IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


හීනෙන් නාගෙන

(කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි) 
තමාගේ කනක් තුළට කෘමි සතකු  රිංගුවායැයි කියමින් මහ රෑ දෙගොඩහරි ජාමේ එක්වරම නින්දෙන් නැගිට කෑ ගැසූ සිය දියණියට ජල ප්‍රතිකාරයක් සිදුකළ මව්පිය යුවළකට  එම අවස්ථාවේදී මුහුණදීමට සිදුවූ බව කියන හාස්‍ය ජනක සිදුවීමක් පිළිබඳ පුවතක් පසුගියදා සාලියවැව ප්‍රදේශයෙන් වාර්තාවිය.


මව, පියා, දියණිය සහ පුතු එම පවුලේ සාමාජිකයන් වන අතර මෙදින රාත්‍රියේ ඔවුන්ගේ නිවසේ එක් කාමරයක මව සහ දියණියත් ඊට යාබද කාමරයක පියපුතු දෙපළත් නිදාගෙන සිටියදී දියණිය කනට සතකු රිංගුවායැයි කෑ ගසා ඇත. එම ශබ්දයෙන් අවදිව කලබලයට පත් පියා සිය දියණිය නිදා සිටි ඇඳ අසලට ගොස් කෘමියකු රිංගුවැයි කී ඇගේ කන පෙදෙස බිරියගේද සහායෙන් විමර්ශනයට ලක්කර ඇතත් එහිදී ඔවුන්ට කෘමියකු දක්නට ලැබී නැත. 


එසේ වුවද ඒ වනවිටත් කනක් අල්ලාගෙන ‘‘අනේ අම්මේයි’’ කියමින් හඬා වැළපෙමින් සිටි දියණියට කළ යුතු ක්ෂණික ප්‍රතිකාරයක් හැටියට අදාළ කනට ජලය ස්වල්පයක් වක්කර බැලීමට තීරණය කළ පියා ඒ ආසන්නයේ තිබූ ජල බෝතලයක් අතට  ගෙන බිරියගේ සහායද ඇතිව බෝතල් කටින්ම දියණියගේ කනට ජල ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇත. 


එමගින් දියණියගේ කනෙන් කෘමියකු පිටතට ගිය බවක් නොපෙනුණු නමුත් ඒ වනවිටත් තෙතබරිතව සිටි දියණිය එම අවස්ථාවේදී මව්පියන්ට කී දෙයින් ඔවුන් දෙදෙනාට ඇති වූ සිනහව බොහෝ වේලාවක් පැවැති බවද එම වාර්තාවෙන් කියැවිණි. 


අම්මෙ මම ඒ හීනයක් දැක්කේ. හීනෙන් තමයි මගෙ කනට සතෙක් රිංගුවේ වතුර ඇඟට වදිනකොට තමයි මට ඇහැරුණේ යි ඇය එහිදී මව්පියන්ට පවසා ඇත. 

 



අදහස් (0)

හීනෙන් නාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site