IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අඟල් 2 ක් කලිසම කොටකරගන්න ගිහින් අලි අවුලක් වෙලා

අගනුවර රාජ්‍ය ආයතනයක රැකියාවක් සඳහා වූ සම්මුඛ පරීක්ෂණයකට ඔහු කැඳවා තිබුණේ හදිසියෙනි. එහි ඇඳගෙන යාමට සුදුසු දිග කලිසමක් නොවූයෙන් ඔහු “රෙඩි මේඞ්” දිග කලිසමක් රැගෙනවිත් ගෙදරදී ඇඳ බැලූවිට එය අඟල් දෙකක් තරම් උස වැඩි බව පෙනිණ.


එම අඟල් දෙක අඩුකර දෙන ලෙස මවට කීවත් ඇය සැලකිල්ලෙන් එය අසා නොසිටි නිසා තම නංගීට එහි උස අඟල් දෙකක් අඩුකර දෙන ලෙස පවසා බැහැරට ගියේ කිසිවකුගෙන් මුදලක් ඉල්ලා ගැනීමටය.


ආපසු පැමිණ නංගී කොට කරන ලද කලිසම ඇඳ බැලූ ඔහුට තරු පෙණින. එය අඟල් හතරක් පමණ කොට වී තිබිණ. නංගීගෙන් විමසූ විට ඇය කීවේ තමා අඟල් දෙකක් පමණ කොට කළ බවකි.


ඒ සමගම එතැනට ආ මව “හත්දෙයියනේ මම අඟල් දෙකක් අඩුකරල කලිසම හදල තිබුණේ. ඔයත් ආයෙ ඒක අඟල් දෙකක් අඩු කළා ද?” ඇසුවේ විමතියෙනි.

(තිහගොඩ උපසේන ලියනගම)



අදහස් (0)

අඟල් 2 ක් කලිසම කොටකරගන්න ගිහින් අලි අවුලක් වෙලා

බන්දුල Monday, 16 January 2017 09:02 AM

මම ඩොලර් 10 කට මිලදී ගත්ත කලිසම අඟලක් අඩු ක‍රන්න ටේලර් ඩොලර් 20 ඉල්ලුවා . මම සත 50 කට ඉදි කටු පෙට්ටියක්ම සහ නූල් බෝලයක් අරගෙන එ්ක මමම කරගත්තා (බ)

:       0       0

ජනහිත Saturday, 14 January 2017 12:52 AM

වැඩේ බකල් කරගත්තේ ඕනෑකමින්මනේ. ඕක ගත් තැනින්ම කරගත්තා නම් වැඩේ ඉවරයිනේ. (නි)

:       0       0

පිටිගල Saturday, 14 January 2017 02:26 AM

සන්නිවේදන ගැටළුවක් (නි)

:       0       0

ලලිත් Wednesday, 18 January 2017 10:56 PM

හොඳ එකමුතු පවුලක් (නි)

:       0       0

අබරන් Saturday, 14 January 2017 05:31 AM

අම්මයි නංගියි ජීවත් වෙන්නේ ගෙවල් දෙකක වෙන්නැති.....(අ)

:       0       0

අසේල Saturday, 14 January 2017 06:37 AM

පිටිගල ලංකාවේ මුල් බැහැපු ප්‍රශ්නයක් ඕක. සන්නිවේදනය! (අ)

:       0       0

හේවගේ Saturday, 14 January 2017 07:06 AM

නියම අම්මයි දුවයි (නි)

:       0       0

නලීන් Monday, 16 January 2017 02:40 AM

අඟල් දෙකක් කලිසම කොට කරන්න කපන්නම අවශ්‍ය නැහැනේ. (නි)

:       0       0

චන්දිම Monday, 16 January 2017 05:47 AM

මේ වගේ සිද්ධියක් ළඟදි මටත් වුණා (නි)

:       0       0

රාධා Saturday, 14 January 2017 02:39 PM

බොහෝ නගරවල මෙවැනි ඇඳුම් විකුනන්නේ ඇඳුමේ උස වෙළෙන්දා විසින්ම අඩුකරලා. නොමිලේම කරදෙනවා (අ)

:       0       0

යසන්ත Friday, 13 January 2017 10:18 PM

අපරාදේ කලිසම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site