IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පොතක හැංගූ පන්දහසේ කොළ බෝතල් පත්තර කඩයෙන් මතුවෙලා

 කරන්දෙණිය එම්. සුසිල් පියන්ත


අබලි ද්‍රව්‍ය එකතු කරන්නාගේ අතට ආ වාසනාව සාක්කුවට දාගන්න නොදුන් අයකු පිළිබඳව අලු‍ත් කතාවක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
හේ කෙටි නිවාඩුවක් දා නිවසට පැමිණියේ ඇඟේ පතේ අමාරුවටය. එසේ පැමිණි ඔහුට දරුවන් භාවිතයෙන් ඉවත් කොට කාමරයක ගොඩ ගසා තිබූ අභ්‍යාස පොත් තොගය දකින්නට නොලැබිණ. ඒ සමගම ඔහුට තුන් මුහුණින් දාඩිය දාන්න පටන් ගත්තේය. ඇඟේ පතේ වේදනාව තවත් වැඩි වූවේය.
 ඔහු එකත් එකටම සිතුවේ භාර්යාව මේ පොත් තොගය ගිනි රකුසාට භාර දෙන්නට ඇතැයි කියාය. ඒ ඇයගේ නුවණ හැදිමිටේ ඇති බව දන්නා නිසාය. කෝකටත් ඒ පිළිබඳව ඔහු ඇයගෙන් විමසුවේය. කෝ කාමරේ ගොඩ ගසා තිබූ පොත් තොගය’ යයි ඔහු භාර්යාවගෙන් ඇසුවේ ගැහෙන හදවතින් යුතුවය. මොකටද මේවා ගොඩ ගහගෙන ඉන්නේ කියලා ඔන්න ඔහේ මම අබලි ද්‍රව්‍ය එකතු කරන කෙනෙකුට දීලා සල්ලි ගත්තා යයි ඇය කීවාය. ‘ඉතිං මොකක්ද ප්‍රශ්නය’ යයි ඇය ඇසුවේ නිකමට මෙන්ය.


 ‘මම ඒ පොත් ගොඩේ එක පොතක රුපියල් පන්දහසේ කොළ ගහලා තිබුණා. ඒකයි ඇහැව්වේ’ යයි ඔහු පිළිතුරු දුන්නේය. කොහේ කෙනෙකුට ද ඒවා දුන්නේ, යයි ඔහු යළිත් භාර්යාවගෙන් ඇසුවේය. අල්ලපු නගරයෙන් එන අයෙකුට තමයි දුන්නේ. ඉදහිටලා ඒ මනුස්සයා මේ ගමට එනවා. මම හිතන්නේ ටවුමේ තියෙන්නේ ඒ ගොල්ලන් එකතු කරන දේවල් යයි භාර්යාව කීවාය.
ඒ සැනින් ඔහු අබලි ද්‍රව්‍ය එකතු කළ තැනැත්තාගේ ආයතනයට ගියේය. අපේ ගෙදරින් අභ්‍යාස පොත් තොගයක් ගෙනත් තියෙනවා. ඒ පොත් තොගයේ එක පොතක මගේ වටිනා කියන සහතික ටිකක් ඇති. ඒක බලන්නයි ආවේ යයි කීවේය. ඔහුගේ හොඳ වෙලාවට ඔහුගේ නිවසින් අභ්‍යාස පොත් තොගය රැගෙන ආ සේවකයා ද සිටියේය. අන්න මහත්තයා අතන ඇති මිටි බැඳපු ගමන්ම. යන්නකෝ මම පෙන්වන්නම්, යයි සේවකයා වැඩි දුරටත් කීවේය.
සේවකයා අනුගමනය කරමින් ඔහු ඔහුගේ පිටුපසින් ගියේය. එහි ගිය ඔහු තමාගේ නිවසින් ගෙන ආ අභ්‍යාස පොත් තොගය හඳුනා ගත්තේය. බැඳ තිබූ අභ්‍යාස පොත් තොගය ලිහූ ඔහු තමාට අවශ්‍ය කරන අභ්‍යාස පොත රැගෙන පිටු පෙරළුවේ සේවකයා ඉදිරිපිටදීමය. එහි ලියුම් කවරයක දා තිබුණු පන්දහසේ කොළ විස්ස දුටු ඔහුට ඇති වූ නිම්හිම් සතුටට සමගාමීව සේවකයාගේ සිත දුකින් පිරී ගියේලු‍.



අදහස් (0)

පොතක හැංගූ පන්දහසේ කොළ බෝතල් පත්තර කඩයෙන් මතුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site