IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක්

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
මහ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ යැයි මත්ද්‍රව්‍ය පානය කර ඇඳක වැටී සිටි වැඩිමහල් පිරිමි දරුවාට තදින්ම මත්පැන් පානය කරන ලද අපූරු පියකු දුන්න ඔවදනක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ 63 හැවිරිදි සිව් දරු පියෙකු බිරිඳ හා බාල අවිවාහක 23 හැවිරිදි පිරිමි දරුවා සමග පදිංචිව සිටියි. මෙම සිව් දරු පියාගේ වැඩිමහල් ගැහැනු දරුවන් තිදෙනාම විවාහ වී දුර බැහැර පළාත්වල පදිංචිව සිටින අතර ගැහැනු දරුවෝ මාස කිහිපයකට වරක් මවුපියන් බැලීමට නිවසට පැමිණෙති.
කුලී වැඩ කරන සිව් දරු පියා අවුරුදු ගණනාවක සිට හැන්දෑවට මත්පැන් පානය කර නිවසට පැමිණෙයි. ඇතැම් දවස්වලට බිරිඳ උයා පිහා තිබුණු කෑම හොඳ මදි යැයි පවසා සිව් දරු පියා ගැටුම් ඇති කරගෙන තිබුණු අවස්ථාව ද එමටය. මවට පහර දෙන අවස්ථාවේ දී පිරිමි දරුවා ඊට මැදිහත් වී ඇය කිහිප අවස්ථා ගණනාවක දීම බේරා ගෙන ඇත.


මෙම මවුපිය යුවළගේ 23 හැවිරිදි පිරිමි දරුවා මෑතක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති තරුණයෙකි. මවුපියන්ගේ මුදල් ගෙදර බඩු මුට්ටු උස්සාගෙන ගොස් උකස් කර මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති තරුණයා දින කිහිපයකට ඉහතදී මත්ද්‍රව්‍ය පානය කර කල්තියා නිවසට පැමිණ කාමරයේ ඇඳේ තද නින්දට වැටී තිබේ. 
පියා ද හැන්දෑවේ මත්පැන් පානය කර පැමිණ බිරිඳ ගෙන් කොල්ලා තාම ආවේ නැද්දැයි විමසා ඇත. එහිදී කොල්ලා අද කල්තියා ඇවිල්ලා කාලා නිදි යැයි බිරිඳ පැවසුවාය.
පසුව සිව් දරු පියා පුතා නිදාගෙන සිටියා යැයි කියන ඇඳ අසලට ගොස් පිරිමි දරුවා ඇහැරවා ‘‘පුතේ කක්කුට්ටා ඇදට ගියාට කමක් නෑ පැටවු කෙළින් යන්න ඕනෑ’’ යැයි එහාට මෙහාට වැනි වැනී පියා පවසා තිබේ. ‘‘මහ එකා යන විදිහට තමයි පැටවු යන්නේ ඒක අහන්න දෙයක් යැයි’’ බිරිඳ සිව් දරු පියාට කීය. ‘‘ඒකත් ඇත්ත තමා මගේ කොල්ලා මම වගේ නැතිව වෙන කවුරු වගේ ඉන්න දැයි’’ බිරිඳගේ කීම සත්‍ය බව සිව් දරු පියා වටහාගෙන ඇති බව ආරංචිය.



අදහස් (0)

බීපු තාත්තාගෙන් ලොකු පුතාට අපූරු උපදෙසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 162 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 233 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site