(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ගනුදෙනුකරුවන්ගේ ඉවක් බවක් නැති කරදරයෙන් බේරෙන්නට තමන් නිරෝධායනය වන බව සඳහන් පුවරුවක් ව්‍යාපාරික ස්ථානයේ සවි කර නිවසට වී කල්ගත කළ ප්‍රමුඛ පෙළේ කාර්මිකයකු පිළිබඳව පසුගියදා බස්නාහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.
කොරෝනා උවදුර වැඩිවීමත් සමග තම ආයතනයට එන අය පාලනය කිරීම සම්බන්ධයෙන් මහත් ගැටලුවකට මුහුණ පාන්නට වීම නිසා මේ කාර්මිකයා දින දෙක තුනක් ව්‍යාපාරික ස්ථානය වසා නිවසට වී කල් ගත කරන්නට තීරණය කරන ලද්දේ තම දරුවන්ගේ ආරක්ෂාව සැලසීම අරමුණු කර ගනිමිනි.
පළමු දිනය හෝ ඔහුට නිවසේ නිවිහැනහිල්ලේ ගත කරන්නට අවස්ථාව ලැබුණේ නැත. ව්‍යාපාරික ස්ථානය වසා ඇති නිසා සේවාලාභීන් නිවසට පැමිණෙන්නට වීමෙන් ඔහුගේ සිතුවිලි බිඳ වැටිණි. ඔහුගේ මවගෙන්ද මේ ගැන එල්ලවූයේ තදබල විරෝධයකි.
ඔහු වහාම ව්‍යාපාරික ස්ථානය කරා ගියේය. දොරගුළු සියල්ල නිසි පරිදි වසා ඇද්දැයි පරීක්ෂා කර බැලුවේය. ගේට්ටුව වසා දමා එහි දැන්වීමක් එල්ලුවේය. ‘‘මම නිරෝධායනයට ලක්වෙමි’’ ඔහුගේ දැන්වීමේ සටහන්ව තිබිණි. ජයග්‍රාහී සිනහවකින් යුතුව නිවස කරා ගියේය.
දිනක් දෙකක් ගතවිය. කිසිවකු හෝ නිවසට පැමිණ කරදර කළේ නැත. ඔහු ජය ගත්තේය. කොස් පොලොස් කමින් හෝ සතියක් දෙකක් මෙසේ නිවසට වී ආරක්ෂිතව කල් ගත කරන්නට තමන් තීරණය කර ඇතැයි ද දන්නා අය මෙන්ම නොදන්නා පුද්ගලයන්ද තම සේවය ලබා ගැනීමට පැමිණෙන බවත් එය ඉතා භයානක බවත් මේ තත්ත්වය නිසා මේ පියවර ගත් බව ඔහු හිතවතකු හා පැවසුවේ මේ අවස්ථාවේ වෙන කළ හැකි දෙයක් නැති බව සිහිපත් කරමිනි.
තමන් ආරක්ෂාව උදෙසා බොරුවක් කළ නමුත් තමන්ගේ තත්ත්වය ගැන විමසා බලන්නට එක ඇමතුමක් හෝ දෙන්නට කිසිවකු කටයුතු නොකළ බව ඔහු සඳහන් කළේ කනගාටුවෙනි.
2025 ඔක්තෝබර් මස 08
1583
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1375
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගනුදෙනුකරුවන්ගේ වදෙන් බේරෙන්න මුදලාලි ‘නිරෝධායන’ පුවරුවක් ගහගෙන