IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


පියකරු මුහුණක් - සිතට සතුටක්

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ  යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් නුදුරේදීම එම ඒකකවල අනුයුක්ත කිරිමට නියමිතය. එබැවින් මුඛ සහ හනුක  ඒකකවල සේවාව මහජනයා වෙත තවත් පුළුල් ලෙස ලබාදීමට ඉදිරියේදී හැකිවනු ඇත. එමෙන්ම මෙම ඒකකවල නවීන ප්‍රතිකාර ක්‍රම සහ සැත්කම්  මේ වනවිටත් ඉතා සාර්ථකව සිදු කෙරේ.

උපදෙස්  - මුඛ හනුක, වක්ත්‍ර වෛද්‍යවරුන්ගේ විද්වත් සංගමයේ සභාපති මහනුවර ජාතික රෝහලේ  විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ.එච්.එම්.කේ. අබේසිංහ සහ පානදුර මූලික රෝහලේ මුඛ හා හනුක පිළිබඳ විශේෂඥ වෛද්‍ය බුද්ධික දසනායක

පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ වැඩිම අවධානයක් දෙන්නේ මුහුණට ය. පියකරු මුහුණක්, ලස්සන සිනාවක් පවත්වා ගැනීමට කවුරුත් උනන්දු වන්නේ තමන් පළමු දැකීමෙන් ම අනෙකාට ප්‍රසන්නබවක් ඇතිවනු දැකීමට කැමැති නිසාය. එමෙන්ම පුද්ගලයෙකුගේ සුන්දරත්වය සහ පෞරුෂය පෙන්වන ප්‍රධාන කැඩපත වන්නේද මුහුණයි. එහෙත්  උපතින් ම, අනතුරු හෝ රෝගාබාධ වැනි හේතු නිසා මුහුණේ සුන්දරත්වයට බාධා ඇතිවිය හැකිය. මේ සටහන එවැනි විටෙක එම අවහිරතා යථා තත්ත්වයට පත් කරගත හැකි ක්‍රම සහ ඒ සඳහා ඔබ කළ යුතු දෑ පිළිබඳවය.

මුහුණ විකෘති වෙන හේතු

පුද්ගලයෙකුගේ මුහුණේ හැඩය වෙනස්වීමට ප්‍රධාන ලෙසට බලපාන්නේ අනතුරු ය. එයිනුත් මාර්ග අනතුරු ප්‍රධාන තැනක් ගනී. ඊට අමතරව මුඛ පිළිකාවට ගොදුරුවීම, විදුලිත තොල සහිතව ඉපදීම, සතුන්ගේ සපාකෑම් සහ පහරදීම් නිසාද මුහුණේ විකෘතිතා ඇතිවිය හැකි ය.

මාර්ග අනතුරු නිසා වයස් බේදයකින් තොරව මුහුණට හානි වූ රෝගීන් හමු වුවත් මුඛ පිළිකා නිසා මුහුණට හානි වූ පුද්ගලයන්ගෙන් බහුතරය පිරිමින් ය. සතුන්ගේ පහරදීම් සහ සපාකෑම් නිසා බොහෝදුරට මුහුණේ විකෘතිතා ඇතිව රෝහල්ගත වන්නේ අනුරාධපුර, පොළාන්නරුව, උතුරු නැගෙනහිර වැනි පළාත්වල පුද්ගලයෝ ය. වලසුන්ගේ පහරදීම්වලට ලක්වීම නිසා ඉතා බරපතළ ලෙස මුහුණට හානි වූ රෝගීහුද ඒ අතර වෙති.

මුඛ පිළිකා

මෙරට පිරිමින් ගොදුරුවන පිළිකාවලින් පළමු තැන ගන්නේ මුඛ පිළිකාවය. දිනකට මුඛ පිළිකා රෝගීන් සිව්දෙනෙකු  මියයාම එහි බරපතළකම මොනවට පෙන්වා දෙයි. මුඛ පිළිකාව වැලඳීමට 95%ක්ම බලපාන්නේ වැරදි පුරුදු වන අතර බුලත්විට කෑම, දුම්පානය, මත්පැන් පානය ඒ සඳහා ප්‍රධාන ලෙස බලපායි.

මුඛ පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී මුහුණේ විකෘතිතා ඇති වේ. ගිලීමට අපහසුවීම, දිවෙන් කොටසක් ඉවත් කිරීම, දත් ගැලවීම, සමේ පැහැය වෙනස්වීම ආදී සංකූලතා ඒ අතර වේ. කෙසේ වෙතත් ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව මුහුණ යථා තත්ත්වට පත්කළ හැකි නවීන ප්‍රතිකාර ක්‍රම මේ වනවිට යොදා ගැනේ.

බෙදුණු තල්ල සහ බෙදුණු තොල

බෙදුණු තල්ල සෙහ බෙදුණු තොල විකෘතිතා ඇතිවන්නේ උපතින්ම ය. මෙවැනි විවකෘතිවීමක් සහිතව දරුවකු ඉපදීම මවුපියන්ට මහත් කම්පනයක් ගෙන දෙන්නකි. එහෙත් දිගුකාලීන විධිමත් ප්‍රතිකාර මගින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම යථා තතත්වයට පත් කළ හැකිය.

