
හබරාදූව – බී.එච්. රම්‍යා
උඩට පමණක් ඇඳුමක් ඇඳ යටට ඇඳුම් කිසිවක් නොමැතිව මහමග ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවකට ගමේ ජනතාව කදිම පාඩමක් ඉගැන්වීමේ පුවතක් හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මෙම විදේශීය කාන්තාව මුහුදු වෙරළේ අව්ව තපිමින් සිට ඇය නැවතී සිටි ලැගුම්හල වෙතට උඩට පමණක් කමිසයක් ඇඳ යටට ඇඳුම් කිසිවක් නොමැතිව ගමන් කරමින් සිටියාය.
මේ දර්ශනය දුටු ගමේ කොල්ලො කුරුට්ටෝ එම කාන්තාවට එක දිගට හූ තැබූහ. කාන්තාව දැඩි සේ ලැජ්ජාවට පත් වූවාය.
ඇයට දැන්කරන්නට කිසිම දෙයක් නැත. උඩට පමණක් හැඳ සිටි කමිසය දැඩි ආයාසයක් දරා පහළට අදිමින් විලි වසා ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තාය. එහෙත් ඒ උත්සාහය විලි වසා ගැනීමට ප්‍රමාණවත් නොවීය. දැන් කොල්ලො කුරුට්ටන්ගේ හූ හඬ එන්න එන්නම වැඩිය. ඒ තවත් අය ද අලුතින් එකතු වීම නිසාය.
කොල්ලන්ගේ හූ හඬින් සුද්දිය විඳින අපහසුතාව තේරුම් ගත් ගමේ තරුණයෙක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේය. ඔහු ඇඳ සිටි ටීෂර්ටය එකවරම ගලවා සුද්දියට දුන්නේ විලි වසා ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි.
සුද්දිය එය බොහොම ගෞරවයෙන් බාරගෙන පහළ භාගය ආවරණය කරගත්තේ සැණෙකිනි. එසේ ආවරණය කරගත් ඇය ලැගුම්හල වෙත වේගයෙන් දිව ගියාය. ඒ යද්දීත් වටෙන් පිටෙන් නැගුණ හූ හඬ නම් අඩුවක් නොවීය.
සිද්ධිය දුටු මුහුදු වෙරළේ සිටි අනෙක් විදේශීය කාන්තාවන්ද තමන්ගේ ඇඳුම ගැන වැඩි අවධානයක් යොමු කරනු මෙහිදී දැකගත හැකිවිය.
COMMENTS
හිතේ එකක් තියාගෙන බොරුවට හූ කියපු අනාතයොත් ගෙදර ගියාට පස්සේ සුදිදිව මතක් කර කර ඉන්න ඇති.
මුකුත් නැතිව හිටියා වෙන්න බෑනෙ. එහෙනම් හූ කියනකොට ලැජ්ජාවෙ ඇබරෙන්නෙත් නැනෙ. බිකිනියක් හරි වෙන මොකක්හරි කොටට ඇදගෙන ඉන්නකොට ලංකාවෙ අයගෙ ගෝත්‍රික ගති එලියට එනවා.. ඔච්චරයි කතාව
විදේශිකයින් ලංකාවට එන්නෙ මුහුදු වෙරලෙ අව්ව තපින්න තමයි. ඇඳුම් එක්ක අව්ව තපින්න බහ. හූ කියපු එක සින්ඝහල සන්ස්කෘතියෙ . හරි ලොකු හපන්කමක් කරලා ගෝත්‍රිකයෝ. ඉස්සර වෙදි ගෑනු හිටියෙ උඩුකය නිරුවස්තරව කවුරුත් හූ කීවෙ නැහැ . වෙද්දො දැන් ඉන්න එවුන්ට වෙඩිය සන්වරයි
ලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ .ඒ මනුස්සයා හෙළුවෙන් ගියානම් .අපිට තියෙන්නේ අකමැති නම් අනික් පැත්ත බලන් ඉන්න .වැඩේ කියන්නේ මුන් හූ කිය කියා උන්ගේ රටවලටම යන්න දඟලන එක
ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම් වඳුරන් ඉවත් කරන්න
සමහර ගොන්නු දන්නේ ඔයවගේ දෙයක් කරන්න විතරයි.
සීගිරියට ගියා නම් ඉවරයි. හූ තිය තියා පල්ලෙහාට එන්නේ...!
බොරුවට සංස්කෘතිය ඉස්සරහට දාලා තමන්ගේ අසහනය ප්‍රදර්ශනය කරනවා..දැන් ලෝකය ඔතනට වඩා ඉදිරියෙන් ඉන්නේ..
සංචාරක කර්මාන්තය බලන් ඉද්දී දියුණු වෙනවා