බයික් එකක් නැතත් හෙල්මටයෙන් ගෙදර තමුන්ටම කියා යතුරු පැදියක් නැතත් යතුරු පැදිවල නැගී යද්දි ආරක්ෂාවට පළඳින හිස් වැස්මක් අතින් රැගෙන දිනපතාම සේවයට යන පුද්ගලයකු පිළිබඳ පුවතකි. 27 March 2021
ලෙඩාගේ උත්තරෙන් දොස්තරගේ කට ‘ලොක්’ වෙලා රෝගියා පැවසූ වදනින් වෛද්‍යවරයා නිරුත්තරවීමේ පුවතක් වයඹ පුරවරයේ රාජ්‍ය ආයතනයකින් අසන්නට ලැබුණි. 27 March 2021
කන්තෝරු සේවිකාවගේ මුඛ වාඩම කටේ ඇලිලා මිතුරු කැල විනෝදයක් ලබා ගැනීමට සිය සහෝදර සේවිකාවක පැළඳි මුඛ ආවරණයට තදින් ඇලවෙන ගම් බිංදුවක් දැමීමෙන් මහා අලකලංචියක් වූ පුවතක් කාර්යාලයකින් අසන්නට ලැබිණි. 27 March 2021
කොත්තු බාස්ගෙ කටේ බීඩිය මුදලාලි ගැසූ පිටි ගුලියෙන් බඩ ඇතුළේ බීඩියක් දල්වාගෙන ‘එළවළු රොටී පුච්චනවා’ යැයි පවසා වෙළෙඳසල් හිමියෙක් කොත්තු බාස්ගේ මුහුණට පිටි ගුලියකින් පහර දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ හෝටලයකින් වාර්තා වෙයි. 27 March 2021
මදේ නැති සී.සී.ටීවියෙන් මුදලාලිට ‘තොණ්ඩුව’ භාවිතයෙන් ඉවත් කරන ලද සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සිය වෙළෙඳ සලට සවි කොට සාක්කි වසන් කළා යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැටීමට ගිය නඩුවකින් අනූනවයෙන් බේරුණු අයෙකු පිළිබඳ පුවතක් අසන්නට ලැබුණි. 27 March 2021
ටී මේකර්ගෙන් මුදලාලිගේ ලාච්චුවට මෙහෙයුමක් හෝටලයකට අලුතෙන් සේවකයකු පැමිණියේ තේ පිළියෙළ කිරීමටය. ඔහු ටී මේකර් ය. මුදලාලි ඔහු අමතා, ‘‘වතුර අපතේ යවන්න එපා කෑම කන කෙනාගේ මේසෙට වතුර වීදුරුවක් තිබ්බාම සමහරු වතුර වීදුරුවම බොනවා. තවත් අය බොන්නේ වතුර වීදුරුවෙන් භාගයයි. 27 March 2021
ගුරුතුමාගේ දුවට කුකුළෙක් කවියක් ලියලා ඔහු දකුණු පළාතේ ප්‍රධාන විදුහලක සිංහල විෂය ඉගැන් වූ ගුරුවරයෙකි. එම පාසලේම උසස් පෙළ පන්තියක තම දියණිය ද ඉගෙන ගත් අතර පාසල් කාලයෙන් පසු දියණියගේ පත පොත පරීක්ෂා කිරීම ඔහු සිරිතක් වශයෙන් කරගෙන ගියේ පාසලේම ඇතැම් ගුරුවරුන් වැරදි භාෂා ව්‍යවහාරයන් කරන බව දත් හෙයිනි. 26 March 2021
ගෑනු ගෝරියක් ලිහන්න ගිහින් අහක තිබූ තොප්පියක් වැටිලා වඳින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වාගේ දෙයක් හසලක ප්‍රදේශයේ තරුණයකුට මුහුණ පාන්නට සිදුවූයේ කාන්තා ආරවුලක් බේරන්නට ගොස් ඔහු සැමියකුගේ ගුටි පූජාවකට මැදි වූ හෙයිනි. 25 March 2021
කොණ්ඩා කැවුමක් සිසුවියකගේ පන්ති නායක පට්ටම ගලවලා උත්සවයකට සාදා තිබුණු පැණි රස කොණ්ඩ කැවුම් විදේශ රටක පදංචි සිය ඥාතියකුට යැවීමට සාදා නොදුන්නා යැයි පවසා පාසල් ශිෂ්‍යාවකගේ පන්ති නායිකා තනතුර අහිමි කළා යැයි කියන ගුරු මහත්මියක පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි. 24 March 2021
වැරදි තැනක යතුරු පැදිය තියලා බිරියගෙන් බේරෙන්න ‘සාම ගිවිසුමක්’ ගහලා ජෝඩු සඳහා කාමර කුලියට දෙන ස්ථානයක සිය යතුරුපැදිය දමා ගිය අයකුට තමාගේ නිරවද්‍යතාව බිරියට පෙන්වීමට රාජකාරි අත්සන් ලේඛනයේ පැමිණීමේ හා පිටවීමේ පිටපත් පෙන්වීමට සිදුවූ අපූරු පුවතක් දකුණු ගම් පළාතෙන් වාර්තා වේ. 23 March 2021