ඇතැම් විට බෙදුණු තොල සහ තල්ලේ ආබාධ වෙන් වෙන් වශයෙන් පමණක් නොව එකතුවක් ලෙසද පිහිටන අවස්ථා තිබේ. දොතොල යනු උඩු තොල සහ යටි තොල වශයෙන් බෙදීමක් ඇති එකකි. බිඳුණු තොල ලෙස හැඳින්වෙන්නේ තොලෙහි සහ මුඛයේ උඩු තල්ලේ බෙදීමක් ඇතිවීම ය.

මෙම තත්ත්වය ඇතිවන්නේ දරුවෙකු මවු කුස සිටියදීම ය. මෙසේවීමට හේතුව නිශ්චිතවම හඳුනාගෙන නොමැති අතර ජාන බලපෑම සහ වෙනත් පරිසර සාධක හේතුවිය හැකිබව සොයාගෙන තිබේ. එමෙන්ම සජීවී දරු උපත් හත්සියයකට එකක් ලෙස මෙම තත්ත්වය දැකිය හැකිය. 

ඇතිවන අපහසුතා

මුහුණේ මාංශ පේශිවල ඇතිවන වෙනස්වීම සහ අසාමාන්‍ය වර්ධනය

කථන අපහසුතා

ඇසීමේ දුර්වලතා

ආහාර ලබා ගැනීමේ  අපහසුතා (සමහර දරුවන්ට මවුකිරි උරාබීමට නොහැක)

සමාජිය හා මානසික ගැටලු

දත්වල විකෘතිතා

ශ්වසන ආශ්‍රිත ගැටලු

බෙදුණු තල්ල සහ බෙදුණු තොල සහිත දරුවන්ගේ ප්‍රතිකාර ඉපදුණු මොහොතේ සිට වයස අවුරුදු 20 පමණ දක්වා දිගු කාලයක් පුරා විහිදෙයි. එමෙන්ම ප්‍රතිකාර කිරීමේදී මවුපියන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වන අතර වෛද්‍යවරුන් විසින් නියම කරන දිනවලදීම අදාල සැත්කම් සහ අනෙකුත් ප්‍රතිකාර සිදු නොවුනහොත් ආබාධය නිසි පරිදි සකස් කිරීම අසීරු වනු ඇත.

දරුවාට මාස තුනේදී තොල නිවැරදි කිරීමේ සැත්කම සිදු කරයි. ඉන්පසු මාස 9 - 18 අතර කාලයේ එනම් දරුවා කතා කිරිමට පටන් ගන්නා කාලයේ තල්ල සම්බන්ධ සැත්කම සිදු කරන අතර ඒ සමගම කථන අභ්‍යාස සඳහාද යොමු කරයි. ඉන්පසු වයස අවුරුදු 7 - 10 අතර කාලයේ උඩු ඇන්දේ දත් සහිත කොටසේ  බෙදීමක් ඇත්නම් අස්ථි බද්ධ කිරීමක් සිදු කරයි.

ඇද වී ඇති දත් සකස් කිරීම වයස අවුරුදු 11- 13 කාලයේදී සිදු කෙරේ. නාසයේ පෙනුම සකස් කිරීම සඳහා ශල්‍යකර්මය සහ උඩු හනුවේ පෙනුම සකස් කිරීම සඳහා ශල්‍යකර්මය දරුවාට වයස අවුරුදු 20 දී පමණ සිදු කරයි.

බෙදුණු තල්ල සහ බෙදුණු තොල සහිත දරුවාගේ මුහුණේ මැද කොටසේ යම් ගිලා බැසීමක් දක්නට පුළුවන. එය යථා තත්ත්වයට පත් කිරිම සඳහාද සැත්කම් සිදු කරයි. එයින් මුහුණේ පෙනුම සාමාන්‍ය තත්ත්වයට පත් වේ.

ප්‍රධාන රෝහල් 36කදී ප්‍රතිකාර

මෙරට ප්‍රධාන රෝහල් 36 ක මුඛ, හනුක පිළිබඳ ඒකක පිහිටුවා තිබෙන අතර ඒවායේ මෙවනවිටත් විශේෂඥ වෛද්‍යවරු 42 ක් සේවයේ  යෙදී සිටිති. තවත් පුහුණුව ලත් වෛද්‍යවරු 22 ක් නුදුරේදීම එම ඒකකවල අනුයුක්ත කිරිමට නියමිතය. එබැවින් මුඛ සහ හනුක  ඒකකවල සේවාව මහජනයා වෙත තවත් පුළුල් ලෙස ලබාදීමට ඉදිරියේදී හැකිවනු ඇත. එමෙන්ම මෙම ඒකකවල නවීන ප්‍රතිකාර ක්‍රම සහ සැත්කම්  මේ වනවිටත් ඉතා සාර්ථකව සිදු කෙරේ.

සිටින අතර මෙ මුහුණේ කුමන හේතුවක් නිසා හෝ යම් විකාති ස්වභාවයක් ඇත්නම් සිතින් ලතැවෙන්නේ නැතිව  රජයේ ප්‍රධාන රෝහලින් ප්‍රතාකර ගැනීමට යොමුවන්න. මුහුණේ සහ දත්වල විකෘතිතා පිළිබඳ පසුතැවීමේ කාලය අවසන් වී තිබේ.

(උදේශිකා නෙලුම්දෙනිය)

     



අදහස් (0)

පියකරු මුහුණක් - සිතට සතුටක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site