කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
පොහෝ දිනක සිල්ගන්නට පන්සලට ගොස් සිල් බිඳගත් පුද්ගලයකු ගැන දකුණු ලක ග්‍රාමීය පෙදෙසකින් වාර්තා වෙයි.
වසර 65 කට වඩා වැඩි කාලයක් ඉඩම් නඩු කියමින් කාලය ගත කළ ඔහු මෙවර වෙසක් පුන් පොහෝ දින ප්‍රසිද්ධ විහාරස්ථානයක සිල් සමාදන්වීමට තීරණය කළේ තම බිරියගේ හා දරුවන්ගේ පෙරැත්තයම නිසාවෙනි.
පොහෝ දින උදෑසනම ඔහු පාපැදියෙන් පන්සලට ගියේ ගමේ කාටත් නොපෙනෙන පරිදිය.
එදින ඔහු සිල් සමාදන් වූ බව දැනගත්, ඉඩම් හබයකට පැටළුණු පුද්ගලයෙක් ඉඩමේ මායිම සටහන් කර ගන්නට පැල ඉනි වැටක් සකස් කරන්නට විය.
සිල් සමාදන් වී පසෙකට වී සිටි ඔහුට දන්නා කියන කෙනකු පැමිණ කනට කර පැවසුවේ මාමේ ඔහේගෙ ඉඩම අල්ලා අහවල් පුද්ගලයා වැටක් ගහන බවයි.
ඒ තොරතුරත් සමගම කිපුණු ඔහු අතේ තිබූ දේවල් ද පසෙක දමා නොසරුප් වචනයක් ද කියා “ඕකුන් කොහොමද මගේ ඉඩමේ වැටවල් ගහන්නේ මමත් එක්ක හැප්පෙන්න ඕකුන් කවුද?” යනුවෙන් බැන වදිමින් උතුරු සළුව ගෙල වටා ඔතා, සරම ද කැසපට ගසා පාපැදියට නැගී යන්නට සූදානම් විය. මේ වනවිට මෙම සිදුවීම බලා සිටි සිල්ගත් තවත් කෙනකු පැවසුවේ සිල් පවාරණය වී යන ලෙසයි.
“මොන සිල් ද ඕයි” යනුවෙන් අත දිගුකරමින් පැවසූ ඔහු පා පැදියට නැගී යන්නට ගියේ විදුලි වේගයෙනි.
2025 දෙසැම්බර් මස 04
614
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
518
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉඩමෙ වැට මතක් කළාම උන්හිටි තැනත් අමතක වෙලා