(දෙනියාය විශේෂ – එස්.ඩී. කොඩිකාර)
ඌරුබොක්ක පොලිසියට කිරිලිපන මොරගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගෙන් පැමිණිල්ලක් ලැබී තිබුණි. එම පැමිණිල්ලේ සඳහන් වූයේ තම නිවස පිහිටි ඉඩමට මායිම්ව පිහිටි ඉඩමේ තම වැට මායිමේ ඉතා විශාල හුඹසක් තිබෙන බවත් එම හුඹසේ විෂකුරු සර්පයන් නිතර නිතර රැඳී සිටීම නිසා තම නිවසේ දරුවන් ඇතුළු පදිංචිකරුවන්ට එමගින් කරදරයක් වේ යයි බියක් තිබෙන බැවින් හුඹස කඩා දැමීම සිදුකරන ලෙසට ඉඩම් හිමියා දැනුවත් කරන ලෙසය.
එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූයේ එම ඉඩමේ අයිතිකරු ඉඩමේ පදිංචිව නොමැති බවත් තම නිවස ආසන්නයේම හුඹස පිහිටා තිබීම නිසා අවස්ථා ගණනාවකදීම එම පුද්ගලයාගෙන් හුඹස කඩා දමන ලෙස ඉල්ලා සිටියත් හුඹසේ විෂකුරු සතුන් නොමැති නිසා කඩා දැමීම අවශ්‍ය නොවන බවත් තම ඉඩමේ තිබෙන හුඹස කඩා නොදමන බව ඉඩමේ අයිතිකරු කියා සිටින බවයි.
මේ පැමිණිල්ල විභාග කිරීම සඳහා පැමිණිලිකරුට සහ විත්තිකරුට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දීම සඳහා පැමිණිලිකරුගේ නිවසට පොලිස් නිලධාරියකු ගොස් ඇති අතර එහිදී අදාළ හුඹස පිළිබඳවද වාර්තාවක් පැමිණිල්ල විභාග කරන නිලධාරියාට ලබාදීමට අදාළ නිලධාරියා කටයුතු කර තිබුණි.
ඒ අනුව දෙපාර්ශ්වයම පොලිසියට ගෙන්වා මෙම පැමිණිල්ල විභාග කිරීම සඳහා පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවික්‍රම මහතා වෙත යොමු කිරීමට සුළු පැමිණිලි අංශය පියවර ගෙන තිබුණි. ඒ අනුව දෙපාර්ශ්වයම ස්ථානාධිපති හමුවේ පෙනී සිටියහ. ස්ථානාධිපතිවරයා පැමිණිලිකරු විසින් කියා ඇති පැමිණිල්ල දෙපාර්ශ්වයටම ඇසෙන ආකාරයට කියවීය. ඒ අනුව මුලින්ම මේ කතාව ඇත්තද එම හුඹස කඩා ඉවත් කිරීමට පියවර නොගන්නේ ඇයිද යන්න විත්තිකරුගෙන් විමසීය.
විත්තිකරු හෙවත් හුඹස පිහිටි ඉඩමේ හිමිකරු ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ හුඹස කඩා ඉවත් කරන්නේ නැහැ. ඔය හුඹසේ විෂකුරු සතුන් නැහැ. විෂඝෝර සතුන් හිටියත් කාටවත් ප්‍රශ්නයක් නැහැ. ඒක මගේ ඉඩමේ තිබෙන්නේ ඒ නිසා කඩා ඉවත් කරන්න අවශ්‍ය නෑයි කීය. එවිට ස්ථානාධිපතිවරයා විත්තිකරුගෙන් ඇසුවේ ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා කියන්නේ කොහොමද යනුවෙනි.