දුවගේ අලුත් පෙම්වතා පොලිසියේදී ගෑනියෙක් වෙලා හෝටලයක සතියක කාලයක් පෙම්සුව විඳ පැමිණි යුවළක පෙම්වතා පොලීසියේ දී ගැහැනියක් බව හෙළිදරව් වීමේ සිද්ධියක් ඉකුත් දා රක්වාන පොලීසියෙන් වර්තා විය. 22 March 2021
සූර්වී පරුෂ වචන කියන පෙදරේරුවාට යකාගේ පාඩමක් මත් වතුර පානයකොට රාත්‍රී කාලයේ නිවස කරා පා ගමනින් යන අතරේ ගම්වැසියන්ට කරදරයක් වන ලෙස අසැබි වදන් කියමින් යන අයකුට මතක හිටින තාලයේ පාඩමක් ඉගැන් වූ තරුණයන් දෙදෙනකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 20 March 2021
අනුන්ට උදව් කළාට අපූරු තෑග්ගක් ලැබිලා කැළි කසළ ගොඩේ තිබූ ජාතික හැඳුනුම්පත අහුලා නියම අයිතිකරු සොයාගෙන ගොස් එය අතටම දුන්නු නගර සභා කැළි කසළ අංශයේ සේවකයාට එරෙහිව පොලීසියට පැමිණිලි කළ පුද්ගලයකු පිළිබඳ අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තාවේ. 19 March 2021
ගමෙන් එන මහත්තයා ටවුමෙ හිඟා කා මාට්ටුවෙලා ලොකු තුවාලයක් ඇති යාචකයකු සේ හැසිරුණ පුද්ගලයකු තමන් කළ බොරුව අසුවී ගුටිබැට කද්දී සෙනඟ ඉදිරිපිට වැඳ වැටී සමාව ඉල්ලා පලාගිය පුවතක් නගරයේ ජනාකීර්ණ ප්‍රදේශයකින් වාර්තා වේ. 18 March 2021
හොර ගමනක් මාට්ටුවී ඇති වෙන්නම නාගෙන හොර ගමනක් ගොස් ගම්මුන්ට මාට්ටු වී මහ රෑ මැදියමේ කුඹුරු යායකට දියවර සපයන ඇළකට බැස දිය නෑ බව කියන පුද්ගලයකු පිළිබඳ පුවතකි. 17 March 2021
ගමේ කසිප්පු ජාවාරමාට සර්පයකුගෙන් යස දඬුවමක් ගමේ නීති විරෝධී මත්පැන් පෙරන්නාට අමුතුම කාලයේ දඬුවමක් සර්පයකුගෙන් ලැබුණ අපූරු පුවතක් අපට අසන්නට ලැබිණ. 16 March 2021
වීඩියෝ කෝල් එකෙන් බිරියගේ යටිකූට්ටු වැඩේ අහුවෙලා අලුත්වැඩියා කරගැනීමට තරුණයකු ගෙනා ජංගම දුරකතනයෙන් සිය බිරියගේ අනියම් පෙම මාට්ටු වූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 15 March 2021
මඟුලට පසුදා මනාලියන් මාරුකරගෙන දෙවැනි ගමන් රථය හිස් අතින් ගෙදර මඟුල් දාට පසුදා මනාලිය වෙන පුරුෂයකු සමගත් මනාලයා වෙන තරුණියක සමගත් ගිය පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි. සිදුවීම මෙසේය. 13 March 2021
සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා පොලිසියෙන් සූදුපොළ වටලද්දී පළා ගිය සූදුකරුවකු තමා දිනා සිටි රුපියල් ලක්ෂ තුන හමාර පඳුරක් යට සඟවා පසුව පඳුර අමතක වීමෙන් අලි අමාරුවක වැටීමේ සිද්ධියක් ඇහැටුවැව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබෙයි. 13 March 2021
සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ සාදයක් අතරතුර දී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් සමථයකට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකුගේ ඇඟිල්ලක් ගැටුමට මැදි වූ පාර්ශ්වයේ තරුණයකු විසින් සපා කෑම හේතුවෙන් ගැටුමට මුල් වූ දෙදෙනා සාදයේ සුව විඳිද්දී එය සමථයකට පත්කළ තරුණයාට රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදු වූ බව කියවෙන පුවතකි. 13 March 2021
සැමියාගේ කන්තෝරු බෑගයෙන් බිරිඳට රන් පෙන්ඩනයක් අසුවී වලියක් ඇරැඹිලා සැමියා කාර්යාලයට ගෙන යන බෑගයෙන් හිස්කෑම පෙට්ටිය එළියට ගැනීමට ගිය බිරිඳට ඉංග්‍රීසි අකුරු කෙටූ පෙන්ඩනයක් හමු වී මහා ජංජාලයක් ඇතිවීමේ සිද්ධියක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
