IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ළඟම මිතුරාට කොරෝනා හැදුණාම අනෙක් තුන් දෙනා එක්ක කාඩ් ගහන්න ලෑස්තිවෙලා

(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තමන්ගේ ළඟම මිතුරා කොරෝනා ආසාදිත බව දැනගත් වහාම කාඩ් කුට්ටමක් ගෙන්වා ගන්නට සැරසුණු තරුණයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ඇති ගම්මානයකින් වාර්තා විය. 


එකට කා බී හැදුණු වැඩුණු තරුණ පිරිසකි. මේ කණ්ඩායම සිවු දෙනෙකි. දෙපළක් ආරක්ෂක අංශයක සේවය කරති. ඉකුත්දා රටේම අවධානයට ලක්වුණු ස්ථානයක ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙපළ රාජකාරියේ යෙදී සිටියහ. ඔවුනගේ කණ්ඩායමේ එක් අයකුද මේ ස්ථානයට ආයේ ඔවුන් හා කල්ගත කරන අදහසිනි. මේ තිදෙනා තමන්ගේ කල්ලියේ වැඩකිඩ ගැන කතා බහ කරමින් සිටියහ. 


මේ අතර ආරක්ෂක අංශ සාමාජිකයකුට අනෙක් කුළුපග මිතුරාගෙන් ඇමතුමක් ලැබිණි. එයින් කියවුණේ මිතුරා සේවා ස්ථානයේදී සිදු කෙරුණු පරීක්ෂණයකදී කොරෝනා ආසාදිත බව හෙළිවී ඇති බවයි. මේ පණිවිඩය තමන් සමග සිටි සෙසු දෙදෙනාටම දැන්වීමට ආරක්ෂක අංශ සාමාජිකයා කටයුතු කළේය. 


අනෙක් මිතුරා මේ බව දැන ගැනීමත් සමග මහත්සේ කලබලයට පත්විය. ඔහු නිවසට මෙන්ම තවත් හිතමිතුරන්ට හා සේවය කරන ස්ථානයට ඇමතුම් ගන්නා බව ආරක්ෂක අංශයේ මිතුරන්ට දැකිය හැකි විය. ඔහු සියලු දෙනාට දැන්වූයේ තමන් ඇතුළු සිවු දෙනා කුළුපග මිතුරන් බවයි. ඒ නිසා සෙසු තිදෙනාටද කොරෝනා ආසාදිත වී ඇතැයි ඔහු සැක කළේය. 


ආරක්ෂක අංශ සාමාජික දෙපළ ඔහුට කරුණු කාරණා කීහ. මේ රෝගය හිතවතකු වූ පලියටම නොවැළඳෙන බව මිතුරාට දැන්වූහ. ඔහු ඒ බව පිළිගන්නට මැලිවූයේය. ගජ මිතුරන් වුවත් මේ සිව් දෙනා මසකින් පමණ එකට හමු නොවූ බැවින් වැඩක් වූයේ නැත. 


මම ඉක්මනට කඩේට ගිහින් කාඩ් කුට්ටමක් ගේන්නම්. අපි හතර දෙනාට නිරෝධායනය වන ගමන් සෙල්ලම් කරන්න පුළුවන් ඔහු කීවේය. ආරක්ෂක අංශයේ මිතුරා මහ හඬින් සිනාසුණේය. මචං අපි හතර දෙනා කොරෝනා වලින් මැරුණාම කාඩ් ගහන්නේ කොහොමදැයි ඇසීය. මේ මෝඩ කතාව අපි හතර දෙනා විතරක් දැන ගත්තාම ඇතියි ආරක්ෂක අංශ සාමාජිකයකු පැවසීමෙන් පසු පසුබෑමට ලක්වූ මිතුරා දැඩි කල්පනාවේ නිමග්නව සිටිනු ඒ අසල රැඳී සිටි කෙනකු දුටු හෙයින් මේ කතාව රහසක් කර ගන්නට හැකි නොවීය.



අදහස් (0)

ළඟම මිතුරාට කොරෝනා හැදුණාම අනෙක් තුන් දෙනා එක්ක කාඩ් ගහන්න ලෑස්තිවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 795 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 464 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site