(ඉන්දික අරුණ කුමාර)
නාඋල , අඹන සමෘද්ධි බැංකුවට අනුයුක්තව,අඹන - මොරගහමඩ වසමේ රාජකාරි කළ සමෘද්ධි නිළධාරිවරයෙකුට පහරදිමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා ලබන 08 වෙනිදා දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරිමට නාඋල ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව වීරසිංහ මහතා අද (04) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බණ්ධනාගාර ගතවූයේ නාඋල - අඹන, මොරගහමඩ ලිපිනයේ පදිංචි පි.ජි.බණ්ඩාර මැණිකේ (43) සහ එම ලිපිනයේම පදිංචි දිලීප් පුෂ්පකුමාර (23) නැමති දෙදෙනායි.
සමෘද්ධි නිලධාරිවරයාට බැන තර් ජනය කිරිම,රාජකාරියට බාධා කිරිම,සාපරාධි බිය ගැන්වීම හා පහරදීම යන චෝදනා යටතේ නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක යු.පී.ජි.කේ. රත්නායක මහතා විසින් අධිකරණයට කරුණු වාර් තා කළේය.
රජය මගින් මහජනතාවට ලබාදීම සදහා නිර් දේශ කල රැපියල් පන් දහසේ දීමනාව වසම් මට්ටමින් ලබාදීමට ක්‍රියා කිරිමේ දී අඹන - මොරගහමඩ ප්‍රදේශයේ දී තමන්ට පහරදීමක් සිදුකල බව සදහන් කරමින් වසම්භාර සමෘද්ධි නිලධාරිවරයා නාඋල පොලිසියට ඊයේ (03) පැමිණිළි කර තිබිණි.
ඒ අනුව අදාල සැකරැවන් නාඋල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිනි.පහරකෑ සමෘද්ධි නිලධාරිවරයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ ශ්‍යාමලි විජේරත්න මහත්මිය පෙනිසිටියාය.
පහරකෑමට ලක්වුයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කෝඨාශයේ අඹන සමාද්ධි බැංකුවට අනුයුක්තව මොරගහමඩ වසමේ රාජකාරි කළ සිසිර බණ්ඩාර හේරත් (49) යන අයයි.ඔහු මේ වන විට බකමූණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරැව පොලොන්නරැව රෝහලට මාරැකර යවා ඇතැයි නාඋල පොලිසිය කියා සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිතාදර ලංකාදීප ඔබ මෙහි විත්තිකරුවන්ගේ නම් ප්‍රකාශයට පත් කිරීම ගැන සතුටු වේ. එලෙසම හැකිනම් සෞක්‍ය නිලධාරීන් හට බාධා කල අයගේ නම් ප්‍රසිද්ධ නොකරන්නේ කිමද?
රාජකාරියට බාධා කිරීම සහ ඒ වේලාවේදී පහරදීම ඇප ලබාදීමට නොහැකි බරපතල වරදක් කියලයි සලකන්නෙ. ඊට අමතරව ඔහුට බරපතල තුවාල සිදුවෙලා තියෙනවනම් පහරදීම සිදූකල දෙදෙනාට අවුරුදු දෙකක්වත් හිරේ ලගින්නට සිදූවෙනව...