තැන නොතැන නොබලා මාමා දුන් උපදේශයක් නිසා සිය පෙම්වතිය අහිමි වූ බෑණා කෙනෙක් පිළිබඳව වූ මේ තොරතුර ආරංචි වූයේ ඇතුගල පැත්තෙනි.
දකුණු පළාතේ පදිංචිකරුවෙකු වූ මේ මාමා සිය වාහනයට අමතර කොටස් මිලදී ගැනීමට වයඹ පළාතේ ප්‍රධාන නගරයට ගොස් එහි ආපන ශාලාවකට ගොඩ වූ මොහොතේ දුටුවේ මීට වසර හතරකට පමණ පෙර ගමෙන් අතුරුදන්ව සිටි ඔහු තරුණියක සමග සිටින බවය.
මාමා දුටු විට සැඟවෙන්නට ගියත් ඊට පෙර මාමා ඔහුට තමා වෙතට එන ලෙස සංඥා කළේය.
“මාමෙ මං මුණ ගැහුණා කියලා කටවත් කියන්න එපා.” ඔහු බැගෑපත් විය.
“අර කවුද?” මාමා ඇසුවේ තරුණිය දෙස බලමිනි.
“මම බඳින්න ඉන්නෙ එයා.” ඔහු කීමෙන් මාමාට අතීතය සිහිවිය. තම බාල දුවටද පෙම්කොට පසුව තවත් කීපදෙනකු සමග සබඳතා පැවැත්වූ ඔහු පසුගිය කාලයේ ගමෙන් අතුරුදන්ව තිබිණ.
“කී දෙනෙක් බඳින්න ගියාද? පිස්සු කරන්නේ නැතුව ඕකවත් බැඳ ගනින්” ඔහු කෝපයෙන් කී වචන තරුණියට ද අසුණෙන් ඔහුට දෙවියන් සිහිවිය.
පසුගියදා ගමේ ඇවිත් ගිය ඔහු පවසා තිබුණේ “මාමා නිසා ඒ මඟුලත් හබක්” කියාය.
(තිහගොඩ උපසේන ලියනගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් තියෙන්නේ කොහොමහරි මාමාට කන්කෙඳිරිගාලා සමාව අරගෙන මාමගේ දුවම අල්ලගන්න එක තමා. (නි)