IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා


කරාපිටිය – ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා 



හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.
දිනක් තම පාසල් මිතුරකුගේ දියණියගේ විවාහ මංගල්‍යයට ආරාධනා කිරීම සඳහා පැරැණි මිතුරා නිවෙසට පැමිණියේය. මෙහිදී මෙම පවුල් දෙක අතර තිබෙන සම්බන්ධය උඩ තම මිතුරා විසින් තම භාර්යාවට ද ආරාධනා කිරීම ගැන සතුටට පත් මෙම කතානායකයා, ආගිය තොරතුරු විමසා මිතුරා හට සංග්‍රහයක් ද කර ඔහු ඇරලවන්නට ද පියවර ගත්තේය.
මෙම විවාහයට පෙර සූදානමක් ලෙස ආරාධනයෙන් දින කිහිපයකට පසු තම බිරිය කැටුව ගොස් මඟු‍ලට සරිලන ඇඳුම් පැලඳුම් ද මිලයට ගැනීමට හෙතෙම කටයුතු කළේ ජැන්ඩියට හැඳ පැලඳ තම මිතුරාගේ දියණියගේ විවාහයට යා යුතු බව සිතමිනි.
මංගල දිනයට තව ඇත්තේ දින දෙකකි. කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ බිරිය මේ වන විට අසනීප වූවාය. මේ ගැන අසතුටෙන් පසු වූ හෙතෙම තනියෙන්ම මෙම මංගල උළෙල සඳහා යාමට පිටත් වූයේ බිරිය අසනීප වීම හේතුවෙනි.


මංගල උත්සවය පැවැත්වෙන හෝටලයට කලින්ම පාහේ මෙම කතානායකයා ළඟා වී තිබූ අතර, තම මිතුරා ඔහු සාදරයෙන් පිළිගත්තේය. දැන් චාරිත්‍ර අවසන් වීමෙන් පසුව තම මිතුරා මෙකී පුද්ගලයාට දිවා භෝජනයට පෙර මධුවිත සප්පායම් වීම සඳහා ආරාධනා කළේය. පසුව පාසල් මිතුරන් තවත් කිහිප දෙනකුටම මෙම මංගල උත්සවයට ආරාධනා ලැබ තිබීම හේතුවෙන් ඔවුන් සමඟ හෝටලයේ මධුවිත සප්පායම් වීම සඳහා සූදානම් කර තිබූ ස්ථානයට ගොස් ඒ සඳහා සූදානම් විය.
දැන් පැය එක හමාරක් දෙකක් ගත විය. සියලු‍ දෙනාටම දැන් බඹර පදම්ය. දිවා භෝජනය සඳහා මොවුන්ට ඇරැයුම් ලැබිණි. මේ වන විට අනෙක් බොහෝ දෙනෙක් තම දිවා ආහාරය ගෙන පසුව සංගීත රසය විඳමින් සිටියෝය.
පදමට සූර් වී සිටි අපේ කතානායකයා දිවා ආහාරය ගැනීමෙන් පසුව සංගීත රසාස්වාදය ද ලබාගෙන නිවෙසට යාම සඳහා සමුගැනීමේ අරමුණින් මනාල යුවළ වෙත පියනැග්ගේ තම මුදල් ත්‍යාගය ලබා දෙනු පිණිසය. පසුව එම ත්‍යාගය මනාල යුවළට ලබා දී ඔවුන්ගෙන් සමුගෙන නිවෙස බලා පිටත් වූයේ බඹර පදමට සූර් වී සිටි අතරතුරදීය.
කෙසේ හෝ මෙම පුද්ගලයා නිවෙසට පැමිණියේය. පසුව තම පුත්‍රයා මෙම කතානායකයා වෙත පැමිණ පසු දින ටියුෂන් පන්තියට ලබා දීම සඳහා මුදල් ඉල්ලා සිටියේය. එවිට මෙම පුද්ගලයා තම පුතුට මුදල් ලබා දීම සඳහා කලින් දින ලබාගත් පඩි පැකට්ටුව අතට ගැනීමට සිතා එය පිරික්සා බැලීය. එවිට මෙම පුද්ගලයාට කරුණු වැටහී ගියේ ඒ වන විට වෙරි හිඳී ගොස් තිබුණු හෙයිනි.
මේ අවස්ථාවේදී ඔහුට සිහි වූයේ වෙරි මරගාතේ සිටි තමා, තම මිතුරාගේ දියණියට ත්‍යාගය ලෙස ලබා දී තිබුණේ තම වැටුපම දමා තිබූ මුදල් කවරය බවයි. මේ බව දැනගත් හෙතෙමට දෙවියන් සිහි විය. කෙසේ වෙතත්, දැන් කරන්නට කිසිවක් නොමැති බව තේරුම්ගත් මෙම කතානායකයාට පුතුගේ ටියුෂන් පන්තියට අවශ්‍ය මුදල් ලබා දීම සඳහා නගරයේ ඒටීඑම් යන්ත්‍රය වෙත ගියේ මේ බව තම බිරිය දැනගතහොත් ලු‍ණු ඇඹුල් ඇතිව තමන්ට අහගන්නට වන බව සිතමිනි. 

 



අදහස් (2)

බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා

himal Wednesday, 12 March 2025 10:11 AM

දැන් කාලේ පුද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරන කෙනෙකුට පරණ විදිහට ලියුම් කවරයක දාලා මාසික වැ‍ටුප කාසි හා නෝට්‍ටු වලින් දෙනවා කියන එක විශ්වාස කරන්නද කියන්නේ?

:       0       16

Pradeep Kumara Wednesday, 12 March 2025 10:55 AM

මේක මේ කොයි කාලෙ සිදුවුන සිදු වීමක්ද? 70 දශකයේ, 80 දශකයේ??

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site