IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල


බස් රථයක් තුළදී එම මීයන් රොත්තක් මල්ලකින් එළියට පැනීමෙන් බස් රථයේ ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවට පත් වී මීයන් රැගෙන ගිය පුද්ගලයාද දැඩි දෝෂාරෝපණයට ලක්වීමේ සිද්ධියක් වාර්තාවේ.

තලාතුඔය ප්‍රදේශයේ පදිංචි මොහු මහනුවර ප්‍රදේශයේ කාර්යාලයක රැකියාවක නිරත වී සිටී. තමා පදිංචි නිවෙසේ මීයන් බෝවීම පසුගිය කාලයේ බොහෝසේ වැඩි වූයේ බලා සිටිද්දීම මෙනි. මීට පිළියම් කීපයක් යෙදුවත් වැඩේ හරි නොගියේය. අන්තිමේදී ඔහු මීයන් නැති කිරීමට මී කූඩු කිහිපයක් ගෙනැවිත් එතුළට එන මීයන් බෑගයකට දමා රැකියාවට යන අතර වෙනත් ප්‍රදේශයකට දැමීමට කටයුතු කළේය.

පසුගිය දිනෙක එසේ අල්ලාගත් මීයන් තිදෙනකු බෑගයක දමාගෙන බස් රථයේ ගමන් කරමින් සිටියේය. හිටි ගමන්ම බෑගයෙන් එළියට පැනගත් මීයෝ බස් රථය පුරා දුවන්නට වූහ. කලබල වූ මගීන්ගේ කෑගැසීම නිසා බස් රථය අතරමග නැවැත්වීය. මගීහු බසයෙන් බැස මීයන් බසයෙන් එළවීමට කටයුතු කළහ.

සැණෙකින්ම මීයන් රැගෙන ආ පුද්ගලයා බස් රථයේ හඳුනාගෙන ඇති අතර සියලු‍ දෙනා ඔහුට දැඩි සේ දෝෂාරෝපණය කරන්නට වූයේ ලවක් දෙවක් නැතිවය.

අදටත් උදෑසන එම පුද්ගලයා බස් රථයට ගොඩවීමට බස් නැවතුමේ සිටිද්දී මගීන් අන්න මී අන්කල් ඉන්නවා යනුවෙන් කසු කුසු ගාන්නේ සිනාසෙමිනි.



අදහස් (0)

මී රොත්තක් බසයෙන් එක්ක ගිහින් ජංජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 417 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1026 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site