(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
අභ්‍යාවකාශයේ දී කැඩී වෙන් වූ රොකට්ටුවේ කැබැල්ල හිස මත වැටෙතැයි බියෙන් නිවසට වී කල් ගත කළ පුද්ගලයකු පිළිබදව බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.

රටේ ඉහළ පෙළේ ආයතන කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. චීනයෙන් ගුවන් ගත කෙරුණු රොකට්ටුවක කොටසක් කැඩී වෙන්වීම නිසා බිම පතිත වන බවට ආරංචි පැතිර යාමත් සමග ඔහු සිටියේ දැඩි කල්පනාවෙනි. ඔහු වඩාත්ම බියට පත්වූයේ එම කොටස ඇද වැටෙන සීමාවට ලංකාව ද අයත්වීම නිසාය. මේ නිසා ඔහු මොහොතින් මොහොත නවතම පුවත් බලන්නට වූයේ දැඩි විමසිල්ලෙනි.
ඉදිරි පැය කිහිපය තීරණාත්මක බව දැන ගැනීමත් සමග ඔහු නිවසෙන් එළියටවත් ගියේ නැත. බිම ඇද වැටෙන රොකට්ටුවේ කැබැල්ලක් තම හිස මත වැටෙතැයි ඔහු දැඩිසේ බියට පත්ව සිටියේය. ඔහුගේ අසීමාන්තික බිය පහ කරන්නට බිරිය ගත් වෙහෙස ද අපතේ ගියේ ඔහු කිසිවක් කනකටවත් නොගත් බැවිනි. ගුවන් විදුලි යන්ත්‍රය හා රූපවාහිනිය නිතර ක්‍රියාත්මක කර තිබිණි. පැයෙන් පැය පුවත් සඳහා ඔහු දැඩි විමසිල්ලෙන් සවන් දුන්නේය. ඒ අතර අතේ තිබෙන දුරකතනයෙන් ද තොරතුරු බලන්නට වූයේ දැඩි විමසිල්ලෙනි.
රොකට්ටුවේ කොටස ඉන්දියන් සාගරයට පතිත වූ බව පුවත් ඔස්සේ ඔහු දැන ගත්තත් නිවසෙන් එළියට ආවේ නැත්තේ ඉතිරි වූ තවත් කොටසක් තිබුණොත් හිස මත ඇද වැටෙතැයි යන බිය නිසාමය. මෙසේ පැය කිහිපයක් ගතවිය. දැන් බිය නොවන්නැයි සැමියාගෙන් බිරිය ඉල්ලා සිටියාය.
මෙතෙක් බැලූ පුවත් මෙන්ම බිරියගේ ප්‍රකාශය ද ඔහු පිළිගන්නට මැලිවූයේය. අවසානයේ ඔහු දන්නා අඳුනන මාධ්‍යවේදියකුට ඇමතුමක් ගත්තේය. ‘අරක වැටුණායි කියන්නේ ඇත්ත ද?“ ඔහු ඇසීය. මොකක්ද? ප්‍රති ප්‍රශ්නයක් එල්ල විය. ‘රොකට් එක අනේ‘‘ ඔහු කීය. “වැටුණා නේන්නම් අපිත් බලා සිටියේ මෙහෙට වැටෙයි කියලා. ඉන්දියන් සාගරයට වැටිලා තියෙන්නේ. කාටවත් කරදරයක් නැහැ“.යි ඊට පිළිතරු ලැබිණි.
‘‘එහෙනම් මං දැන් එළියට ආවාට කමක් නැද්ද‘යි ඔහු ඇසූ ප්‍රශ්නයත් සමග තම මිතුරාට කුමක් හෝ සිදුව ඇතැයි තේරුම් ගියේය.
මිතුරා විමසිලිමත්වීම නිසා මේ කතාව දැනගන්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 04
795
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන රොකට්ටුව වැටෙනවාට බයේ ගේ ඇතුළේ හැංගිලා