කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත සහ උඩුගම රවී ලියනගේ
ස්ථාන මාරුවී ගිය විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් කරන්නට දෙවියන් දුන් උපකාරයෙන් අලි අමාරුවක වැටුණු දුෂ්කර ප්‍රදේශයක රෝහලක් ඉදිරිපිට වෙළඳසල් හිමියකු පිළිබඳ අපූරු කතාවක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
මේ රෝහලේ දුරකතන ක්‍රියාකාරිනියට හදිසියේම දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ මේ රෝහලේ සේවය කොට ස්ථාන මාරු ලැබූ විශේෂඥ වෛද්‍යවරයකුගෙන් යැයි කියූ අයකුගෙනි. ‘හානේ මේ අපේ සර්නේ. සර්ගේ කටහඬ අහන්නත් ආසයි. සර් මොකද මේ හදිස්සියේම ගත්තේ’ යයි ඇය ඇසුවාය.
‘මිස් මට පොඩි කරදරයක් වුණා. මගේ කාර් එක කැඩුණා. මම ටවුමේ ඉන්නේ. කාර් එක හදාගන්න බඩු වගයක් ගන්න තියෙනවා. ඒකට රුපියල් දසදහසක් අවශ්‍යයි. මට අද හවසම දෙන්න පුළුවන්’ යයි විශේෂඥ වෛද්‍යවරයා යයි කියූ තැනැත්තා දුරකතන ක්‍රියාකාරිනියට කීවේය.
‘අනේ සොරි සර් මේ වෙලාවේ මගේ ළඟ මුදල් නැහැ. මොකද කරන්නේ’ යැයි ඇය දුක්වූවාය. ‘ආ ඒකට කමක් නැහැ. ඔය දුරකතන සම්බන්ධතාව රෝහලේ ආරක්ෂක අංශයට දාන්න කෝ’ යැයි ඔහු කීවේය. ඒ අනුව ඇය රෝහල් ආරක්ෂක අංශයට දුරකතනය සම්බන්ධ කළාය.
පෙර පරිදිම ඔහු රෝහලේ ආරක්ෂක අංශයේ දුරකතනය ගත්ත පුද්ගලයාට ‘මම අසවල් විශේෂඥ වෛද්‍යවරයා’ කියමින් අර උදව්වම ඉල්ලුවේය. ‘හනේ සර් අපි ළඟ කොහේද ඔච්චර සල්ලි. ආ එහේමද මම දන්නවා ඔයා ළඟ සල්ලි නැති බව කාගෙන් වුණත් කමක් නැහැ ඉල්ලලා දෙන්නකෝ මම අද හවසම ඇඟ රත්වෙන එකකුත් එක්කම ගෙනත් දෙන්නම්කෝ’ කියමින් ‘මම ගෝලයෙකු ඔතනට දැන් යතුරු පැදියකින් එවනවා’ යයිද ඔහු ආරක්ෂක අංශයේ නිලධාරියාට කීවේය.
‘අපේ සර්ට මේ වෙලාවේ උදව්වක් නොකළොත් ඒක හරි නැහැ. ඒ නිසා රෝහල ඉදිරිපිට වෙළඳසලේ මුදලාලිටවත් කියලා බලන්න ඕන’ කියමින් මේ නිලධාරියා වෙළඳසලට ගියේය. ‘මුදලාලි හරි වැඩේනේ අපේ ඉස්පිරිතාලේ අර හිටපු විශේෂඥ දොස්තර මහත්තයාගේ කාර් එක මගදී කැඩිලා. ඒක හදන්න මේ වෙලාවේ දොස්තර මහත්තයා ළඟ සල්ලි නැහැ කියලා මට කෝල් එකක් දුන්න’. ‘හා අර දොස්තරද හරිම හොඳ මනුස්සයා. එයා ඉන්න කොට අපිට හොඳට සැලකුවා. දොස්තර මහත්තයා යන කොට මොකුත් කරන්නත් බැරිවුණා නේ. මේක මට ඒ මහත්තයාට දෙවියන් දුන්නු අවස්ථාවක් වෙන්න ඇති’ කියමින් මුදලාලි ලාච්චුව ඇද මොනර කොළ දහයක්ම දුන්නේය.
ඒ වනවිටත් විශේෂඥ වෛද්‍යවරයා එවූ ගෝලයා රෝහල් ආරක්ෂක අංශය වෙත පැමිණ සිටියේය. අනන්‍යතාව තහවුරු කර ගත් ආරක්ෂක නිලධාරියා එවූ ගෝලයා අත තැබීය. රුපියල් දස දහස අත තබා කීවේ තමා දුන් බව දොස්තර මහතාට කියන්න කියමින් ලු.
මේ වනතෙක් එම වෙළඳසල් හිමියාට දොස්තරට දුන් රුපියල් දසදහස තවම ලැබී නැති ලු.
2025 නොවැම්බර් මස 17
104
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
944
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2550
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දෙවියන් දුන් උපකාරෙන් අලි අමාරුවක වැටිලා