IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


කොරෝනාවට බියවී අල්ලපු ගෙදර බලු වසංගතෙත් නැවතිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
යාබද නිවසේ ඇති කරන බල්ලාගෙන් වසර කිහිපයක් තිස්සේ වූ බලු‍ හිරිහැරය, කොවිඩ් 19 ඍජු ආශ්‍රිතයන් වී නිරෝධායනයට ලක්වීමත් සමග නැත්තටම නැති වී ගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ.


බලු‍ පැටියා කුඩා කාලයේදී පුළුන් බෝලයක් මෙනි. ඒ නිසාම නිවැසියෝ ඌව සුරතලයට ඇති කිරීමට කටයුතු කළහ. එහෙත් ඌ පාරේ යන වල් බැල්ලකගේ පැටියෙකි.


බලු‍ සුරතලා කුඩා කාලයේදී කවා පොවා නාවා උකුළේ තියා ඇති කළත් ඌ කෙරෙන් නිවැසියන්ගේ අපේක්ෂිත රූපකාය වර්ධනය නොවීය. මව් වල් බැල්ල මෙන් ඇට ගැසිණි. ඒ නිසා බල්ලා ලොකු මහත් වන්නට වන්නට නිවැසියන් ඌට දැක්වූයේ කුඩම්මාගේ සැලකිලිය. එය හරියටම එපා වාහේට හොදි බෙදන්නාක් මෙනි.


මේ නිසාම බල්ලා යාබද නිවසේ ඉඳුල් කන්නට පුරුදු පුහුණු වූයේ නිරායාසයෙන්මය. ඒ විතරක්ම නොව රාත්‍රී කාලයේ උගේ නවාතැන්පොළ වූයේ ද යාබද නිවෙසේ පෝටිපෝවය. යාබද නිවැසියන්ට සිය පෝටිපෝවේ උදෑසනම බලු‍ මැක්කන් රොතු බුරුතු පිටින් අස්පස් කරන්නට සිදුවූයේ වරක් දෙවරක් නම් නොවේ. එමෙන්ම බල්ලා මිදුලේ කැත කරන වාර ගණන ද සීමාවක් නොවීය. මේ බල්ලාගේ බලු‍ කරදරය එම නිවැසියන් නොඉවසුවත් අසල්වාසීන්ට මුවින් නොබැන්නේ යාබද වැට සමග සණ්ඩු සරුවල් කිරීම නොහොබිනා ක්‍රියාවක් මෙන් ඔවුන් තරයේම විශ්වාස කළ නිසාවෙනි.


ඔය අතරවාරයේදී මේ නිවෙස නිරෝධායනයට ලක් කරනුයේ කොවිඩ් 19න් ඍජු ආශ්‍රිතයන් වීම නිසාය. ඒ එක්කම මේ නිවසේ අයෙක් යාබද නිවසේ අයට පවසන්නේ ඔයාලගේ බල්ලා මෙහේ එන එක නතර නොවුණොත් අපට කොවිඩ් ආසාදනය වී තිබුණොත් ඔයාලාටත් බෝවෙන්න බොහෝ දුරට ඉඩකඩ ඇති බවය. ඔව් ඔව් ඒකත් ඇත්ත කොවිඩ් බල්ලන්ටත් බළලු‍න්ටත් ඇති වෙනවා කියලා මම අහලා තියෙනවා. කියපු එකට බොහෝම ස්තුතියි කියමින් යාබද නිවැසියා එය හිස් මුදුනින්ම පිළිගත්තේය. 


නම කියා අඬගසා බල්ලා ගස් බැඳීමට ඒ මොහොතේම අසල්වැසියා කටයුතු කළේය. මේ ක්‍රියාව නිසා බල්ලා එම නිවෙසට පැමිණීම විතරක් නොව ඌව ඊට පසු දින සිට එම නිවසේ ද සිටිනු දක්නට නොලැබිණ.

 



අදහස් (2)

කොරෝනාවට බියවී අල්ලපු ගෙදර බලු වසංගතෙත් නැවතිලා

pakeer Monday, 10 May 2021 09:20 AM

බලු බද්දක් ගහන්න ඕන ලංකාවේ බල්ලෝ හදනවා නම් හරි විදියට හදන්න ඕන නැත්නම් අසල්වාසින්ට මළ කරදරයක්

:       1       7

suddaWednesday, 12 May 2021 05:47 AM

සහතික ඇත්ත​. අපේ අම්මලගේ ගෙවල් පැත්තේ කෙනෙක් ඉන්නවා සත්තුන්ට කන්න දෙන​. එහෙම ඇවිත් කාලා ආපහු තමන් හිටපු දිහාවටම ආපහු යන බල්ලෙක්ව තව එකෙක් තමන්ගේ වයසක බල්ලාව කොහෙද ගිහින් දාලා අල්ලා ගත්තා. අර අලුත් බල්ලව පරන බල්ලගෙ කූඩුවේ දාලා හරියට කන්න බොන්නවත් නොදී තියන් ඉඳලා දැන් අර මනුස්සයා සත්තුන්ට කන්න දෙන වෙලාවට එලියට දානවා. පුදුම වෙන්න දෙයක් නැති එකම හේතුව ඔය මනුස්සයා තම මවට සිය පරම්පරාවෙන් ලැබුණු ගෙය අම්මාව එලවලා අල්ලන් ඉන්න නිසායි. මේක ඇත්ත කතාවක්. අම්මා ගියා දුවෙක් ළඟට. පුතා මුළු දේපලම තනියෙන් කනවා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site