IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක්

(සුජිත් හේවාජුලිගේ )

සෞඛ්‍ය සේවකයන්ට තෙවැනි එන්නතක් (බූස්ටර් ) ලබාදීමට විශේෂ අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සෞඛ්‍ය සේවකයන් බොහෝ දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතත් එලෙස එන්නත ලබාගත් සමහරුන්ට කොවිඩ් ආසාදනයවී රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බවට තොරතුරු හෙළි වී ඇති බවත් බූස්ටර් එන්නතක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇත්තේ මේ තත්ත්වය සැලකිල්ලට ගෙන බවත් හෙතෙම සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් සඳහා පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවලදී කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දුන් බව පැවසූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුනට දෙවැනි එන්නත පසුගිය අප්‍රේල් මාසයේදී ලබා දුන් බවද පැවසුවේය.

කොරෝනා පාලනයට සෘජුව දායකව සිටින සෞඛ්‍ය අංශ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිරන්තරව සොයා බැලීමට කටයුතු කිරීම වැදගත් බව ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

 



අදහස් (4)

සෞඛ්‍ය සේවකයන්ට ’’ බූස්ටර්’’ එන්නතක්

sam Sunday, 08 August 2021 03:48 PM

සෞඛ්‍ය සේවකයින්ට අඩුගානේ කොවිඩ් හැදුණොත් ප්‍රතිකාර ගන්න වෙනම පහසුකම් සලසා තියෙනවද?

:       72       106

Prase Sunday, 08 August 2021 04:12 PM

ගොන් කතා කියන්න එපා. සෑම ජීවිතයක්ම වටිනාකමක් තියෙනවා. වෙනස් තැන් හදන්න ඔවුන් වෙන මානුෂීය ජාතියක්ද?

:       185       95

Ratne Sunday, 08 August 2021 08:59 PM

බූස්ටර් නෙවෙයි කොවිඩ් මර්ධනය සඳහා තීරණ ගත යුතු අයට ඇන්ටනා සවි කළ යුතුයි. මොකද ඔවුන් සෑම විටම ක්‍ෂණිකව ගත යුතුම ක්‍රියාමාර්ග දින ගණනාවක් ප්‍රමාද වී ගැනීම මඟින් කොවිඩ් මාරයාට හිස එස වීමට අවස්ථාව ලබා දීමක් සිදු කරයි.

:       0       1

Asela Sunday, 08 August 2021 11:32 PM

බූස්ටර් එක දෙන්න ඕනේ දෙවැනි එන්නතෙන් මාස 6 කට පසුවය

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 967 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site