IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආරුක්කුවෙන් මල්වැලත් අම්මාත් නැතිකරගෙන

පෝද්දල සරත් ආනන්ද ගමගේ 


අම්මාගේ කීමට පිටුපා බිරිඳගේ මල්වැලට රුපියල් විසිදහසක ආරුක්කුවක් ඉදිකරදුන් පුද්ගලයකුට මල්වැලත් අහිමිවී අම්මාත් අමනාපවී නිවසින් ගිය පුවතක් ගැන දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
සිද්ධිය සැකෙවින් මෙසේ ය.
වෘත්තියෙන් ගුරුවරයකු වූ මෙම තැනැත්තා අතිරේක පන්ති පැවැත්වීම නිසා විශාල අතිරේක ආදායමක්ද ලබන බැවින් හෙතෙම අතමිට සරු අයෙකි. හෙතෙම පවුලේ බාලයා ලෙස මහගෙදරද හිමිවීමෙන් පසු එයද නවීකරණය කරගෙන බිරිඳ හා දරු දෙදෙනා සමග සතුටෙන් වසන්නෙකි. මෙයට දසවසරකට පමණ පෙර ඔහුගේ පියා මියගොස් ඇති අතර මව වෙසෙන්නේද ඔහුගේ රැකවරණය යටතේය. සිය ස්වාමියාගේ විශ්‍රාම වැටුපට හිමිකම් කියන මෙම තැනැත්තියද කිසිවකුටවත් නොනැමෙන බොහොම ආඩම්බරකාරියකි.
මෙම නිවසේද නැන්දම්මා ලේලිය පාරම්පරික හබයද සමාජයට කාන්දු නොවී භූගත මට්ටමින් වැඩෙමින් තිබී ඇත.

මල්වවන්නියක වූ බිරිඳගේ තැඹිලිපාට කල් පවතින මලක් හටගන්නා මල්වැලට ආධාරකයක් ලෙස යකඩ ආරුක්කුවක් ඉදිකරදෙන ලෙස කළ ඉල්ලීමට අනුව එය ඉටුකර දීමට යාමේදී අම්මා එයට විරෝධය දක්වා ඇත. අසල තිබෙන වෙරළු ගස මල්වැලට ආධාරකයක්වී ඇති බැවින් අනවශ්‍ය ලෙස මුදල් වැයකර ආරුක්කු ඉදිකළ යුතු නැතැයි කියමින් ඇය විරෝධය දක්වා ඇත.
මවගේ කීමට අවනත නොවූ මෙම තැනැත්තා කොන්ත්‍රාත් කරුවකු ලවා රුපියල් 20000 කට ආරුක්කුව තනවා ඇත.
එම සති අන්තයේම ඔවුන් නුවර එළියේ සංචාරයක යෙදී ඇති අතර මව තනියම නිවසේ වාසයකර ඇත.
ඔවුන් යළි නිවසට පැමිණ බලනවිට අර මල්වැලේ මල් සියල්ල පරවී බිමවැටී තිබී ඇත. ඒ ගැන විමසා බැලීමේදී ඒ අවට කුඩා පැළ සියල්ලමද වේළීගොස් තිබෙනු දැකගත හැකිවී ඇත. අම්මා කුමන හෝ වස වර්ගයක් එයට යොදා ඇතිබවට සැකකළ පුත්‍රයා මවගෙන් ඒ ගැන විමසීමේදී අවට තිබෙන වල්පැළවලට ඇය වල්නාශකයක් යෙදූ බව පිළිගෙන ඇත.
මෙහිදී මව හා පුතා අතර බහින්බස්වීමක්ද සිදුවී ඇත.
ලේලිය විසින් සිද්ධිය අසල්වැසියන් සමගද පවසා ඇති අතර ඇගේ නපුරුකම් ගැන ඔවුන්ද දැනගෙන ඇත්තේ මේ සිද්ධියෙන් පසුවය. නිවසේ අයට හා අසල්වැසියන්ට මුහුණ දිය නොහැකි නිසා මෙම අම්මා දැන් දියණියකගේ නිවසක පදිංචියට ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ආරුක්කුවක් නිසා මල්වැලත් අම්මාත් දෙකම අහිමිවූ ගුරුවරයාගේ කතා වස්තුව දැන් මේ ප්‍රදේශයේ ජනප්‍රිය කතාවක්වී ඇත.

 



අදහස් (0)

ආරුක්කුවෙන් මල්වැලත් අම්මාත් නැතිකරගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site