IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුතුගේ විභාග උගුලේ අම්මා තාත්තා දෙන්නම අහුවෙලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත) 
පුතුගේ උපක්‍රමයට රැවටී මෙවර උසස් පෙළ විභාගයෙන් සරසවි වරම් අනිවාර්යයෙන්ම ලැබේ යයි උපකල්පනය කර රුපියල් ලක්ෂයකට වැඩි වටිනාකමින් යුත් ජංගම දුරකථනයක් මිලදී ගෙන දුන් මවුපියනට විභාග ප්‍රතිඵල ලැබීමෙන් පසු දෙලොව රත් වූ පුවතක් දකුණේ නගරයකින් වාර්තා වේ. 


ඔවුහු ධන කුවේරයෝය. ව්‍යාපාර කිහිපයකම හිමිකරුවෝය. වැඩිමහල් දියණියන් දෙදෙනා විශ්වවිද්‍යාලයට යැවීමට මේ දෙමාපියෝ ඇති තරම් ධනය වැය කළෝය. සියලුම ගුරුවරුන් නිවසටම ගෙන්වා ඔවුන් දෙදෙනාටම ඉගැන්වූහ. ඒ ප්‍රතිඵල සියල්ලම ගඟට කැපූ ඉනිමෙනි. 


ඔවුන්ගේ අවසාන ඉලක්කය වී තිබුණේ බාල පුතාය. ඔවුන්ගේ ලොකු විශ්වාසයක් තිබුණේ දියණියන් දෙදෙනාට බැරි වූ කාර්යය සිය බාල පුතු කරදේය යන්නය. ඒ ඔහු ඉගෙනීමට තරමක දැක්වූ දක්ෂතාව මතය. මේ නිසාම මවුපියෝ පුතාට සරසවි වරම් ලබා ගැනීමට හැකි සෑම වටපිටාවක්ම නිර්මාණය කළෝය. මෙවර විභාගයේ දී සරසවි වරම් ලැබුව හොත් ඔහු ආශා කරන ජංගම දුරකථනය ලබා දෙනුයේ යයි මවුපියන් කීවේ ඒ සඳහා පුතාට උත්තේජනයක් ලෙසය. 


මෙවර විභාගය ලියූ විෂයන් තුනේම කෙටි ප්‍රශ්න පනහෙන් ප්‍රශ්න හතළිස් හතක්, හතළිස් හයක් හා හතළිස් පහක් නිවැරදිව ලකුණු කළ බව මාපියන්ට පුතා පෙන්නුවේය. ගුරුවරුන් ලවා පරීක්ෂා කර බැලීමේදී ඔහු එම ප්‍රශ්න පත්‍රයට අනුව ලැබූ ලකුණු ප්‍රමාණය අනුව පුතා විශ්වවිද්‍යාලයට යාම අනිවාර්ය බව එම ප්‍රශ්න පත්‍ර නිරීක්ෂණයට කළ ගුරුවරු කීය. එයින් උද්ධාමයට පත් මේ මවුපියන් තමන්ගේ පොරොන්දුව විභාග ප්‍රතිඵල ඒමටත් කලින් ඉටුකර දුන්නේ පුතාගේ ඉල්ලීම පරිදි නිවාඩු කාලයේ ඔහු ආශා කරන ජංගම දුරකථනය පරිහරණය කිරීමට ඉඩ සලසා දීමටය. 


විභාග ප්‍රතිඵල නිකුත් විය. ඔහු සරසවි යාමට තියා ඒ අසලටවත් යාමට නොහැකිව විභාගය සමත් වූයේ යාන්තමටය. මේ විභාගයේදී පුතා කර තිබුණේ පාසලේ දක්ෂතම සිසුවා කෙටි ප්‍රශ්න පත්‍රයට සටහන් කර තිබූ සටහන් ඔහු ද සිය කෙටි ප්‍රශ්න පත්‍රවල සටහන් කර මවුපියන්ට පෙන්වීමය. ඒ තමා ආශා කරන ජංගම දුරකථනය මවුපියන්ගෙන් ලබා ගැනීමටය. කෙසේ වෙතත් මවුපියන් සතුටු වූයේ ඔහු විභාගයට සමත්ව තිබීම නිසා සිය ධන බලය යොදා විදෙස් රටකට යවා සිය පුතුට සරසවි වරම් ලබා දීමට ඇති හැකියාව ගැන සිතමිනි. 



අදහස් (0)

පුතුගේ විභාග උගුලේ අම්මා තාත්තා දෙන්නම අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site