හුඹසේ විෂඝෝර සතුන් නැති නිසා හුඹස කඩා ඉවත් කරන්නේ නෑයි විත්තිකරු තරයේ කියා සිටියේය. ඉඩමේ අයිතිකරුගේ මේ කතාවට ස්ථානාධිපතිවරයාට සිනා ගියේය. ඒ නිසා ස්ථානාධිපතිවරයා විත්තිකරුට අපූරු යෝජනාවක් කළේය. ඒ යෝජනාව තමයි ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියල ඔබ කියනවානම් ඒකට මට කරන්න දෙයක් නැහැ. හැබැයි ඔය හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා මට ස්ථීර ලෙසම සහතිකයක් ඔබතුමා ලබාදෙන්න ඕන. ඒකට මම යෝජනාවක් කරනවා ඔබට මම කරන ඒ යෝජනාව තමයි ඔබ විනාඩි 30ක් ඔය හුඹසේ කටට අත දාගෙන ඉන්න ඕන. ඒ දවසට මමත් එනවා එතනට. තව ඕන්නම් අපි 1990 ගිලන් රථයක් ගෙන්නවා ගමු. හුඹසේ විෂඝෝර සතුන් නැහැ කියලා එතකොට තවත් තහවුරු වෙනවා. හුඹස කඩා ඉවත් කරන්න ඔබ කැමැති නැත්නම් මේ යෝජනාව හැර මට වෙන කරන්න දෙයක් නැහැ. පැමිණිලිකාරියට මම කියන්නේ හුඹස පිහිටි ඉඩමේ හිමිකරු හුඹසට අත දාල පෙන්වනවානම් ඒ හුඹස තුළ විෂඝෝර සතුන් නැහැ කියලා, එතකොට අපට පිළිගන්න පුළුවන්. සතුන් ගැවසෙන්නේ නැති අතහැර දාපු හුඹසක් කියලා.
ස්ථානාධිපතිවරයාගේ ප්‍රඥාගෝචර මේ අපූරු යෝජනාව පිළිබඳව වික්ෂිප්තව කල්පනාකර සිටි. විත්තිකරුට තමන් ස්ථානාධිපතිවරයා ඉදිරියේ කී මුසාවාදය නිසා තමන්ගේ කට නිසා තමන් විසින්ම අමාරුවේ වැටෙන්න යන බව වැටහුණි. හුඹස කඩා දමන්නේ නැතුව ඒ තුළ විෂඝෝර සතුන් නැහැ කියලා මම කිව්ව කතාව නිසා තමන් අමාරුවේ වැටුන බවට තේරුණා. ටික වේලාවක් නිහඬව සිටි විත්තිකරු ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ ඔය හුඹස තුළ නයා පොළඟා වැනි විෂඝෝර සතුන් නිතර නිතර ඉන්නවා. එහෙම ඒකට මම අත දාගෙන හිටියෝත් ඒ විෂඝෝර සතුන් මට දෂ්ඨ කරනවා ඒ නිසා මම මගේ ඉඩමේ තියෙන හුඹස කඩා ඉවත් කරන බවට සහතික වෙනවා යනුවෙනි.
අල්ලපු ඉඩම් හිමියා සමග තිබෙන අමනාපයට හුඹස කඩා ඉවත් නොකර හුඹසේ විෂඝෝර සතුන් සිටින බවට ස්ථීරව දන්නා තමන් විෂඝෝර සතුන් නැහැ කියලා බොරු කී බව අවසානයේ පිළිගැනීමට සිදු විය.
අනුන් අමාරුවේ දාන්න සිතාගෙන බොරු කියන්න යන කාටත් මේ කතාව ආදර්ශයක්. කතා කරලා විසඳගන්න තිබෙන මෙවැනි සුළු ප්‍රශ්න පොලිසියට ඇවිත් විසඳන්න යනවනම් මනුෂ්‍යකම කියන එක තියෙන්නේ තිරිසන් සතුන් ළඟද යන්න අපිට මිනිසුන්ගෙන් අහන්න වෙනවායි පොලිස් ස්ථානාධිපති සමරවික්‍රම මහතා කීය.
හුඹසක් නිසා දෙපාර්ශ්වයක් අතර සිදු වීමට ගිය විනාශයක් එක වචනයකින් විසඳන්න ස්ථානාධිපතිවරයා සමත්වීම පිළිබඳව පැමිණිලිකරු සහ විත්තිකරු ස්ථානාධිපතිවරයාට සිය ස්තුතිය පුද කර පොලිසියෙන් පිටව ගියහ.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නයි අවුල ලිහන්න හුඹහට අතදාන්නවෙලා