IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්

(තිළිණි ද සිල්වා)

සිංගප්පූරුවේ ටෙමාසෙක් පදනම මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මුඛ  ආවරණ මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

මෙම මුඛ ආවරණ පරිත්‍යාග කිරීමේ උත්සවය කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනිල් ද අල්විස් සහ සිංගප්පූරු රජය නියෝජනය කරමින් සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

එහිදී එම පරිත්‍යාග බාර ගනිමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටියේ  මෙම වටිනා පරිත්‍යාගය තුළින් කාලෝචිත ලෙස පිළිබිඹු කෙරෙන හොඳහිත පිළිබඳව ටෙමාසෙක් පදනම සහ සිංගප්පූරු රජය වෙත සිය අවංක ස්තූතිය පළ කරන බවය.

සිංගප්පූරු රජය වෙනුවෙන්, සිංගප්පූරුවේ නිර්වේතනික කොන්සල් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ මාස් හෝල්ඩින්ග්ස් සමාගම සහ ටෙමාසෙක් පදනම එක්ව මෙම පරිත්‍යාගය ලබා දෙන ලද්දේ ආරම්භක පියවරක් ලෙස බවත්, ශ්‍රී ලංකාවට තවදුරටත් ආධාර ලබා දීම සඳහා සැලසුම් සකස් කෙරෙමින් පවතින බවත්ය.

ජාත්‍යන්තර ටෙමාසෙක් පදනම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය,සංස්කෘතිය, ප්‍රජා ගොඩනැඟීමේ කටයුතු යනාදිය සඳහා සහාය වන සිංගප්පූරු රාජ්‍ය ස්වෛරී අරමුදලෙහි ලාභ නොලබන සංවිධානයකි.

ලිවින්ගාර්ඩ් තාක්‍ෂණය භාවිතා කරන ශ්‍රී ලංකාවේ විශාලතම ඇඟලුම් නිෂ්පාදකයින්ගෙන් එකක් වන මාස් හෝල්ඩින්ග්ස් ආයතනය විසින් මෙරටට පිරිනැමුණු මෙම මෙම ලිවිංගාර්ඩ් මුඛ ආවරණ නිෂ්පාදනය කර ඇත.

මෙම ලිවිංගාර්ඩ් තාක්‍ෂණයට ක්ෂුද්‍ර ජීවීන් විනාශ කරන රෙදිපිළි ඇතුළත් වන අතර, ඊට ශ්වසන වායුවෙහි පවතින විවිධ විෂබීජ කාර්යක්ෂම ලෙස විනාශ කිරීමට හැකියාව ඇත. මෙම නිෂ්පාදනය සඳහා පේටන්ට් බලපත්‍රලාභී ලිවින්ගාර්ඩ් ප්‍රතිවෛරස තාක්‍ෂණය භාවිත කර ඇති අතර, එය විෂ රහිත හා නැවත භාවිතා කළ හැකි බවට සහතික කර ඇත.



අදහස් (0)

සිංගප්පූරුවෙන් ලංකාවට මුඛ ආවරණ මිලියනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 512 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1058 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site