IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි

මොරගොල්ලාගම සිසිර කැලේගම


අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.
සැමියා හා බිරිය පමණක් වෙසෙන නිවසකි. යුවළට දාව දරුවන් ඇතත් ඔවුහු විවාහ වී සිටිති. ඉන් දරුවන් දෙදෙනෙකු පිට පළාත්වලය. එක් දියණියක මුල් නිවසට යාබදව වෙනම පදිංචිව වාසය කරනවාය. මවුපියන්ගේ දුක සැප නිරතුරුවම ඔවුහු සොයා බැලු‍හ.
එම දියණියගේ නිවසේ සිදුකළ යුතු ශාන්ති කර්මයකි. නමුත් එහි ඉඩ පහසුකම් නැත. ඒ නිසා එය සිදුකරන්නට මුල් නිවසට ඔවුහු පැමිණියහ. අම්මා ඊට නොමසුරු සහයෝගය දුන්නාය. පියාගෙන් එවැනිම කැමැත්තක් දක්නට ලැබුණේ නැත. කෙසේ හෝ සවස් යාමයේ සිටම ශාන්ති කර්මය කිරීමට අවැසි කණ්ඩායම එම නිවසට පැමිණ සිටිති.


නිවසේ බඩු මුට්ටු සියල්ලම අස්පස් කර කාමර හිස් කළේය. ඒ නිවසේ කාමරයක් පාසා කාමරයක් පාසා වස් දොස් යාමට දුම්මල ගැසීමේ පහසුව සඳහාය.
ඒ අනුව නිවසේ තිබු බොහොමයක් බඩු ගබඩා කාමරයට ගොඩ ගැසිනි.
ශාන්ති කර්මය සවස සිටම සිදු වී පසුදා අලු‍යම් කාලයේදි අවසන් කෙරුණි. නිවසේ සියලු‍ දෙනාටම දෙහි කැපීමේ වාරය උදාවිය.
මුල් නිවසේ මවට දෙහි කපා පියාට අඬ ගැසුවත් ඔහු නිවසේ හතර මායිමක පෙනෙන්නට නැත.
“සාත්තුවට අකමැති නිසා ඔහු ගෙදරින් ගොස්ය.“එකෙකු පවසන්නට විය. තවත් අය කීවේ “සියදිවි නසා ගන්නටවත් ඇති බවයි.“
ශාන්ති කර්මයේ අවසානයේ බිරිය විලාප දුන්නේ සැමියා නැති නිසාය. යාබද නිවසේ දුව පියා කොයි කියා කෑ ගසනවාය. ඇයගේ දරුවන් “අනේ සීයේ ඔයා කොහේද කියා’’ විලාප නැගුහ.
අවට නිවෙස්වල අය මෙන්ම ශාන්ති කර්මයට පැමිණි නඩයත්, එය දැක බලා ගැනීමට ආ පිරිස් ද එකතුව අලු‍යම දෙකේ සිට උදේ හය පමණ වන තෙක්ම අවට ළිංවලට රිටි දමා පරික්ෂා කෙරුවේ ශාන්තියට අකමැති නිසා ඔහු ළිඳට පැන සියදිවි නසාගෙන දැයි මතු වු සැකය මතය. 
අවට ලදු කැලෑ ගල් පර්වත මෙන්ම වෙල් යායවල් පවා පීරා සෙවුවත් ඔහුගේ හාන් කාන්සියක් නැත. මුලින් බැලු‍ ගබඩා කාමරය නැවත නැවතත් එබිකම් කර බැලු‍හ. එවිට එළි වී තිබු නිසා ගබඩාව ඇතුළත අලු‍යමට වඩා පැහැදිලිව දිස්වෙයි.
මෙම ශාන්තිකර්මයට අකැමැතිව සිටි මොහු පෙරදා රාත්‍රි අධික බීමතින් සිට කාමරයකින් ගලවා එහි තිබූ ඇඳයට නින්දගොස් සිටියදී ඇඳ යටින් මතුවුයේ විලාප දුන් බොහොමයක් සිනාසෙන අතරේය.

 



අදහස් (0)

දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site