මෙය බලංගොඩ ප්‍රදේශයේ සිදුවූ අපුරු සිදුවීමකි... ඔහු දන්න දේකුත් නොමැත නොදන්න දේකුත් නොමැත. ගමේ හැමෝම ඔහුට කියන්නේ ජෝන් බාස් කියා ය.
දිනක් නිවෙසක වැසිකිළියක් තනා ගැනීමට අවශ්‍ය බව අසල් වැසියකු ජෝන් බාස්ට කීවේය. අවශ්‍ය ආම්පන්න ලෑස්ති කරගෙන පසුදා ජෝන් බාස් අදාළ නිවසට පැමිණියේ ය. දහවල් තේ බොන වේලාව වන විට අත්තිවාරම දමා අවසන් කෙරිණි.
තේ පානයෙන් පසුව බිත්ති බැඳීම ආරම්භ කළේය. ජෝන් බාස් වැසිකිළියේ ඇතුළත කොටසේ සිට සිමෙන්ති බ්ලොක් ගල් බැඳීම ආරම්භ කළ අතර ගෝලයා අත් වැඩ දුන්නේය.
නිවෙස් හිමියා කිසියම් වැඩකට නිවසින් පිටව ගියේය. දහවල් වනවිට ඔහු පැමිණි අතර එහෙනම් බාසුන්නැහේ බත් ටිකක් කමු ඔහු ජෝන් බාස්ට ආරාධනා කළේය.
දෙවියෝ සාක්කි බාසුන්නැහැ බිත්ති හතරම බැඳලා නේද ? කෝ උළුවහුව තියලා නැහැනේ.. කතාවට හපන් ජෝන් බාස් කතාව පිටම බිත්ති හතරම බැඳ තිබිණි.
මොනවා කරන්නද එක බිත්තියක් කඩලා එළියට එමු අසල් වැසියා කීවේය. එහෙම නැති වුණත් අද දවල්ට කෑම කන්න වෙන්නේ නැහැ.. පොඩි වැරදීමක් වුණා ජෝන් බාස් කීවේය.
බලංගොඩ වයි.ඒ.එස්. වීරවංශ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd