IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්න

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව නව සෞඛ්‍යාරක්‍ෂිත ජීවන රටාවකට හුරු විය යුතු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

ඒ අනුව නිවසේදී මෙන්ම ගමන් බිමන්වලදීත්, බාහිර ස්ථාන හා රැකියා ස්ථානවලදීත් නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බව එම කාර්යාංශය සඳහන් කරයි.

මෙහිදී හැකි සෑම විටම නිවසේ රැඳී සිටීම වැදගත් බවත් අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැරවීම නොකළ යුතු බවත් ඔවුන් පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසන පරිදි ඔබ නිවසේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු මෙසේය.

* ඔබට සුළු හෝ සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පවතී නම් නිවසේම රැඳී සිටින්න. නිවසේ අන් අයගෙන් වෙන්ව සිටීම හා වෛද්‍ය උපදෙස් ලබාගැනීම සිදුකරන්න.

* නිවසේ දොර ජනෙල් හැකි සෑම විටම හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ විවෘත කර තබන්න.

* පවුලේ වයස්ගත සහ නිදන්ගත රෝග ඇති සාමාජිකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන්න.

* සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සහාය සදහා වූ ජාතික හා ප්‍රාදේශීය සංවිධාන හා නිලධාරීන්ගේ වැදගත් දුරකතන අංක ලැයිස්තුවක් සාදාගන්න.

* නිවසින් පිටතට යන විට රැගෙන යන භාණ්ඩ ප්‍රමාණය අවම කරන්න.

* නිවසින් පිටතට ගොස් පැමිණි විගස දෑත්වල සබන් ගා අවම වශයෙන් තත්ත්පර 20ක් සෝදන්න.

* ඇඳ සිටි ඇඳුම් සොදා දැමීම, පිටතට රැගෙන ගිය බඩු බාහිරාදිය නිවසේ හෝ දොරටුව අසල තබා ඇති පෙට්ටියකට දමන්න.

* ජංගම දුරකතනය විෂබීජ නාශකයක් යොදා පිරිසිඳු කරන්න.

* අසල්වැසි නිවෙස්වලටයාමෙන් හා අනවශ්‍ය ඒකරාශීවීම්වලින් වළකින්න.

(සේවා ස්ථානයේදී අනුගමනය කළ යුතු කරුණු හෙට බලාපොරොත්තු වන්න)



අදහස් (3)

පිටතින් දේ නිවෙසට ගන්නා විට පරෙස්සම් වන්න

ranjith Saturday, 08 May 2021 07:23 AM

ඒ වගේමයි පිටරටින් එක එක දේවල් රටට ගේනකොට පරිස්සම් විය යුතුය. ඒ පරෙස්සම ගණන් නොගත්ත නිසා නේද මේ වුවදුර මේ තරම් දුරදිග ගියේ...

:       4       13

sampath Saturday, 08 May 2021 10:13 AM

අසල් වැසියන්ට සහ නෑයන්ට ඇතුල්වීම තහනම් කියලා දැන්විමක් දාන්න වෙයි. මොකක් හරි කුණු ගොඩක් ඇදන් දුවගෙන එනවා.

:       0       0

kuma Saturday, 08 May 2021 03:26 PM

ඔබ ඔබගේ රාජකාරිය නිසිලෙස ඉටුකාරනම් මෙවන් විපතක් රට වැසියන්ට වෙන්නේ නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site