IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


මවුකිරෙහි අගය

ලෝක මව්කිරි දීමේ  සතිය යෙදී ඇති අගෝස්තු මාසය එළඹෙන්නට නියමිත මේ වකවානුවේ, මේ ගැන ඔබ හා කතා කරන්න අපි හිතුවා. 

සොබාදහමේ අමිල සම්පත - මව්කිරි

අපේ රටේ උද්ගතව ඇති තත්ත්වයත් සමඟ  තවත්   ප්‍රධානතම ගැටලුවක් ලෙස පෝෂ්‍යදායී  ආහාර පාන සපයාගැනීමේ දුෂ්කරතාව සඳහන් කළ හැකියි.

මේ තත්ත්වයටම  මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල් බොහොමයක, සමබර ආහාර වේලක් සපයාගැනීමේ අපහසුතාව නිසා විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ පෝෂණයට ඇතිවුණු දැඩි බලපෑම සුළුපටු නොවේ. 

රටක් විදිහට මේ සිදුවීම අපේ  අනාගතයට විශාල බලපෑමක් එල්ල කෙරේ. විශේෂයෙන්ම අඩු පෝෂණ තත්ත්ව නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදු වෙනවා වගේම, ඔවුන්ගේ උපරිම බුද්ධිමය ධාරිතාවට ළඟා වෙන්නත් අසීරතා මතු වේ.

මේ නිසාම දරුවන්ට, නිසි පෝෂණය ලබා දීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම අප සියලුදෙනාම සතු වගකීමකි.

බිළිඳෙකු සඳහා  සඳහා වැදගත්ම පෝෂණ ප්‍රභවයක් ලෙස මවුකිරි සඳහන් කළ හැකියි.  දරුවාට මුල් මාස හයේ මවු කිරි පමණක් ලබා දීමත්, ඉන් පසු අමතර ආහාර සමඟ අවුරුදු දෙක දක්වාත්, ඉන් නතුරුවත් මවු කිරි දීම නිරෝගී දරුවෙක් සමාජයට දායාද කිරීමේ මූලික අඩිතාලමයි. 

හොඳ සෞඛ්‍ය සාක්ෂරතාවක් තියෙන ජනතාවක් විදිහට මවුකිරිවල තියෙන වටිනාකම ඉහළය. ළදරුවකුට අවශ්‍ය කරන නිවැරදි පෝෂණය ලබාදීමට අමතරව දරුවෙකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න ඒ වගේම සමහර දීර්ඝ කාලීන රෝග වලින් වැලකීමට සහ දරුවා සහ මව අතර නිසි බැඳීමක් ඇති කර ගැනීමට මවුකිරි දීම ඉතාම වැදගත්. මේ නිසාම, කිරි දෙන වයසේ දරුවෙකු සිටින මවකට ඊට අදාළ සියලූම පහසුකම් සහිත වටපිටාවක් සකස් කිරීමට පවුලක් සමාජයක් ලෙස අපට වගකීමක් ඇත. මේ වනවිටත් ඇතැම් රාජ්‍ය මෙන්ම පුද්ගලික ආයතන තම සේවිකාවන් අතුරින් කිරිදෙන මවුවරු සිටීනම්      ඔවුන්හට මවු කිරි දීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙනු දැකීම සතුටට කරුණකි. එය ඉදිරියේදී සියලුම ආයතන පරිශ්‍ර තුළද පැතිරෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

කිරි දෙන මවකට නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබීමත් වැදගත්.  මේ දිනවල අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය නිසා එවන් ආහාර වේලක් සපයා ගැනීම අපහසු බවක් දැනිය හැකියි. එහෙත්  මිලෙන් අඩු දේශීයව සොයාගත හැකි සමහර පෝෂ්‍යදායී  ආහාර වර්ග ආහාරයට හැකි තරම්  එකතු කර ගැනීමට උත්සාහ දැරිය යුතුයි. එවිට පෝෂණ  අවශ්‍යත සපුරා ගත හැකියි.

ඒ වගේම කිරි දෙන මවකට අවශ්‍ය කරන මානසික පසුබිම නිවසේදි වගේම සේවය කරන ස්ථානයේදිත් ලැබෙනවා නම් එයත් මවුකිරි දීම අඛණ්ඩව කරගෙන යෑමට ඇයට විශාල පිටුබලයති.

ඉතින් රටක් විදිහට, පවත්නා තත්වයක් කළමණාකරණය කරගනිමින් ඉදිරියට යන අතරම අපේ දරුවන්ගේ පෝෂණය සහ නිසි වර්ධනය ගැන නිසි අවධානයක් සමාජයක් විදිහට ලබා දීම මේ අවස්ථාවේදී අපි හැමෝගෙම වගකීමක් බව මතක් කර සිටිමු. 

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

මවුකිරෙහි අගය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 60 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 896 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2522 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site