කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අයියට හොරෙන් ඔහු ඇටවූ විදුලි උගුලේ ඌරෙකු අසුවී සිටිනවා දැයි සොයා බැලීමට ගොස් අයියාගේ විදුලි උගුලේ මල්ලී පැටලී අයියයි මල්ලියි දෙන්නම අමාරුවේ වැටුණු පුවතක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔවුහු සහෝදරයෝය. දෙන්නාගේම නිවෙස් තිබුෙණ්ද එක ළඟය. දෙන්නම විදුලි උගුල් යොදවා ඌරන් මරන්නට රුසියෝය. අයියා අටවන විදුලි උගුලේ හසුවන ඌරා සොරකම් කිරීමටත් මල්ලී අටවන විදුලි උගුලට හසුවන ඌරා අයියා සොරකම් කිරීමටත් මේ දෙසොහොයුරෝ පුරුදුවී සිටියහ. ඒ ඔවුන් දෙදෙනාගේ තිබූ අපූරුම සහෝදරකම නිසාය.
දෙන්නා එකට එකතුවී විදුලි උගුල ඇටවුවත් තනි තනියෙන් ඇටවූවත් උගුලට හසුවන ඌරා ගන්නේ දෙදෙනාගෙන් ඉස්සර වන කෙනාය. විදුලි උගුලට හසුවී ඉන්න ඌරා මුලින් මුලිච්චි වන කෙනාය.
එදා අයියා විදුලි උගුල ඇටවූවේ තනියමය. මල්ලී මගහැරය. එහෙත් ඒ පිළිබඳව ඉවවැටුණු මල්ලී අයියා ඌරාට විදුලි උගුල අටවන තැන බලා සිටියේ ඔහුට හොරෙනි. ඔහුට නොදැනෙන්නය.
එදා මහ රෑ මල්ලී අයියා විදුලි උගුල ඇටවූ තැනට යාමට පිටත්වුණේ එයට ඌරකු හසුවී ඇත්දැයි විපරම්කර බැලීමටය. ඒ යන මග අතරතුරේදී විශාල ශබ්දයක් නගමින් මල්ලී අයියා ඇටවූ විදුලි උගුලේ පැටලුණේය. කෑමොර දුන්නේ ඌරෙකු පරිද්දෙනි. මේ ශබ්දය ඇසී අයියා දුවගෙන ආවේ තමා ඇටවූ විදුලි උගුලට ඌරෙකු හසුවී ඇතැයි යන්න සිතමිනි. ඌරා මල්ලී සොරකම් කර ගැනීමට පෙර ඌ ගෙට කර ගැනීමේ අටියෙනි.
එතනට ගිය ඔහුට තරු පෙණුනේ තමා ඇටවූ විදුලි උගුලේ හසුව තිබුණේ ඌරකු නොව තමාගේ මල්ලී නිසාය.
2025 දෙසැම්බර් මස 04
540
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
486
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයියාගේ උගුලේ මල්ලි පැටලිලා