IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


පාසලේ පැටිකිරිය සොයන්න යද්දී විදුහල්පති සිසු පිරිස පන්නා දමලා

පාසලේ ආදි තොරතුරු සොයන්නට විශ‍්‍රාමික දිසාපාමොක්වරයකු සොයා ගිය සිසු පිරිසක නිවෙසින් පන්නා දැමීම නිසා විදුහල් ඉතිහාසය ලිවීමේ කටයුත්ත අතහැර දමන්නට සිදුවූ පුවතක් සියනෑවේ ගම්මානයකින් මාර්තාවේ.
ප‍්‍රදේශයේ පළාත් මෙන්ම රටේද නමගිය පාසලකි. සිසු පිරිසක් ව්‍යාපෘතියක් සඳහා තෝරා ගත්තේ විදුහලේ ඉතිහාසය  සම්බන්ධ තොරතුරු එක් රැස්කිරීමටයි.
සිප්හලේ ලේඛනගත තොරතුරු සපයාගත් මේ සිසු පිරිස දිසාපාමොක් හමුවීමටද තීරණය කළහ.
මේ අනුව සිසු පිරිස දින වෙන්කෙරගෙන විශ‍්‍රාමික විදුහල්පතිවරුන් සොයා යමින් තොරතුරු ලබා ගන්නට කටයුතු කළේය. ඒ අතර දිනක් ඔවුහු එක් විදුහල්පතිවරයකුගේ නිවෙසට ගිගේ අපහසුවෙන් ගේට්ටුව විවෘත කරවාගෙනය. සේවකයා ගේට්ටුව විවෘත කළත් සිසුන්ගේ ඉල්ලීම ඉටු කරන්නට ඔහු මැලි විය. විශ‍්‍රාමික විදුහල්පති නිවසේ සිටියත් එළියට ආවේද නැත.
නිල ඇඳුමෙන් සැරසුනු සිසු සිසුවියන් හොර කණ්ඩායමක සාමාජිකයන්  බවට නිවසේ සිටි අයකු කළ ගෝරනාඩුවත් සමග සේවකයා බලූ කොටුව විවෘත කරන්නට ගියේය.
කර කියාගත හැකි දෙයක් නොවූ සිසු-සිසුවියන් පාරට දිව ගියේ දඩ බල්ලන්ගෙන් බේරෙන්නටය.
මහ පාරේදීම කතිකාවක යෙදුණු සිසු පිරිස පන්ති භාර ගුරුවරයාට දන්වා වෙනත් මාතෘකාවක් තම ව්‍යාපෘතිය සඳහා තෝරා ගැනීමට තීරණය කිරීමත් සමග විදුබිමේ ඉතිහාසය ලියන කටයුත්ත ඇණ හිටියේය.



අදහස් (0)

පාසලේ පැටිකිරිය සොයන්න යද්දී විදුහල්පති සිසු පිරිස පන්නා දමලා

අකිල Thursday, 16 May 2013 07:49 PM

මම එම පාසලේ පන්ති බාර වුනා නම් එයාව ඉතුරු කරන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත්-SL Thursday, 16 May 2013 09:03 AM

හැම දේටම සුදුසු වෙලාවක් තියනවා. පියල් මහත්මයා ඔබට මමත් එකග වෙනවා.(නදී)

:       0       0

නලින් Friday, 17 May 2013 09:58 AM

විදුහල්පතිගේ පරණ කතා හෙලි වෙයි කියලා බය වෙන්න ඇති. (ස)

:       0       0

වික්‍රම Thursday, 16 May 2013 09:15 AM

බලු කොටුවේ බල්ලන් කී දෙනෙක් විතර ඉන්න ඇද්ද? (නි)

:       0       0

හසිත Thursday, 16 May 2013 09:24 AM

පාසලේ ඉතිහාසය මාතෘකාව වෙනස්කොට ඉතිහාසයේ විදුහල්පතිවරු ගැන ලියමු මල්ලි. (ස)

