IMG-LOGO

බඩේ ලෙඩේ දුරින් බලා වැඩේ වැරදිලා

(අම්බලන්තොට සනත් ගමගේ)
පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවල ඇතැම් වෛද්‍යවරුන් රෝගියා ඈතින් තබාගෙන රෝග ලක්ෂණ විමසා බලා බෙහෙත් නියම කිරීමෙන් අමාරුවේ වැටෙන්න ගිය රෝගියකුගේ ජීවිතය අනූනවයෙන් බේරීමේ පුවතක් හුංගම ප්‍රදේශයෙන් වාර්තා වේ.


නවය පංතියේ ඉගෙනුම ලබන දරුවෙක් බඩේ කැක්කුමක් සෑදීම හේතුවෙන් පෞද්ගලික වෛද්‍යවරුන් කිහිප දෙනකු ළඟට ගොස් ප්‍රතිකාර ගෙන ඇත. පවතින කොරෝනා රෝගී තත්ත්වය හමුවේ සෑම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලම වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කරනු ලබන්නේ වෛද්‍යවරයා රෝගියාගෙන් මීටරයක් පමණ ඈතින් සිටය. රෝගියාගේ රෝගී තත්ත්වය විමසා බැලීමෙන් පසුව මෙම රෝගියාට ද බඩේ අමාරුවට බෙහෙත් නියම කර ඇත. ලබා දී ඇති බෙහෙත්වලින් බඩේ අමාරුව සුව අතට පත් නොවූ හෙයින් මිල මුදල් පවා අගහිඟ මේ දරුවාගේ මව්පියෝ ගෙදර තිබුණු බයිසිකලය පවා උගසට තබා තවත් වෛද්‍යවරුන් කිහිප දෙනෙක් ළඟට ගොස් ප්‍රතිකාර ලබාගත්තද ඒ කිසිවෙක් දරුවාගේ බඩ පරීක්ෂා නොකර බෙහෙත් දී ඇත. 


දරුවාගේ තත්ත්වය තරමක් නරක පැත්තට හැරෙන බව දැනගත් මව්පියෝ ප්‍රදේශයේ දන්නා හඳුනන හෙද නිලධාරි මහතකුට මේ බව පවසා ඇත. නිවසට පැමිණි හෙද නිලධාරි මහතා දරුවාගේ බඩ පරීක්ෂා කිරීමෙන් පසු වේදනා නාශක ලබා දී සුව කළ හැකි බඩ රුදාවක් නොව ඇපැන්ඩිසයිටීස් වැඩි වී ඇති හෙයින් දරුවා ඉතා ඉක්මනින් රෝහල් ගත කරන ලෙසට මව්පියන්ට උපදෙස් ලබා දී ඇත.


ඒ අනුව දරුවා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඉදිමුමට ලක් වී තිබූ ඇපන්ඩිසයිටිස් ශල්‍යකර්මයෙන් ඉවත් කර දරුවා බේරා ගැනීමට හැකි වී ඇත.


බඩේ අමාරුවට වේදනා නාශක බෙහෙත් දිගින් දිගටම ගෙන සිටියේ නම් දරුවාගේ ජීවිතය අනතුරට පත්වීමට ඉඩ තිබූ බව රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත.

 



අදහස් (0)

බඩේ ලෙඩේ දුරින් බලා වැඩේ වැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 644 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 768 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 329 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site