IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක

තරුණ වැඩිහිටියන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම, සම්බන්ධයෙන් හෘදරෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කනස්සල්ල පළ කරයි. 

වසර 25කට වැඩි කාලයක් තිස්සේ තමන් හෘදරෝග වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන බවත්, ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් දකුණු ආසියානු රටවල, අවුරුදු 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඉහළ යෑම කනස්සල්ලට හේතුවක් බවත් වෛද්‍යවරයා ‘ඩේලි මිරර්’ පුවත්පත සමග අදහස් දක්වමින් පවසා ඇත.

‘අවුරුදු 25 ට වැඩි සහ 30 ගණන්වල මුල තරණයන් වෙනදාට වඩා හෘදයාබාධවලට ලක් වෙන බව දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් හෘදයාබාධ ඇතිවන්නේ වැඩිහිටියන්ට වුවත් මේ ආකාරයට 40 ට අඩු පුද්ගලයන් අතරේ හෘදයාබාධ ඇතිවීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යෑම කනස්සල්ලට හේතුවක්. මෙම පුද්ගලයන්ට හෘදයාබාද ඇතිවන්නේ තරබාරුකම හෝ පවුල් ඉතිහාසය වැනි සාම්ප්‍රදායික අවදානම් සාධක නිසා නොවීම විශේෂත්වයක්.’ යැයි වෛද්‍යවරයා පැහැදිලි කර ඇත.

‘මගේ වෘත්තීය මතය අනුව, මෙසේ තරුණ ප්‍රජාව අතරේ හෘදයාබාද ඉහළ යෑමට හේතුව ඔවුන්ගේ නවීන ජීවන රටාවයි. දුර්වල ආහාර රටාව, ක්‍රියාශීලී නොවීම, නිදන්ගත ආතතිය සහ ප්‍රමාණවත් නින්දක් නොමැතිකම. ඊට හේතුව ලෙස මා දකිනවා’ යැයි වෛද්‍යවරයා පෙන්වා දෙයි.

හෘදයාබාධයකට ලක්වීමෙන් වැලැකී සිටීමට නම්, නිරෝගී දිවියක් අත්‍යාවශ්‍ය බවත්, හොඳ නින්දක් අවශ්‍ය බවත්, අවම වශයෙන්, සතියකට දින පහක් පමණ හෝ විනාඩි 40 ක් ශාරීරික ව්‍යායාමවල නියැලිය යුතු බවත් වෛද්‍යවරයා අවධාරණය කරයි. 

දිනපතා ඇවිදීම ඔබේ හදවත ආරක්ෂා කර ගැනීමට ඇති සරලම මෙන්ම හොඳම ව්‍යායාමය බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැහැදැලි කර ඇත.

(ඩේලි මිරර් ඇසුරිනි)



අදහස් (1)

විස්සේ තිහේ තරුණයෝ හෘදයාබාධ අනතුරක

Ahmed (Gulf) Friday, 18 July 2025 01:41 PM

හෘදයාබාධ, කොවිඩ් එන්නත් සඳහා පාඨමාලාව, විශේෂයෙන් ෆයිසර් සහ මැඩෝනා බටහිර ලෝක එන්නත්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1945 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1539 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site