IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න

පසුගිය කාලයේ පැතිර ගිය ඔමික්‍රෝන් රෝගයේ ම අනු ප්‍රභේදයක් වන න්‍භග 1 ප්‍රභේදය මේ වනවිට ලෝකය පුරාම ඉතා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ. එම රෝගය මෙරටටත් පැමිණ ඇතිබවට වෛද්‍ය මත පළවෙන අතර රට පුරා රෝහල්වලින් වාර්තාවන ශ්වසන අපහසුතා සහිත උණ රෝගීන් එම මතය තවත් තහවුරු කරයි.

කොවිඩ් අවසන්ද?

අපේ රට කොවිඩ් රෝගයෙන් තොර රටක්බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් දැනුම් දෙනු ලැබුවේ පසුගිය මැයි මාසයේ ය. ඉන්පසු කොඩිව් රෝගය හඳුනා ගැනීම සඳහා කරන ලද සියලු පරීක්‍ෂ ද නවතා දමනු ලැබිණි. මේ නිසා කොවිඩ් රෝගයේ අනු ප්‍රභේද මෙරටට ඇතු`ඵ වී ඇත්දැයි නිශ්චිතව හඳුනා ගැනීමක් පසුගිය කාලයේ සිදුවූයේ නැත. එහෙත් මේ වනවිට රට පුරාම ශ්වසන ආබාධ සහිත උණ රෝගීන් බහුලව වාර්තාවෙන බැවින් ලොව පුරා ශීඝ්‍රයෙන් පැතිර යන න්‍භග1 ඔමික්‍රෝන් අනු ප්‍රභේදය අපේ රටටත් ඇතු`ඵ වී ඇතිබවට සැක පහළ කළ හැකි ය. මෙම රෝගය බරපතළ වුවත් ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් සුව කරගත හැකි ය.

රෝග ලක්ෂණ

කැස්ස සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව

උණ

හිසරදය

ඇඟපත වේදනාව

ඇස්වලින් කඳු`ඵ සහ කබ ගැලීම

ගඳ සුවඳ නොදැනීම

උගුර ආසාදනය

හුස්ම ගැනීමේ අපහසුතාව

ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් මුඛ ආවරණයක් පැලඳ සිටීම අන් අයට රෝගය බෝවීම වැළැක්වීමට ගත හැකි හොඳ පියවරකි. ඊට අමතරව වෛද්‍යවරයකු හමු වී ඉක්මනින් ප්‍රතිකාර ගැනීමෙන් රෝගය උත්සන්න වී නියුමෝනියා තත්ත්වයට පත්වීම සහ සමහරවිට මරණය පවා සිදුවීම වළක්වාගත හැකි ය. එබැවින් උණ සහ ඉහත රෝග ලක්ෂණ දවස් දෙකකට වඩා පවතී නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගන්න. මේ අයට අවදනාම වැඩයි

ගැබිනි මවුවරුන්, කුඩා දරුවන්, නිදන්ගත රෝගයකින් පෙළෙන (වකුගඩු, ඇදුම, දියවැඩියාව, පිළිකා, හෘද) පුද්ගලයින්, වයස්ගතවූවන් අවදානම් කාණ්ඩයට අයත් වේ. මෙවැනි අයට න්‍භග1 රෝගය වැලඳුනොත් සංකූතා වැඩි විය හැකි අතර නියුමෝනියාව වැලඳීමේ සම්භාවිතාවද වැඩිය. සෙනග ගැවසෙන ස්ථානවලට යාම අවම කිරීම සහ නිවෙසින් බැහැරට යනවිට මුඛ ආවරණයක් පැලඳීම අත්‍යවශ්‍ය ය. -

න්‍භග1 බරපතළද?

න්‍භග1 රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරුනත් එන්නත්කරණය හේතුවෙන් රෝගීන්ට සංකූලතා මතුවීම අවම මට්ටමක ඇත. කොවිඩ් රෝගය සඳහා සිදුකළ එන්නත්කරණය සහ ස්වභාවිකව ලැබී තිබෙන ප්‍රතිශක්තිය හේතුවෙන් මෙරට පුද්ගලයින්ගේ ප්‍රතිශක්තිය මේ වනවිට ඉහළ මට්ටමක තිබේ. දරුවන් අතර ද එය ඉහළ මට්ටමක පැවතීම වඩාත් සතුටුදායක තත්ත්වයකි. ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත් ම කොවිඩ් රෝගය සැදීම එම තත්ත්වය ඇතිවීමට බලපා තිබේ.

බෝවීම වළක්වා ගන්න හැටි

මුඛ ආවරණයක් පැලඳීම

නිවෙසේ දොර ජනෙල් විවෘත කර හොඳින් වාතාශ්‍රය නිවෙසට ඒමට සැලැස්වීම

නිතර සබන් දමා දෑත් සේදීම

සෙනග ගැවසෙන ස්ථාවලට යාම හැකිතරම් අඩු කිරීම

රෝග ලක්ෂණ ඇත්නම් දරුවා හෝ වැඩහිටියා වවේකීව නිවෙසේ තබා ගැනීම

දවස් දෙකකට වඩා උණ පවතී නම් ප්‍රතිකාර ගැනීම

උපදෙස් - - ජයවර්ධනපුර සරසවියේ වෙද්‍ය පීඨයේ ප්‍රතිශක්තිකරණවේද සහ අනුක විද්‍යා දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානී සහ ජයවර්ධනපුර සරසවියේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍ය සහ සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර

සටහන උදේශිකා නෙලුම්දෙනිය

 



අදහස් (0)

උණ දවස් දෙකකට වඩා වැඩි නම් බෙහෙත් ගන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28424 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18193 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10930 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 676 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 201 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 857 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site