සැමියාගේ අනියම් සෙල්ලමෙන් බිරිඳත් වැඩේට බැහැලා අනියම් පෙමක පැටලී සිය විවාහක බිරිඳගේ සිත රිද වූ දෙදරු පියෙකුට අවසානයේ විවාහක බිරිඳත්, අනියම් පෙම්වතියත් යන දෙදෙනාම අහිමි වීමේ පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 13 March 2021
ග්‍රාම නිලධාරිනියගේ ගැස්සිල්ල සොයා සහතිකේ ගැස්සිලා චරිත සහතික ලබා ගැනීම සඳහා ග්‍රාම නිලධාරිනියගේ නිවසට පාපැදියකින් යන අතරමග තමන් යන දෙසටම සුදු සාරියක් ඇඳ ළගන්නා සුළු ලතාවට යමින් සිටි ලලනාවගේ ගමන් විලාසයට උපහාසයක් කළ තරුණයන් දෙදෙනෙකුට ග්‍රාම නිලධාරිනියගේ නිවසේදී දවල් තරු පෙනුණු අපූරු පුවතක් අපේ ගම් පළාතෙන් වාර්තා වේ. 13 March 2021
බලු හුවමාරුවෙන් අලි ජංජාලයක් වඳ සැත්කම් කරන්න බැල්ලියන් රැගෙන ගිය අයට උන් ගෙන ගිය තැන් අමතක වී මාරුකර එවීමෙන් බැල්ලන්ට මෙන්ම උන්ගේ ස්වාමිවරුන්ට හතර අතේ දිවයාමට සිදු වූ අපූරු පුවතක් දකුණු පළාතෙන් කන වැකිණි. 12 March 2021
වචනයකට බයවෙලා අතට ආ සල්ලිත් අත ඇරලා රෝහලක දී මියගිය අයකුගේ මළ සිරුරක් නිවෙස වෙත ගෙන ගොස් බාරදීමට පොරොන්දු වූ මල් ශාලාවක පිරිසක් එම මෘත දේහය පී.සී.ආර්. පරීක්ෂණයකට ලක්කළ බව දැනගෙන මෘත දේහයේ හිමිකරුවන්ට ද නොදන්වා මහ රෑම හිමින් සීරුවේ එම ස්ථානයෙන් මාරු වූ බව කියැවෙන පුවතකි. 11 March 2021
පුරුද්දේ වැරැද්දෙන් අලි ජංජාලයක් වෙලා “මම යනවා, බුදුසරණයි” යන්න සිය හිතවතකුට යැවූ එස්.එම්.එස්. පණිවිඩයක් ජංගම දුරකතනයක වැරැදි අංකයකට ගොස් සිදුවෙන්නට ගිය අඹු-සැමි ආරවුලක් නූලෙන් වැළකී ගිය සිද්ධියක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 10 March 2021
කාන්තා දින වැඩසටහනට ගිය දෝණියන්දෑ පොලිසියෙන් මතුවෙලා කාන්තා දිනයේ විශේෂ කාන්තා වැඩසටහනකට යනවා යැයි කියමින් නිවෙසින් පිටවී ගිය දියණිය පොලිසියෙන් මතු වූ අපූරු පුවතක් වාර්තා වේ. 09 March 2021
කළු කුමාරයා කොණ්ඩෙ හොයාගෙන ඇවිල්ලා මහ රෑ බස් රථයෙන් බැස්ස තමා පසු පස අයියේ ටිකක් නවතින්න නවතින්න කියමින් තට්ට හිසක් ඇති අයකු දිව එනු දැකීමෙන් මේ එන්නේ කළු කුමාරයා යයි බියවී අලි ගැටලුවකට මුහුණ දුන්නු කෙනෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ. 08 March 2021
කොන්දොස්තරත් කැත වැඩේම කරලා දකුණු පළාතේ ප්‍රධාන මාර්ගයක දිවෙන පෞද්ගලික බස් රථයකි. එහි ඉදිරිපස පඩිපෙළ අසල එල්ලූ දැන්වීමක් විය. ‘‘මේ පඩිපෙළේ එල්ලීගෙන යමින් කරන කැත පුරුද්ද නතර කරමු’’ එහි මුද්‍රණය කොට තිබිණ. ගසක අත්තක එල්ලී සිටින වඳුරෙකුගේ රුව ද එහි විය. 06 March 2021
‘මිස්’ උඩ තියන්න ගිහින් බිරියගෙන් තොප්පියක් වැටිලා ඉංග්‍රීසි භාෂාව නිවරැදි ලෙස හසුරුවා ගත නොහැකි වූ බිරියක සිය සැමියාගේ ජංගම දුරකතනයේ සටහනක් වැරදියට වටහා ගැනීම නිසා නිවස තුළ ජංජාලයක් ඇතිවීමේ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ එක්තරා ගම්මානයකින් වාර්තා වෙයි. 05 March 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026