:       0       0

සමන් Thursday, 16 May 2013 10:23 AM

විදුහල්පතිතුමාගෙ ගාස්තුව හරියට ගෙවලා නැහැ. ඒකයි මේ කතාකරලා නැත්තෙ. දැන් කාලෙ ඉන්න රථවාහන පොලිසියයි, පාසල් වල ඉන්න විදුහල්පතුවරුයි දෙගොල්ලම එක වගෙයි. (නි)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 03:58 PM

පාසලේ පැටිකිරිය ලිවුවොත් විදුහල්පතිතුමාගේ පැටිකිරියත් ලියන්න වෙනවා නේද? හික් හික්... (නි)

:       0       0

චන්දි Thursday, 16 May 2013 10:30 AM

විදුහල්පති එහෙම කරන්න ඇත්තේ මොන හේතුවක් නිසා කියලද ඔයාලා හිතන්නේ? මම ඒ සිසුන්ට කියනවා උත්සාහය අත්හරින්න එපා ගේට්ටුව ලග රැදී ඉදලා හරි තොරතුරු හොයාගන්න කියලා. මොකක් හරි කපටි වැඩක් කරලා ඇති. ඒක නිසානේ මුහුණ දෙන්න බැරි (නි)

:       0       0

සමන් Monday, 20 May 2013 01:00 PM

කරුණාකර මෝඩ කතා දාන්න එපා. පියල්, ඔබ හරි.(ස)

:       0       0

ඩී.උපුල් Saturday, 18 May 2013 12:51 PM

විශ්‍රාම ගිහිල්ලත් අම්මපා නිදහසක් නැති හැටි.(ස)

:       0       0

සෑම් Monday, 20 May 2013 06:10 PM

මොකක්ද අනේ ඔය පැටිකිරිය කියන්නේ. (නි)

:       0       0

සමීර සල්මිය Friday, 17 May 2013 12:49 AM

විදුහල්පතිතුමාගේ පිළිතුර බල්ලාගේ මාර්ගයෙන් දෙන්න උත්සාහ කරලා වගේ. බල්ලා දෙන උත්තරය විදුහල්පතිතුමා දුන්නා නම් ....? (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 May 2013 04:35 PM

මේ විදුහල්පතිතුමා මානසිකව යහපත් තත්වයක නැහැ. සිසු සිසුවියන් එක්කත් මනාපයක් නැහැ. නමුත් එකල හිටපු හොඳ විදුහල්පති කෙනෙක්. (නදී)

:       0       0

පියල්-අබුඩාබි Thursday, 16 May 2013 03:16 AM

කරුණාකර මෝඩ කතා දන්නා එපා.(නදී)

:       0       0

කපිල Friday, 17 May 2013 07:37 AM

කරුණාකර මෝඩ කතා දාන්න එපා. පියල්, ඔබ හරි (නි)

:       0       0

විහග Thursday, 16 May 2013 05:17 AM

මහා පුදුම විදුහල්පති කෙනෙක් (නි)

:       0       0

වරුණ Thursday, 16 May 2013 07:36 AM

පිස්සු නෙත්තම් ෂෝක්... (නි)

:       0       0

සුජා Saturday, 18 May 2013 05:43 PM

අනේ මන්දා, මේ ලගකදී ඉදලා ''නිදහස් අද්‍යාපනේ ''තියෙන අපේ රටේ පාසල් වල අහන්න දකින්න තියෙන්නෙම මහා පුදුම දේවල්. මෙවැනි දේවල් රටේ ගුරු පරපුරටම හොද මදි. මේවා බලලා අපිත් අබුද්දස්ස කාලේ ලබුත් තිත්තළු නේ....අනේ කාලේ වනේ වාසේ කියලා කියනවා (නි)

:       0       0

යොහාන් Thursday, 16 May 2013 07:50 AM

විදුහල්පතිතුමෙක් කියන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

රුක්මල් Monday, 20 May 2013 10:15 PM

කොල්ලෝ ටික කතා කරන්න දන්නේ නැතුව ඇති. (නි)

:       0       0

කිත්සිරි Thursday, 16 May 2013 08:40 AM

එක විදුහල්පති කෙනෙකුගෙන් විස්තර නොලබුනහම, මුළු ව්‍යාපෘතියම අත හරින්න අවශ්‍ය නැති බව පන්ති භාර ගුරුවරයා කියලා දුන්නේ නැතිද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 877 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 977 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site