IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සූරියවැව සියලු කඩසාප්පු වසා දැමේ

(දිලීප් ජයසේකර)

පසුගිය 26 වන දින සුරියවැව වීරියගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟ සුරියවැව නගරය වසා දැමීමට සුරියවැව කොරෝනා කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව අද (28) දිනයේ ඇදිරි නීතිය ඉවත් කෙරුණත් සුරියවැව නගරයේ කඩ සාප්පු සම්පුර්ණයෙන්ම වසා තැබුණු අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.

සුරියවැව වීරියගමින් හමු වු කොරෝනා රෝගියා සුරියවැව නගරයේ බැංකු කිහිපයකට මෙන්ම තවත් කඩ සාප්පු කිහිපයකටම ගොස් තිබු බවයි වාර්තා වී ඇත.

ඒ අනුව මේ වන විට සුරියවැව කොරෝනා කමිටුව විසින් කොරෝනා රෝගියා ආගිය ස්ථාන පිළිබඳව තොරුතුරු එක් රැස් කරමින් සිටින බව එහි නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම රෝගියා ජීවත් වන සුරියවැව වීරියගම ප්‍රදේශයට මෙන්ම ඔහුගේ බිරිඳගේ ගම වන රම්මුදුවැව ප්‍රදේශයට මේ වන විට බාහිර පුද්ගලයින්ට ඇතුළු වීම පිටවීම සම්පුර්ණයෙන්ම සීමා කර තිබේ.

 



අදහස් (0)

සූරියවැව සියලු කඩසාප්පු වසා දැමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 546 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site