IMG-LOGO

හොරුන්ගෙන් බේරෙන්න ගැසූ ‘‘ගේම’’ කණපිට පෙරළිලා

(රජ්ගම විශේෂ - ධර්මදාස සිරිවර්ධන)
සොර සතුරන්ට ඇති බිය නිසා තම නිවෙස වසා දමා එක් රැයක් හෝ නිවෙසින් පිටත රැය පහන් කිරීමට අකමැති පුද්ගලයකු තම  සහෝදරයාගේ මරණය පිළිබඳ සැලවීමත් සමගම නිවෙස ආරක්ෂාවට අපූරු පිළියමක් යෝජනා කර සිටීමේ පුවතක් දකුණේ ගම් ප්‍රදේශයකින් වාර්තා වේ.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


ඔහු ඈත ප්‍රදේශයක සිට පැමිණ එම ගමෙන් විවාහයක් කරගෙන අමාරුවෙන් දියුණු වූ අයෙකි. 


මේ වන විට ඔහු මහන්සියෙන් උපයා ගත් ධනයෙන් දේපළ වතුපිටි මිලදී ගෙන මහා ධනස්කන්ධයක් හිමි ඉඩම් හිමි වැවිලිකරුවකු ලෙස ප්‍රකටය. විශාල ධනයකට උරුමකම් කීවත් ඔහු හිතවතුන් හෝ අහල පහළ කිසිවකු සමග හෝ සබඳතාවක් නොපැවැත්විය. එයට හේතුවූයේ ඔවුන් ඔහුගෙන්  යමක් ඉල්ලා සිටියහොත් දිය යුතු වන බැවිනි.


 ඔහුගේ බිරිය ද එවැනිම ලෝබ තැනැත්තියක වූ අතර ඇය නිතරම පවසන්නේ තමාගේ නුවණ හා උපදෙස්  නිසාම තම සැමියා දියුණුවෙන් දියුණුවට පත් වූ බවයි.


එමෙන්ම ඕනෑම සිද්ධියකදී ඔහුට ගුරු හරුකම් ලබා දෙන්නේ ද ඇයය.


පසුගිය දිනවල කොරෝනා හේතුවෙන් අහල පහළ නිවෙස් කිහිපයකට රාත්‍රී කාලයේ පැමිණි සොරුන් ඒවායේ තිබූ බඩුමුට්ටු රැගෙන ගොස් තිබූ බැවින් ඔහු නිදිවර්ජිතව රැය පහන් කළ අවස්ථා ද නොතිබුණාම නොවේ. 


මෙසේ තිබිය දී ඈත දේශයක ජීවත් වූ තම එකම සොහොයුරා මියගිය පුවත දැන ගැනීමෙන් මහත් කම්පාවට පත් විය. වහාම එහි යා යුතු වුවද නිවෙස වසා දමා දින කිහිපයක් නිවසින් බැහැරව ගත කිරීම ඔහුට මහත් ගැටලුවක් විය.


 මේ පිළිබඳ ඔහු පළමුවෙන්ම තම බිරියගෙන් කළ යුත්තේ කුමක් දැයි විමසුවේ හොඳ උපදෙසක් බලාපොරොත්තුවෙනි. ඇයද දස අතේ කල්පනා කර පැවැසුවේ මේ දිනවල නිරෝධානය වන නිවෙස්වලට කිසිවකු නොපැමිණෙන බැවින් තම නිවෙස නිරෝධායනය වන බවට දැන්වීමක් ගේට්ටුවේ අලවා යාම නුවණට හුරු  බවයි.


එය හොඳ උපක්‍රමයක් බව සිතූ ඔහු දෙවරක් නොසිතා තමා තරමක් හඳුනන මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාගේ නිවෙසට ගොස් සිද්ධිය පිළිබඳ පවසා තම නිවෙස නිරෝධායනය වන නිවෙසක් බවට ගේට්ටුවේ දැන්වීමක් අලවා යාමට අදහස් කළ බවත් එම දැන්වීම ලබා දෙන ලෙසත් බැගෑපත්ව ඉල්ලා සිටියේය. 


ඒ ඇසූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සිනහව නතර කරගෙන මෙය බරපතළ කටයුත්තක් බවත් නිරෝධායනය නොවන පවුලක් නිරෝධායනය කිරීම බරපතළ වරදක් බවත් කියා සිටියේය. එවැනි දැන්වීම් ලබා දෙන්නේ පරීක්ෂණයක් සිදුකර පොසිටිව් පුද්ගලයන් සිටින පවුල්වලට පමණක් බවත් පැහැදිලි කර දුන් විට ලජ්ජාවට පත් ඔහු මේ ගැන කිසිවකුට නොපවසන ලෙස ඉල්ලීමක්ද කර නිවෙසට පැමිණියේ මෙවර තම බිරිඳගේ නුවණද වැරදුණු බව සිතමිනි.  


මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා තම හිතවතුන් සමග මේ සිදුවීම පවසා වින්දනයක් ලැබූ අතර ගමේ සමහරුන්ගේ කනටද මේ සිද්ධිය සැලවූ බැවින්  නිවෙස වසා යාමට තවත් බිය වූ ඔහු  භූමදානය දින උදේ කාලයේ ගොස් සහෝදරයාගේ මළගමට සහභාගි වී එදිනම ආපසු නිවෙසට පැමිණීමට තීරණය කළේය.


මේ ගැන දැනගත් ඇතැමුන් ඔහු හමු වූ අවස්ථාවල සමච්චලයට මෙන් නිවෙස නිරෝධායන කළා දැයි විමසන විට කවුද ඔය බොරු කතාව කීවේ යි විමසමින් හිමින් සීරුවේ මාරු වෙනවාලු‍.

 



අදහස් (0)

හොරුන්ගෙන් බේරෙන්න ගැසූ ‘‘ගේම’’ කණපිට පෙරළිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site