IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පුළුල් උකුලකට ව්‍යායාම

 

(ගයාන් සූරියආරච්චි)

සෑම කාන්තාවක්ම වයසටයාමට අකමැති බව නොරහසකි. තරුණවීම සඳහා විවිධ ආලේපන, ප්‍රතිකාර, විලාසිතා සිදුකරන ආකාරය අපි දැක ඇත්තෙමු. තම සිරුරේ හැඩය, පැහැය මෙන්ම නිරෝගීකම ද අඩුවන විට කාන්තාවන්ට ඇත්තේ පුදුම බියකි. එය එසේ වියයුතුය. කිමද යත් වයසටයාමත් සමඟ මුහුණදීමට සිදුවන ගැටලු එක්ක සටන් කිරීමට කාන්තාවන් පෙළඹෙන්නේ නැත. එබැවින් කාන්තාවන්ට නිවෙසේ සිටම හැඩට, වැඩට නිරෝගීව සිටීමට පහසුම ආකාරය පිළිබඳව අපි මෙසේ කියා දෙමු.

ඔබ වයසින් වැඩෙත්ම ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම ටිකක් අපහසු විය හැකිය. වයස 40 කඩඉමට පිවිසෙත්ම ආතරයිටීස් හෝ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව නිසා ව්‍යායාම සිදුකිරීමේදී වේදනාකාරී තත්ත්වයක් ඇති වියහැකිය. ඔබේ නම්‍යශීලීතාවද සීමා වියහැක. ශරීරය සහ මොළය නිරෝගීව තබා ගැනීමට ව්‍යායාම පිටිවහලක් වනවා මෙන්ම දිගු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට උපකාරීවේ.

කෙසේ වෙතත් සෑම වයස් කාණ්ඩයමකටම ව්‍යායාම වැදගත් වන අතර සෞඛ්‍ය සම්පන්න, ලස්සන සිරුරකට හිමිකම්කීමට ද උපකාරීවේ. වයසට ගියද ඔබේ අස්ථි, මාංශපේෂී සහ සන්ධි නිරෝගීව තබා ගැනීම වැදගත්වේ. දියවැඩියාව, මහ බඩවැලේ පිළිකා සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඇතිවීමේ අවදානම අඩුකිරීමට මෙන්ම රුධිර පීඩනය අවම කරගැනීමට ව්‍යායාම අවශ්‍යවේ.

ආතතිය පාලනය කර මනෝභාවය වැඩි දියුණු කරගැනීමටත්, කාංසාව සහ මානසික අවපීඩනයේ රෝග ලක්‍ෂණ ලිහිල් කරගැනීමට, හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කිරීමට, දියවැඩියාව වැනි නිදන්ගත රෝග තත්ත්ව පාලනය කර ගැනීමට, සන්ධි ඉදිමීම සහ වේදනාව අවම කරගැනීමට, මාංශපේෂී ශක්තිමත් කර දිගු සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සතුටින් ගතකිරීමට ව්‍යායාම මහඟු කාර්යයක් සිදුකරයි.

ඇවිදීම, පිහිනීම, සරල ක්‍රීඩාවක යෙදීම මගින් ඔබේ රුධිර සංසරණ පද්ධතියට අවශ්‍ය ව්‍යායාම ලබාගත හැකිය. නම්‍යශීලී බව වැඩිවන, සමබරතාව ආරක්‍ෂා කරන සහ ශරීරය ශක්තිමත් කරන ව්‍යායාම සිදුකරන ආකාරය පිළිබදව අවධානය යොමුකිරීම වැදගත්වේ.

ව්‍යායාම ආරම්භ කිරීම සඳහා සුදුසු ඇග උණුසුම් කිරීමේ අභ්‍යාසයක විනාඩි 5 ක් පමණ නිරත වෙන්න. පහත සඳහන් අභ්‍යාස දිනකට දෙවරක්වත් නිවැරැදිව සිදුකරන්න.

මාංශපේෂී හෝ සන්ධි තුවාල හෝ පෙර සැත්කම් තිබේ නම් ඔබට වඩාත් සුදුසු වනුයේ භෞත චිකිත්සකවරයාගෙන් උපදෙස් ලබාගැනීමය.

1 ව්‍යායාමය

දෙපා මදක් ඈත් කර සිටගෙන දකුණු අත වෑලමිටෙන් නවාගෙන සුදානම්වන්න. උකුල සහ සිරුර කරකවමින් රිද්මයකට අනුව වමට කර කැවෙන්න. නැවත අනෙක් පෑත්තටද මෙලෙසින්ම කරන්න. රිද්මයට අනුව වේගය වැඩිකරමින් වාර 20 ක් පමණ සිදුකරන්න.

2 ව්‍යායාමය

පහසු අසුනක කොන්ද කෙලින්  තබාගෙන දෙපා මදක් ඈත් කර වාඩි වන්න. දෑන් ඇදෙන පටියක් (ස්ටේ‍රච් බෑන්ඩ්) කකුල් දෙකේ පතුලට තද කරගෙන දෑතින් අනෙක් දෙකෙලවර අල්ලා ගන්න. රිද්මයකට අනුව සෙමෙන් පටිය ඇදෙනසේ ඉහළට ඔසවන්න.

තප්පර 5ක් පමණ රඳවාගෙන සිට නැවත මුලික අවස්ථාවට පෑමිණෙන්න. වාර 10 ක් පමණ මෙම ශරිරය ශක්තිමත් කිරිමේ ව්‍යායාමය කරන්න.

3 වන ව්‍යායාමය

දෙකකුල් මදක් ඈත්වනසේ ඇදෙන පටි රවුමක දෙපාවල රඳවාගෙන කොන්ද කෙලින් තබාගෙන සිටගෙන දෑත් පොළොවට සමාන්තරව ඉදිරියට දිගුකරමින් සුදානම්වන්න. දෑන් ඉදිරියට බරවී දෙපා දනහිස්වලින් නවමින් කලවා පොලවට සමාන්තර වනතෙක් පටිය ඈදෙන සේ දකුණු කකුලත් වම් අතත් ඔසවන්න මෙහිදි හොඳින් සමබරතාව ආරක්ෂා කරගන්න. වාර 10 බැගින් දෙපසටම මාරු කරමින් සිදුකරන්න.

අභ්‍යාස අවසානයේ සුදුසු පරිදි ශරීරයට සිසිල් කිරීමේ අභ්‍යාසයක යෙදීම සේම අවශ්‍ය ප්‍රමාණයට දියර පානය කිරීම ඉතා වැදගත්වේ. එමෙන්ම ව්‍යායාමවලට පෙර ශක්ති ජනක ආහාර ගැනීමත් පසුව ප්‍රෝටීන් බහුල ආහාර ගැනීිමත් සුවබර දිවියකට ඉතා වැදගත්වේ.

 



අදහස් (1)

පුළුල් උකුලකට ව්‍යායාම

asith Saturday, 14 October 2023 07:07 AM

බොරු දාන්න එපා.. නිකන් පබ්ලිසිටි ගන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1521 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 485 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site