මිතුරා අමාරුවේ දමා ඔහු ඇඳටම වැට්ටවූ මිතුරෙකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
දෙන්නා සෙට් වන්නේ එකටය. එදා ඔහු මිතුරා සෙට් කර ගත්තේ වැඩක් හිතේ තියාගෙනය. දෙන්නටම දැන් වැඩිය. ඔහු මිතුරා සිය මෝටර් රථයේ දමාගෙන ගියේ ඒ වැඩේ කරන්නටය. ඒ තමාට පාට් එක දැමූ අයකුට ඔහු ලවා තළවන්නය. මේ මිතුරා අඩි පුඩි මෙන්ම පොල් අඩි ද පුරුදු ය. පුහුණුය.
දැන් දෙන්නාම අදාළ නිවස ඉදිරිපිටය. හතුරාට ඔහු අඬ ගෑවේය. ඔහු සූදානම් වන්නේ හතුරාට මේ මිතුරා ලව්වා තඩි බෑමටය. ඒත් ඔහුට හොඳටම වෙරිය. හතුරා ඔවුන් ඉදිරියටම ආවේය. ඔහුට වැඩේ තේරුණේය. හතුරා ඔවුන් දෙදෙනා ඉදිරියේය.
ඔහුගේ මිතුරා හතුරාට තඩි බාන්න අත ඉස්සුවේය. හතුරා ඔහු තල්ලු කළේය. ඔහු වැටුණේ මාර්ගය අයිනේ තිබූ ලොකු කානුවටය. ඔහු කානුවට වැටෙනු දුටු මිතුරා සිය රථයේ නැගී පලා ගියේය. ඒ අසලින් ගිය ත්‍රීරෝද රථයකින් ගිය අයකු කාණුවේ වැටී සිටි කෙනාව අවට සිටියවුන්ගේ ද සහාය ඇතිව එයින් ගොඩට ගෙන රෝහල් ගත කළේය. රෝහලෙන් කීවේ ඔහුගේ සුසුම්නාව කැඩී ඇති බවය.
රෝහල් කිහිපයකට ගියත් ඔහු සුව කර ගැනීමට බැරිවිය. අවසානයේදී ඔහු නිවසට එක්කර ගෙන ඒමට නිවැසියන්ට සිදුවිය. දැන් ඔහු නිවසේ ඇද උඩය. සිහියක් සන්නයක් නොමැතිය. ඒත් ඔහුව එදා හතුරාට ගහන්න එක්ක ගෙන ගිය මිතුරා බලන්න තවමත් ගොස් නැතිලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 නොවැම්බර් මස 17
59
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2522
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මිතුරාගේ ඇම කා රෝහලේ තපින්න වෙලා