IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අත්තෙන් අත්තට පනින අනංගයාට පරණ පෙම්වතියකගෙන් පාඩමක්

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
තම විසිවෙනි පෙම්වතිය සමඟ චිත්‍රපට බැලීමට ගොස් කලින් පෙම්වතිය හමුවීමෙන් සිදු වූ අකරතැබ්බයක් මෙසේ වාර්තාවිය.
සිද්ධිය මෙසේය


ඔහු මසකට වරක් පෙම්වතියන් මාරු කරන තරුණයෙකි. මොහු සෑම පෙම්වතියකටම පවසන්නේ ඇය තමන්ගේ ප්‍රථම පෙම්වතිය බවය. මේ අයුරින් තරුණියන් දහනව දෙනෙකු රැවට්ටීමට ඔහු සමත් වී තිබේ.


මොහුට තරුණියන් රැවටෙන්නේද මොහුගේ සිත් ඇදගන්නාසුළු කතාබහ හේතුවෙනි. “අනේ රත්තරං මම වැඩිය ආදරේ කරන්න දන්නේ නැහැ. ඔයා තමයි මගේ පළමු ආදරය. අනේ මාව දාලා යන්න නම් එපා” යැයි පවසමින් තරුණියන්ගේ අනුකම්පාව දිනා ගැනීමට ඔහු උපන් හපනෙකි. 


කෙසේ වෙතත් පසුව ඔහු ඇය දමා යන්නේ ඇඟට පතට නොදැනීය. මොහුට දහනව වන වතාවට හමුවූ තරුණිය මොහු ගැන සොයා බලා පාඩමක් ඉගැන්වීමට සිතා ගත්තාය. ඒ සඳහා තම ළඟම මිතුරිය ලවා ව්‍යාජ පෙමක් මොහු හා ඇති කර ගන්නා ලෙස දැනුම් දුන් අතර මොහු තරුණියන් අනාථ කරන බැවින් මොහු සමඟ කටයුතු කරන ආකාරය ද ඇයට කියා දීමට අමතක නොකළාය.


කතා කරගත් පරිදි ඇයගේ මිතුරිය ඔහුත් සමඟ සිනමා ශාලාවට ගිය අතර ඇය ද ඔවුන්ට හොරෙන් ඔවුන්ට පිටපසින් සිනමා ශාලාවේ අසුන් ගත්තාය. ටික වේලාවක් යද්දී ඔහු ඇමතූ මිතුරිය “ජයේ ඔයා කවදාවත් මේ වගේ වෙන කෙනෙක් එක්ක චිත්‍රපටි බැලුවේ නැද්ද?” යැයි ඇසීය.


එවිට පසුපස අසුණේ සිටි මිතුරිය “ආවට මෙයාට චිත්‍රපටි බලන්න වේලාවක් තිබුණේ නෑනේ චතු යැයි” කීවිට පසුපස අසුන දෙස බැලුව තරුණයා තමා ගැටයකට හසුවී ඇති බව දැනගෙන හිමිහිට මාරු වුණාලු.



අදහස් (0)

අත්තෙන් අත්තට පනින අනංගයාට පරණ පෙම්වතියකගෙන් පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site