IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි

අවුරුදු උත්සවයේ සැඟවුණ අමුත්තා ලෙසින් සිදු වූ වැරදීමකින් සැඟවුණ අමුත්තාට ලැබුණු අපුරු ත්‍යාගයක් පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය. එම අවුරුදු උත්සවය ගමේ ජයට පැවැත්වෙන අවුරුදු උත්සවයකි. තරග සඳහා විශාල මුදල් ත්‍යාග හා වෙනත් තෑගි හිමි වේ. මෙම අවුරුදු උත්සවයේ ද අනෙකුත් අවුරුදු උත්සවවල මෙන් සැඟවුණ අමුත්තා සෙවීම තරගය ද පවත්වා ඇති අතර ඒ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ගමේ පොලී මුදලාලී කෙනෙකු විසිනි.  
ඔහු ඒ සඳහා මුදලින් රුපියල් විසිපන්දහසක් ලබාදෙන බව පවසා ඇත. සැඟවුණ අමුත්තා නම් කිරීම ද ඔහු විසින් සිදුකර තිබේ. සැඟවුණ අමුත්තා සොයා ගන්නා තෙක්  සැඟවුණ අමුත්තා ද තමන් සැඟවුණ අමුත්තා බව නොදනී. කෙසේ වෙතත් සැඟවුණ අමුත්තා තේරීමේ කටයුත්ත ආරම්භ වී ඇති අතර අවුරුදු උත්සවයේ සිට පිරිස ලහි ලහියේ සැඟවුණ අමුත්තා සෙවීමට පටන්ගෙන ඇත්තේ විසිපන්දහසක මුදල් ත්‍යාගය ලබා ගැනීමටය. 
මේ අතර ගමේ සල්ලාලකම් කරන තරුණයකු ද මෙම අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ ඇත්තේ  කලකට පසු ගමට පැමිණීම සමගය. ඔහු ගමේ තරුණියක අමාරුවේ දමා වසර ගණනක් ගමට පැමිණ නොමැත. ඇයට ඔහුගෙන් කුඩා දරුවකුද සිටින අතර ඇය මෙන්ම ඇයගේ මවුපියෝ සහෝදරයෝ ඔහු සොයමින් සිටිති. කෙසේ වෙතත් එම තරුණයා කලින් සිටි පෙනුමට වඩා හඳුනා ගැනීමට පවා නොහැකිය. 
මේ අතර සැඟවුණු අමුත්තා පිළිබඳව නිවේදකයා විසින්  යකඩ කටින් නිවේදනය කිරීමට පටන් ගෙන ඇත.


සැඟවුණ අමුත්තාගේ හැඩරුව එම තරුණයාගේ හැඩ රුවට සමානය. සැඟවුණු අමුත්තා වශයෙන් සිටින පුද්ගලයා අතින් අල්ලාගෙන කෙසේ හෝ වේදිකාවට ගෙනවිත් තහවුරු කර ත්‍යාග මුදල ලබාගන්නා ලෙස තරග සංවිධායකවරු දන්වා සිටියහ.
කෙසේ වෙතත් පැය කිහිපයක් ගත වද්දී  අවුරුදු උත්සවයේ සිටි පිරිස මේ අලුත් අමුත්තා දැක නිවේදකයා කියු හැඩ රුව සමාන බැවින් ඔහු අල්ලාගෙන ඇත්තේ පොර කමිනි. පිරිසක් විසින් සැඟවුණ අමුත්තා අතින් අල්ලා නොව  ඔසවාගෙන එන අයුරු රැස්ව සිටි පිරිසට දක්නට ලැබුණි.
හීන් දහඩිය දමා දෙවියන් සිහිපත් වූ තරුණයා වේදිකාවට ගියොත් කෙසේ හෝ තමන්ව කවුරුන් හෝ අඳුන ගනීවි යැයි සිතා ‘‘පිස්සුද?  මෙම නෙමෙයි සැඟවුණ අමුත්තා, විසිපන්දහසට පනස්දහසක් දෙන්නම් අනේ බිමින් තියපල්ලා’’ කියමින් ඔහු ඇවිටිලි කරද්දී පිරිස ඔහු ඔසවාගෙන ගොස් ඇත්තේ එම බස් නෑහුන පරිද්දෙනි.
වේදිකාවට ඇදගෙන ආ මේ අපුරු අමුත්තා විපරම් කළ තරුණිය මේ සිටින්නේ තමන් අමාරුවේ දමා පැන ගිය පුද්ගලයා  බව  හැඳින තම දරුවා හා සහෝදරයන් සමඟ  වේදිකාවට ගොස් ඔහුගේ බෙල්ලෙන් අල්ලාගෙන ඇත.
කෙසේ වෙතත් ඔහු සැඟවුණ අමුත්තා නොවන බැවින් ඔහු සොයා ගත් පුද්ගලයාට කිසිත් නොලැබුණත් සැඟවුණ අමුත්තාට අහඹු ලෙස අසු වූ ඔහුට දරුවකු සමග එම තරුණිය තෑගි ලැබී ඇත්තේ පොලිසිය මැදිහත් වීමෙනි. 

 කලවාන   උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම



අදහස් (0)

අවුරුදු උළේලෙ සැගවුණූ අමුත්තාට දරුවකු සමග තරුනියක් තෑගි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 165 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 235 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1106 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site