(තිහගොඩ උපසේන ලියනගම)
අට වසරේ ගුරුතුමිය සමාජ අධ්‍යයන විෂයට ඉගැන්වූයේ මිනිසාගේ පරිණාමයේ යුග පිළිබඳවය.
ඇය දඩයම් යුගය, එඩේර යුගය, ගොවි යුගය ආදී වශයෙන් යුග හැඳින්වීමක් කොට සිසුන්ට පසු පැවරුමක් දුන්නේ ගෙදර ගොස් මේ යුග ගැන තවත් තොරතුරු වාර්තාවක් පසුගියදාට ගෙන එන ලෙසටය.
පසුවදා එක් සිසුවකු ලියා දුන් පිළිතුරෙන් ඇයට තරු පෙණිනි. එය ගුරු මණ්ඩලය අතට ගොස් පසුව විදුහල්පති අතට ද ගියේය.
වාර්තාවේ මෙසේ සඳහන් විය ‘අපේ තාත්තාගේ සීයා දඩයම් ගිය බව පියා පවසයි. එයා දඩයම් යුගයේය. සීයා ගවයින් ඇති කළේ ප‍්‍රදේශය පුරා උන් දක්කාගෙන ගොස්ය. එයත් එඩේර යුගයේය. අපේ පියා හොඳ ගොවියෙකි. එයා ගොවි යුගයේය. මම කෙසේ හෝ කර්මාන්තයක් කරමි. එවිට මා කාර්මික යුගයේය”
මේ වාර්තව දුටු විදුහල්පතිවරයා -මෙයා නම් හොඳ නිර්මාණශීලී ලේඛකයෙක් වේවි” කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාගේ පුතා තාක්ෂණ වේදියෙක් උනොත් එය තාක්ෂණ යුගයට යයි...