IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා


  මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලව ආරච්චි 


සුහද හමුවට සහභාගි වූ ඇතැමකුට රෑ බෝවීමට පෙරාතුව නිවසට යාමට සූදානම් වුවත් සංවිධායකයන්ගෙන් ඊට ඉඩ ලැබුණේ නැත. තමන් හා එක්ව සතුටුවී රාත්‍රි ආහාරයද ගෙන යන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්විය.

ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකිවූ නිසාද මෙහි කතා නායකයාද ඊට එක්වූයේය. මධු විතෙන් සප්පායම් වෙමින් හමුව උච්චතම අවස්ථාවට පත්වූයේ පැදුරු පාටිය නැග යද්දීය. අන්තිම බෝතලය කැඩිණි. ඒ සමගම සංසදයේ සාමාජිකයකු අපේ කතානායකයාගේ කනට කොඳුරා කීවේ මධුවිත පානය සඳහා ගිය වියදම සඳහා එක් අයකුගෙන් රුපියල් දෙදහස බැගින් අය කරන බවයි.

එය ඇසූවාම සූර් හිඳී ඔහු තුෂ්නිම්භූතවිය. අතේ සතේ නැත. ගෙදර තිබුණු මුදලක් ගෙන ආවේද නැත. මම ආරාධනයට එක්වුණා මිස වෙන කිසිවක් කළ නොහැකි බව ඔහු කීවේය. සිටි තැනින් නැගිට්ටේය. ආරාධනය කළ සංවිධායකයාට දෙකක් කියා නිවස බලා පිය නැගීය.

ඔහු සගයන් සමග පසුව පැවසුවේ මින් ඉදිරියට සුහද හමුවක් සඳහා යන කිසි තැනකින් වතුර උගුරක්වත් නොබී එන්නට තමන් ඉටාගත් බවය.



අදහස් (0)

සාදයේ සල්ලි ඉල්ලුවාම ඩෝප් හිඳිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site