 ක් පමණ ඈතින් පිහිටි ගල උඩට නැග කතා කරමින් සිටියදී මිත්තනිය අවදිවී ඇඳේ කොට්ට ටික අතගා මිනිපිරිය අතුරුදන්ව ඇති බව වැටහී මහ හයියෙන් මහ රෑ නිවස තුළ සිට කෑගසන්නට වූවාය. අත්තම්මාගේ කෑගැසීම පහළ නිවසේ පදිංචි සිසුවියගේ මවට ඇසුණි. අසල්වාසීහුද පවුලේ අය සමග එක්ව දියනිය සොයන්නට වූහ.


පසුව ශිෂ්‍යාවත් තරුණයාත් ගලක් උඩ පෙම්බස් දොඩමින් සිටියදී ගම්වාසීන් විසින් සොයා ගන්නා ලදී. ඔවුහු තරුණයාට පහරදී පළමුව ගස් බැඳ දැමූහ. ශිෂ්‍යාවගේ පියා සිද්ධිය සම්බන්ධයෙන් 119 හදිසි දුරකථන අංකයට ඇමතුමක් දී සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්වත් කළේය. පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තරුණයා පොලිසිය වෙත රැගෙන ගොස් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. 
(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න) 



අදහස් (0)

අත්තම්මාගේ තනියට නිදාගත් මිනිබිරිය මහ රෑ පෙම්වතා එක්ක ගලක් උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site