IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගෑනු ගෝරියක් ලිහන්න ගිහින් අහක තිබූ තොප්පියක් වැටිලා

(හසලක වාර්තාකරු)
වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වාගේ දෙයක් හසලක ප්‍රදේශයේ තරුණයකුට මුහුණ පාන්නට සිදුවූයේ කාන්තා ආරවුලක් බේරන්නට ගොස් ඔහු සැමියකුගේ ගුටි පූජාවකට මැදි වූ හෙයිනි.


මෙදින ඉරිදා දිනයකි. 28 හැවිරිදි වියේ පසුවූ ඔහු මෙදින කිසියම් අවශ්‍යතාවකට සිය යතුරුපැදියෙන් ගමනක් යමින් සිටියේය. එය පටු තරමක් පිටිසර මාර්ගයකි. ඔහු යන මාර්ගයේ ඉදිරියෙන් කාන්තාවන් දෙදෙනකු එක් තරුණ කාන්තාවකට පහරදෙන අයුරු ඔහුට දැක ගත හැකිවිය. එම ස්ථානයට ගිය ඔහු යතුරුපැදිය එම ස්ථානයේ නතර කරනවාත් සමගම පහර කෑමට ලක් වූ තරුණ කාන්තාව ඔහු අසලට දිව විත් මේ දෙන්නා තමන්ට පහර දෙන බවත් ඔවුන්ගෙන් තමන් බේරා ගන්නා ලෙසත් අඬමින් පැවසුවාය.


ඔහු අසලට පැමිණි අනෙක් කාන්තාවන් දෙදෙනා නැවත ඇයට බැණ වදිමින් නැවතත් පහර දෙන්නට සූදානම් වන විට ඔහු යතුරු පැදියෙන් බැස එය වළක්වා සිද්ධියට හේතුව ඔවුන් දෙදෙනාගෙන් විමසූ විට ඔවුන් පැවසුවේ තමන් දෙන්නා නොකී කතාවක් ඇය තැන තැන ගොස් පැවසීම නිසා අසල්වැසි කාන්තාවන් කීප දෙනකු තමන් සමඟ අමනාපයක් ඇති කරගෙන තිබෙන බවයි.


අද දින තමන් ගමේ කඩයට යන විට තරුණ කත පාරේදී මුණ ගැසුණු බවත් එය විමසීමේදී ඇය පහර දෙන්නට වූයෙන් තමන්ද ඇයට පහර දුන් බව ඔවුන් පැවසීය. මෙවැනි හැසිරිම්වලින් තමුන්ගේ දරුවන්ටත් සැමියන්ටත් පාරේ බැහැලා යන්න බැරි වෙන තත්ත්වයක් උදාවෙන බවත් හිරේ විලංගුවේ වැටීමට පවා මේ කාරණා දුර දිග යන බවත් කියා ඔහු ඔවුන් තිදෙනාටම අවවාද කර යතුරුපැදියේ නැගී යන්නට සූදානම් වෙන විට පහර කෑමට ලක්ව දැඩි අපහසුවෙන් පසු වූ තරුණ කත ඔහුගෙන් ඉල්ලා සිටියේ තමන් නිවසට ගොස් ඇරලවා යන ලෙසයි.


එම ඉල්ලීම මත ඇය යතුරුපැදියේ නංවාගෙන ඇගේ නිවෙස කරා යන ගමනේදී (මීටර් 300 ක් පමණ යන විට) ඉදිරියෙන් උදැල්ලක්ද කර මත තබාගෙන ඇගේ තරුණ සැමියා පාරේ ඔවුන් ඉදිරියට එනු දැක ඇය පැවසුවේ තම සැමියා ඉදිරියෙන් එන බවත් යතුරුපැදිය නතර කරන ලෙසත්ය. 


ඇගේ ඉල්ලීම මත ඔහු අසල යතුරුපැදිය නතර කරනවාත් සමඟම තරුණ කත යතුරුපැදියෙන් වහා බැස හඬා වැටෙමින් සැමියා අසලට දිවගියාය. ඒ වෙන විටත් ඇයගේ හිස කෙස් අවුල්වී ඇඳ සිටි හැට්ටයේද කොටසක් ඉරී ගොස් තිබිණි.


මෙයින් කලබලයට පත් සැමියා සිතුවේ මේ තරුණයා තම බිරියට කිසියම් කරදරයක් කරන්නට ඇතැයි කියාය. ඒ සිතුවිල්ල මත බිරිය පසෙකට තල්ලුකර දමා කරේ තිබූ උදැල්ල පසෙකට විසිකර යතුරු පැදි කරු කරා වහා දිව විත් ‘මොකද්ද මේ කරපු කැත වැඩේ. මම ඉතුරු කරන්නේ නෑ’ යැයි කියමින් යතුරුපැදිය මත සිටි තරුණයාට පහර පිට පහර දෙන්නට විය.


මේ සිද්ධිය දුටු තරුණිය වහා සැමියා කරා දිව විත් ඔහුගේ අතේ එල්ලී ඔහුට පහර නොදෙන ලෙසත් තමන් කරදරයකට පත්වී සිටියදී මේ අයියා තමන් බේරාගෙන ආ වගත් පැවසුවාය.


එවිට පහර දීම නතරකර මොකද්ද සිද්ධිය යැයි ඇයගෙන් විමසූ විට ඇය සියලු තතු සැමියාට පැවසූ පසු ‘අනේ බුදු මහත්තයෝ මට සමාවෙන්න. මම කලබල වුණා වැඩියි. මට මෙයාගේ කෑ ගැසීමයි මෙයාගේ විලාසයයි දැක්කම මට හිතුණේ මහත්තයා මෙයාට යම් කරදරයක් කරන්නට ඇති කියලයි. අනේ මට සමාවෙන්න’ කියා දෑත එක්කොට තරුණයාට වඳින්නට සූදානම් වෙනවාත් සමඟම තරුණයා තම යතුරුපැදිය පණ ගන්වා යන්නට ආ ගමනත් පසෙක තබා නැවත නිවස බලා ගියේ පහරකෑමෙන් ඇති වූ වේදනාවද යටපත් කර ගනිමිනි.

 



අදහස් (0)

ගෑනු ගෝරියක් ලිහන්න ගිහින් අහක තිබූ තොප්පියක් වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site