ඔහු පෞද්ගලික ආයතනයක සේවකයෙකි. දිනක් ඔහුගේ දුරකතනයට ‘මිස් කෝල්’ එකක් ලැබුණි. දිවා ආහාරයේදී ඔහු එම දුරකතන අංකයට කතා කළේය. “මේ නොම්බරෙන් මිස් කෝල් එකක් තිබුණා” ඔහු පැවසීය.
පිළිතුරු ලැබුණේ කාන්තාවකගෙනි. “අයියා මට වැරදිලයි එහෙම වුණේ. අයියා කොහේද? ඇය විමසුවාය. ඔහු තම ගම් ප්‍රදේශය පැවසීය. සේවය නිමාවී නේවාසිකාගාරයට ගිය ඔහුට නැවත මිස් කෝල් එකක් ලැබුණි. ඔහු කතා කළේය.
“මොකද මිස් කෝල් ගහන්නේ?” ඔහු විමසීය.
“අයියා මගේ ෆෝන් එකේ සල්ලි නැහැ. රීලෝඞ් එකක් දානවද” ඇයගේ ආයාචනය විය. අනුකම්පා කළ ඔහු රුපියල් සීයක රීලෝඩයක් දැමීය. පසුදින ඇය ඔහුට කතාකොට “අයියා මට කරදරයක් වෙලා මගේ රත්තරං මාලේ උකස් කරලා බේරගන්න රුපියල් දොලොස් දාහක් ඕනෙ. බැරිද මට උදව් කරන්න” යනුවෙන් විමසුවාය.
කිසිදා නොදුටු නාඳුනන කාන්තාවක් මෙසේ විමසීමෙන් ඔහු මවිතයට පත්විය.“හොඳ වැඩක් කරන්නම්” තමාටම කියාගත් හෙතෙම “මම ඔෆීස් එකෙන් රුපියල් පනස් දාහක ලෝන් එකක් ඉල්ලලයි තියෙන්නේ. ඒක ලැබෙන්නේ දෙසැම්බර් මාසේ අන්තිමට.” ඔහු බොරුවක් පැවසීය.
එවිට ඇය, “එහෙනම් අයියේ මම රුපියල් දොළොස් දාහක් පොලියට ගන්නදැයි” විමසුවාය.
“දැන්ම ගන්න එපා. වැඬේ හරි ගියාම මම ඔයාට කියන්නම්.” ඔහු කීය. දිනපතාම ඔහුට ඇමතුම් ලැබුණි. තම සැමියා මියගොස් ඇති බවත් දරුවන් විවාහවී ඇති බවත් ඇයව හමුවන ලෙසත් ඇය පැවසුවාය.
එනපොට හොඳ නැති බව ඔහුට වැටහිණි. තම සිම්පත ඉවතට ගත් හෙතෙම එය ගලකින් තලා කැළණි ගඟට විසි කළේය. සේද වත්ත ප්‍රදේශයෙන් වාර්තා විය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුර.
2025 දෙසැම්බර් මස 16
75
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
876
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඟර දඟර මිස් කෝල් එක කැලණි ගඟේ