IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සැමියාගේ බලු වැඩේට ‘බ්රිඳගෙන් අච්චුවක්’

(හසලක වාර්තාකරු)
බල්ලන් සුරකින ආයතනයකට රැගෙන යන බව කියා බිරියගෙන් රවටා මුදල් ගෙන බලුපැටවුන් සිව්දෙනෙකු ආගමික ස්ථානයක් අසලට ගෙනගොස් දැමූ සැමියකුට කළ වංචාව හෙළිවීමෙන් පසු දින තුනක් නිවස තහනම් ප්‍රදේශයක් කළ සිදුවීමක් මහනුවරට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


ඔවුන්ගේ නිවස අසල අතහැර දැමූ ගොඩනැගිල්ලක අයාලේ ගිය සුනඛ දෙනක් පැටවුන් සිව් දෙනෙකු බිහිකර තිබිණි. මේ නිවසේ පදිංචිව සිටි කුඩා දරුවන් දෙදෙනා සහ ගෘහණිය මේ කුඩා පැටවුන් දැක එම සතුන්ට හා මවට ආහාරපානාදියෙන් සංග්‍රහ කළ අතර දින සති මාස ගෙවී ගියෙන් පැටවුන් සිව්දෙනා මේ නිවසේ සුරතල්ලු බවට පත් වූහ. 


තැන තැන දුවපැන ඇවිදින පැටවුන් අවට නිවෙස්වලට සහ අසල් වැසියන්ගේ ගෙවතුවලට ද යෑමට ඒමට පුරුදු වූහ. ගෙවතුවලට යන සතුන් එම ගෙවතු අපවිත්‍ර කිරීමට පටන්ගත් හෙයින් ගෙවතුවලට එන සතුන් පලවා හැරීමටත්, සතුන්ට ආහාරපාන සපයන නිවැසියන්ටත් අසල්වැසියෝ දෝෂාරෝපණය කරන්නට පටන් ගත්හ. 


මෙය නිවැසියන්ට මහත් ගැටලුවක් විය. ඒ නිසා ගෘහමූලිකයා සහ නිවැසි කාන්තාව සාකච්ඡා කර ගත්තේ මේ සතුන් ඈත පළාතකට ගෙනගොස් දැමීම සුදුසු බවය. 


දිනක් සවස ගෘහමූලිකයා හිස් කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙනවිත් පැටවුන් සිව්දෙනා තුළට දමා බිරිඳට පැවසුවේ අසවල් පළාතේ බලු පැටවුන් ඇති කරන ස්ථානයක් තිබෙනවා එහාට මේ සතුන් ගිහින් දාන්න පුළුවන්. හැබැයි හතරදෙනාට රුපියල් 2000/-ක් අය කරනවා. ඒ නිසා ඒ මුදල තමන්ට දෙන ලෙසය.


කෙසේ හෝ මේ කරදරයෙන් මිදීමට ඉටාගත් ඇය ඔහුට ඉල්ලූ මුදල දුන්පසු   ත්‍රිරෝද රථයක් ගෙන්වා ගෙන සතුන් සිව්දෙනා රැගෙන ගොස් දමා රාත්‍රි කාලයේ ඔහු නිවසට පැමිණියේ වෙරි මරගාතේය. ගත වුණේ දින තුනකි. මෙදින උදේ නිවැසි කාන්තාව කිසියම් අවශ්‍යතාවකට මිදුලට ගිය විට නිවසේ පිටුපසින් බලු පැටවුන් කෑ ගසන හඬක් ඇසී එහි ගොස් බලන විට සැමියා බලු පැටවුන් රැගෙන ගිය පෙට්ටිය දර මඩුව අසල තිබෙන බව දැක ගත හැකි විය.  ඒ තුළින් බලු පැටවුන්ගේ හඬ එන බව ඇසී පෙට්ටිය අසලට ගොස් පෙට්ටියේ පියන ඇර බැලූ පසු ඇයට දැක ගැනීමට හැකි වූයේ ඒ සැමියා රැගෙන ගිය බලු පැටවුන් සිව්දෙනා බවය.


එම පෙට්ටියේ පියන විවෘත කරන විටදී ඇයට ලොකු අකුරින් යමක් ලියූ ලිපියක් දැක ගැනීමටත් ලැබිණි. එහි තිබූ වචන කියවා බැලූවිට එහි සඳහන් වූයේ “ඔබ රැගෙන ආ තෑග්ග ආපසු ඔබටම භාරදෙමි. මෙම ආයතනය බල්ලන් රැක බලා ගන්නා ආයතනයක් නොව ජනතාවට ආගමික කටයුතු කරන ස්ථානයකි. කෙසේ වෙතත් මේ සතුන් නාවා කවාපොවා ඇත. මෙහි බල්ලන් ඇතිදැඩි කරන ස්ථානයක් බවට පත්වූ පසු එවැනි සතුන් රැගෙන ඒමට ඔබට අපි ආරාධනා කරන්නෙමු.”යන්නය. නිවැසි කාන්තාවට උන්හිටි තැන් අමතක විය. මේ මිනිහා මහා කපටිය. බල්ලන් ඇති කරන ආයතනයට දෙන්න කියා මගෙන් සල්ලිත් ඉල්ලා ගෙන ගියා. ගිහින්දාලා තියෙන්නේ පන්සලකට. අද සවස ගෙදර ආදෙන්කෝ. හොඳ වැඩක් කරන්නම් යැයි තමන්ටම කියාගෙන නිවසේ තිබූ ආහාරපානාදියෙන් සතුන්ට සංග්‍රහ කිරීමටද ඇය කාරුණික වූවාය.


සවස සැමියා නිවසට එනවිට ඔහුගේ ඇඳුම් පැලඳුම් දර මඩුවේ තිබෙන බවත් නිවසේ ඉදිරි දොර වසා ඉබි යතුරු දමා ඇති බවත් දැක ගැනීමට ඔහුට හැකි විය. 


දොරේ අලවා තිබූ ලිපියේ සඳහන්ව තිබුණේ තමුන් මගෙන් සල්ලි අරගෙන ගිහින් දාපු දෑවැද්ද අන්න නැවත දර මඩුවට ගෙනත් දාලා තියෙනවා. අපි අපේ අම්මලාගේ ගෙදර යනවා. අපි එනකම් ඔහේ ඔහේගේ අම්මලාගේ ගෙදර ගිහින් ඉන්නවා. තමුසෙ කරපු කපටි බලු වැඩේට මේක දඬුවමක් යනුවෙනි. මේ දඬුවම ඔහුට දින තුනක කාලයක් අත්විඳීමට සිදුවූ බව ගමේ කඩපිලේ කතාබහට ලක්වූ මාතෘකාවේ දී කියැවිණි.



අදහස් (0)

සැමියාගේ බලු වැඩේට ‘බ්රිඳගෙන් අච්චුවක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 162 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site