IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ඩෙංගු නව ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන අයුරු

වර්තමානය වනවිට කොවිඩ් සේම වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් පවතී. එ ඩෙංගු - 03 යනුවෙන් නව ප්‍රභේදයක්ද සමගිනි.

ඩෙංගු - 3 වේගවත් ව්‍යාප්තිය

ඩෙංගු රෝගය – I, II,III සහ IV යනුවෙන් ප්‍රභේද සතරකි. මුල් කාලයේදී මෙරටේ ඩෙංගු -01 පැතිර ගිය අතර 2017 වනවිට ඩෙංගු -02 ප්‍රභේදයේ ව්‍යාප්තිය ඇරැඹිණි. අද වනවිට ඩෙංගු -02 ප්‍රභේදය සමගම නව ප්‍රභේදය වන ඩෙංගු -03හිද පැතිරීම වේගවත් වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස දැක්වුවහොත් ඩෙංගු -02 ප්‍රභේදය සියයට හතළිස් එකක් වනවිට නව ප්‍රභේදය සියයට තිස් නවයක් තරම් වේගවත්ව පැතිරීම සිදුව ඇත.

මීට පෙරාතුව ඩෙංගු වැළඳුණු පුද්ගලයකුට වුවද නැවත වතාවක් රෝගය වැළඳිය හැකි අතර රෝගියාගේ තත්ත්වය බරපතළ විය හැකියි. අනෙක් ඩෙංගු ප්‍රභේද මෙන් නොව මෙහි වේගවත් ව්‍යාප්තිය හමුවේ රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් මතුවිය හැකියි. මේ වනවිට දිවයින පුරාම ඩෙංගු අවදානම ඇති අතර නව ප්‍රභේදය වාර්තා වී ඇත්තේ කොළඹ නගර සභා බල ප්‍රදේශයත් , ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්ය. නව ප්‍රභේදය ඇතුළුව සියලුම ඩෙංගු රෝගීන් සතියකට 50ක් 60ත් අතර ප්‍රමාණයක් ළමා රෝහලට වාර්තා වෙන අතර වරකට රෝගීන් 30කට ආසන්නවද හමුවන අවස්ථා ඇත.

ඉදිරියේදී ලංකාව පුරාම නව ප්‍රභේදය ව්‍යාප්තව යාමේ අවදානමක් පවතින බැවින් කුඩා දරුවන් සේම වැඩිහිටි සියලුම දෙනා අවධානයෙන් පසු විය යුතු වේ. එසේම මේ දනවලදී පුද්ගලයකු උණ තත්ත්වයෙන් පෙළේ නම් තමන් විසින් රෝග විනිශ්චය කිරීමට යාමෙන් වලකින්න. මෙබඳු විටෙකදී නිවැරැදිම රෝග විනිශ්චය අත්‍යවශ්‍ය බව සලකන්න.

දින 03ට වඩා උණ නම්

ඩෙංගු රෝගයේ ලක්ෂණද බෙහෙවින්ම කොවිඩ් රෝග ලක්ෂණවලට සමාන වේ. යම් පුද්ගලයකුට දින 03ට වඩා උණ පවතී නම් කොවිඩ්ද, ඩෙංගුද නොඑසේ නම් වෙනත් වයිරස් උණ තත්ත්වයක්ද යන්න පැහැදිලි රෝග විනිශ්චයක් අවශ්‍යම වේ. මෙහිදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර ගත යුතුය.

උණ ගතියට අමතරව හිසරදය, ඇස් යට කැක්කුම, බඩේ දකුණු පසට වන්නට (අක්මාව ඇති ප්‍රදේශයේ ) හට ගන්නා කැක්කුම, හන්දිපත් වේදනාව, මස් පිඩුවල වේදනාව වැනි සාමාන්‍ය ඩෙංගු රෝගයේම ලක්ෂණ ඇති වේ.

ඩෙංගු සඳහා තවමත් ප්‍රතිශක්තීකරණයක් සොයා ගෙන නැති නිසා වැළඳුණු මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම තුළ අතුරු ආබාධ වලක්වා ගත හැකිය. එනම් ඩෙංගු රක්තපාතය ,කම්පන වැනි දරුණු සංකූලතා දක්වා තත්ත්වය දරුණු වීම වලක්වා ගත හැකියි.

පැරසිටමෝල් පමණි

උණ ගතිය පවතී නම් පැරසිටමෝල් හැරෙන්න කිසිඳු ඖෂධයක් හිතුමතයට ලබා ගැනීමේන් වලකින්න. පැරසිටමෝල් වුවද භාවිත කළ යුත්තේ නිසි මාත්‍රාව නියමිත පරිදිය. ඩෙංගු රෝගයට පැරසිටමෝල් හැර වෙනත් ඖෂධය වෛද්‍ය නිර්දේශයෙන් පරිබාහිරව ලබා ගැනීමෙන් වලකින්න. එසේ නොවුණහොත් බාහිරව ලබා ගන්නා ඖෂධවල ක්‍රියාකාරීත්වය මත ඩෙංගු සංකූලතා වැඩි වීමට පුළුවන.

