IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගොවියා රවට්ටන්න ගිය කඩකාරයා ලණුවක් ගිලලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාල වියේ පටන්ම ගොවිතැනෙන් දිවි ගෙවන ගොවියෙකි. දරු මල්ලන් ලොකු මහත් කළේ ගොවිතැනෙන් ලැබෙන ආදායමෙනි. ඔහුගේ එළවළු පලතුරු මිලදී ගන්නට අසල්වැසියන් දැක්වූයේ මහත් කැමැත්තකි. ඒ ඒවා නැවුම් මෙන්ම මිලෙන්ද සාධාරණ වීම නිසාය.


දුර බැහැරින් ගමේ පදිංචියට ආ අයකු ඔහුගේ ගමේ කඩයක් දැම්මේ මේ අතරය. මේ ගොවියාගේ නිපැයුම්වලට ඇති ඉල්ලුම ඔහු හොඳින් දුටුවේය. ඔහු කොරටුවටම ගොස් නිෂ්පාදන මිල දී ගන්නට පටන් ගත්තේ ඒ නිසාය. තමන්ට සහනයක් නිසා ගොවියා ද ඊට අනුගත වූයේය.


කලක් ගත වෙද්දී කඩ හිමියා තමන්ගේ නිෂ්පාදනවලට දෙන මුදල ක්‍රම ක්‍රමයෙන් අඩු වන බව ඔහුට තේරුම් ගියේ මේ අතරය. මේ නිසාම ගොවියා කල් ගත කළේ දැඩි කල්පනාවෙනි. හොඳින් වැඩුණු කෝලිකුට්ටු කෙසෙල් කැනක් තිබෙනු දුටු කඩ හිමියා පැමිණියේ එය කපාගෙන යාමටය. එයින් තමන්ට හොඳ ලාභයක් ගත හැකි බව ඔහුට වැටහුණි. කෙසෙල් කැණ කපන්ට පෙර ගොවියා ගනුදෙනු පිළිබඳව කතා කළේය. ‘‘වෙනදාත් එහෙම කළේ නැහැනේ මම හොඳට ගෙවනවා’’ කී කඩහිමියා කැණ කපන්නට සූදානම් වුවත් ගොවියා විරෝධය පළ කළේය.


අන්තිමේ ‘‘රුපියල් හයසිය පනහක් දෙන්නම්’’ කඩකරු කීය. ගොවියා ඊට එකඟ නොවීය. ඊට වැඩියෙන් ගෙවිය නොහැකි බව කඩකරුගේ අදහස ස්ථිර විය. ගොවියා කැත්ත ගත්තේය. කෙසෙල් කැණ කැපුවේය. විල් බැරෝවට පටවා ගත්තේ කඩහිමියා බලා සිටියදීමය.


ඔහු නගරය කරා ගියේය. කලින් දන්නා අඳුනන තැනකට කෙසෙල් කැණ දුන්නේ කීයක් හරි දෙන්නැයි ඉල්ලා සිටිමිනි. ගොවියාට රුපියල් එක්දාස් හත්සියයක් ලැබිණි. මෙච්චර වැඩි නැද්ද ඔහු ඇසීය. නෑ නෑ ඒකට කමක් නෑ. ඕක ගන්න කීමත් සමග ගමට ආ ඔහුට කඩ හිමියා තමන් රැවටීමට ලක් කළ අන්දම තේරුම් ගියේය.


ආපසු ගමේ කඩය අසල ගොවියා නතර විය. ‘‘අනේ කෙසෙල් කැණ දුන්නේ පන්සීයටනේ. අපරාදේ ඔයාට කපාගන්න නොදුන්නෙ ගොවියා දුකෙන් කීය. 


‘‘අපරාදේ කොහාට ද දුන්නේ?’’ කඩකරු ඇසීය. ගොවියා ස්ථානය නිවැරදිව පැවසුවේය. ත්‍රිරෝද රියක් කැඳවාගත් ගමේ කඩ හිමියා ඉක්මන් ගමනින් නගරය දෙසට යනු ගොවියා බලා සිටියේ සඟවාගත් සිනහවකින් යුතුවය.


ඔහු නගරයේ වෙළෙඳසැලට ගිය වහාම ‘‘අර කෝලිකුට්ටුව මට දෙන්න’’ කියා කෙසෙල් කැණ ඉල්ලා සිටියේය. ‘‘මම හත්සිය පනහක් දෙන්නම්’’ ඔහු කීය. ‘‘අනේ මහත්තයා මට දාහක් පාඩුවට බිස්නස් කරන්න බැහැ. ඔයාට ඕන නම් දෙදාහකට දෙන්නම් යැ’’යි කියද්දී තමන් ගොවියා රැවැට්ටුවාට එකට එක කිරීමකට ලක්වූ බව තේරුම් යාමෙන් පසු නිහඬවම ගමට ගියේය.


සියල්ල අසා සිටි ත්‍රිරෝද රියදුරා සියල්ල ගමට හෙළි කිරීම නිසා රහසක් වීමේ අවස්ථාව ගිලිහී යාමෙන් කඩ හිමියා මුහුණ පෑවේ දැඩි අසීරුතාවකටය.

 



අදහස් (2)

ගොවියා රවට්ටන්න ගිය කඩකාරයා ලණුවක් ගිලලා

sampath Saturday, 08 May 2021 06:26 PM

ගොවියාගේ නිෂ්පාධන කුනුකොල්ලෙට මංකොල්ලකන්නේ කළුකඩ මුදලාලිලා.

:       0       1

Babunsingngnho - Maththal.a Sunday, 09 May 2021 03:40 AM

ඕක මොකක්ද? මේ 69 ලක්ෂෙ ගිල්ල අපුරුව බලාගෙන ඉන්නේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 61 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site