(ලසන්ත නිරෝෂණ පෙරේරා )
පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ පැතිරිගිය බාල වයස්කරුවෙකු ඉදිරිපත් කරන ලද වීඩියෝවක් සදහා උපදෙස් දුන්නේ යැයි සැකපිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් අත් අඩංගුවට ගනු ලැබිය .
වේවැල්වත්ත පොලිසියේ සහාය මත සැකකරු අද ( 06) අත් අඩංගුවට ගෙන තිබේ .
සැකකරු වේවැල්වත්ත ගලබඩ පදිංචිකරුවෙකි.ඔහු සමාජ මාධ්‍ය ක්‍රීයාකාරික යෙකු සහ ජයාරූපශිල්පියෙකු ලෙසද කටයුතු කරන බව පොලිසිය පවසයි .
සැකකරු සහ සමාජ මාධ්‍ය වෙත ප්රච්ණඩත්වය සහිත ව්ඩියෝවක් මුදාහල බවකියන බාල වයස්කරු අතර දැන හැදිනකම් ගොඩ නැගි තිබුණේ ද සමාජ මාධ්‍ය හරහා බව වේවැල්වත්ත පොලිසියේ බුද්ධි තොරතුරු නිලධාරි ව්සින් සොයාගෙන තිබුණි .
21 හැවිරිදි තරුණයා බාල වයස්කරුට ව්ඩියෝවක් සමාජ ජාලයට මුදා හැරිම ගැන උපදෙස් ලබාදි ඇතැයි පොලිසිය අණාවරණය කරගෙන තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...මහ බැංකු හොරු අල්ලන්නයි පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අය අල්ලන්නයි ජාතික ආරක්ෂාව අනතුරේයි කියල යටිගිරියෙන් කෑ ගහපු වීරයෝ තමන්ගෙම කීබෝඩ් කුක්කො හදපු සිඟිති පාතලයේ ඇටිකිච්චො අල්ලන එකනෙ කරන්නෙ..
ප්‍රධාන උපදේශක ඉරාජ්ව අල්ලන්නේ නැත්තේ ඇයි....? ඉරාජ් තමයි ඔය වීඩියෝ ළමයින්ට පුරුදු කලේ.
මේවා පතුරුවන්නට ඉඩදී බලා සිටින්නේ මන්ද? ඇස්කන් නොමැතිද ?
රකු ඔයාල හිතනවද මේ රටේ එහෙම වේවි කියල ? එහෙම උනා කියල ?
අනිවාර්යයෙන්ම. දරුවන්ට මේ වගේ ළමා පාතාල රැල්ලක් නිර්මාණය කරන්න උපදෙස් දීපු සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕනේ. දන්න විදිහට නම් කෙරවලේ ඉන්නේ ආණ්ඩුවමයි. මේ දවස් වල විවිධ දේවල් උඩට ගන්න හදනවා.නමුත් රටේ බහුතර තරුණයන් ඒවා ප්‍රතික්ෂේප කල නිසා සමාජ ජාලාවල මිසක් සාමාන්‍ය සමාජයේ ඒවා නැගල ගියේ නැහැ. හැබැයි වහල් ආණ්ඩුව කාලේ ඒ රැල්ල හදපු විකෘති මනස් දැන් මේ ආණ්ඩුවේ ඉන්නේ. එදා හදාගෙන ආපු රැලි වල අලුත්ම එක තමයි මේ. ළමා පරපුරේ අනාගතය එක්ක සෙල්ලම් කරපු කිසි කෙනෙක්ට සමාවක් දෙන්න එපා.
අර ඉරාජ්ද? ගරාජ් ද කියන කෙනා සුද්දවන්තයෙක්ද ?
රටේ නීතිය කාටත් එක හා සමානයි වියයුතුයි කියන උදවිය මේකට මොනවාද කියන්නේ?
ජනප්‍රිය කරගන්න කරන වැඩ.
දැනටම කළකම් ඵලදෙන්න පටන් අරන් වගේ.