විවේකය වැදගත්.රතු, කලු කෑම එපා

ඩෙංගු වැළඳී ඇතිබවට තහවුරු වූ පසුව රෝගියාට හොඳ විවේකයක් ලබා දිය යුතුයි. එය ඉතාම වැදගත් සාධකය වේ. එවගේම රෝගියාගේ සුවතාව සඳහා හොඳින් දියර වර්ග ලබා දීම සේම ඒ කිසිඳු විටෙකදී රතු සහ කලු පැහැති ආහාර පාන ලබා නොදීමටත් වගබලා ගන්න. මන්ද ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා වර්ධනය වුවහොත් නිවැරැදිව රෝග තත්ත්වය නිශ්චය කර ගැනීම අපහසු නිසාය.

ඩෙංගු මදුරුවා

ඩෙංගු රෝගය පතුරුවන ‘Aedes aegypti ‘ සහ ‘Aedes albopictus‘ යන මදුරු විශේෂවල බෝවීමද ශ්‍රීඝ්‍රයෙන් සිදුවේ. උදෑසන 6ත් 11ත් සහ සවස 3.30ත් 6.30ත් අතර කාලය මෙම මදුරු විශේෂ සක්‍රීයව දෂ්ඨනයේ යෙදෙන අතර දවසේ අනෙක් කාලවලදීද සිටිය හැකියි. තවමත් වසංගත තත්ත්වය මුළුමනින්ම පහව ගොස් නැති බැවින් සියලුම දෙනා ඩෙංගු අවදානම ඉදිරියේදීද වගකීමෙන් කටයුතු කළ යුතුය.

ඩෙංගුවලින් රැකෙන අයුරු

තම නිවස මෙන්ම පාසල සහ රැකියා පරිශ්‍රය අසලත් මදුරුවන් බෝවීමට හැකි ස්ථාන සායා බලා විනාශ කිරීමෙන් ඩෙංගු පැතිරීම පාලනය කර ගැනීමට පහසු වේ. 

නිවසේ මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් ඇති වතුර රැඳෙන තැන් ගැන වැඩි අවදානයක් යොමු කිරීම වැදගත්ය. වැහ පීලි, කොළ රොඩු එක්රැස් වෙන තැන් පවිත්‍ර කළ යුතුයි. ගෘහ අලංකරණය සඳහා ඉදි කොට ඇති පොකුණුවලට කීට භක්ෂක මාළු වර්ග දැමීම වැනි දෑ කළ හැකියි. ජලය එක්රැස් කරන ටැංකි , භාජන වැනි ඒවායින් ජලය ඉවත් කෙරුණද මදුරු බිත්තර මතුපිට පෘෂ්ඨයේ ඇලී පැවතීමෙන් නැවත ජලය පිරුණු විට බිත්තර පිපිරී මදුරු ගහණය ඇතිවිය හැකියි. එබැවින් ජලය ඉවත් කළ පසු නැවත ජලය පිරීමට මත්තෙන් ටැංකි හොඳින් සේදීම වැනි දෑ කළ හැකියි. එසේ නැත්නම් මදුරුවන්ට යාමට නොහැකි වන සේ හොඳින් වසා තැබිය හැකියි.

වතුර එක්රැස් වෙන භාවිතයෙන් ඉවත් කරන භාජන සේම පොල් කටු, ටයර් වැනි දෑ ක්‍රමවත්ව බැහැර කරන්න.එනම් වළ දැමීම හෝ ජලය නොරැඳෙන පරිදි නිසි තැනක ගබඩා කළ හැකියි.

ශීතකරණයේ මෙන්ම විසිතුරු මල් බඳුන්වල එකතු වෙන ජලය දිනපතා ඉවත් කරන්න. ඩෙංගු මදුරුවා සක්‍රීය දෂ්ඨනයේ යෙදෙන උදෑසන හෝ සවස් කාලයේදී සිරුර වැහෙන පරිදි ඇඳුමක් ඇඳිය හැකියි.

මේ සතියේ සිට  පාසල්ද සාමාන්‍යකරණය වීම තුළ දරුවන් පාසල් යැවීමේදී අත් පාවල පැඟිරි තෙල් හෝ මදුරු විකර්ශක ආලේපනය දෛනික පුරුදු අතරට එකතු කර ගත හැකියි.

සාමාන්‍යයෙන් වසංගත කාලයකදී විවිධ ලෙඩ රෝග වරින් වර මතු වීමේ අවදානමක් පවතින බැවින් නිරන්තර සෝදිසිය, විමසිලිමත්භාවය සහ පරෙස්සම තුළ සියලු දෙනාගේම ජීවිත සුරක්ෂිතතාව තහවුරු කර ගත හැකි වනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ඩෙංගු නව ප්‍රභේදයෙන් ආරක්ෂා වෙන අයුරු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28663 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18203 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11128 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 684 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 206 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 861 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site