( විනීතා එම් ගමගේ )
ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන සීග්‍රයෙන් වැඩිවෙතැයි ජනතාව භීතියට පත්ව ඇතත් මෙරට එම රෝගයේ සමාජ පැතිරීමක් නැති අතර හමුවන සියලු රෝගීන්ට වයිරසය ආසාදනය වූ අන්දම සහිත දම්වැල හඳුනාගෙන ඇතැයි ද දැනට පවතින්නේ සක්‍රිය පොකුරු තුනක් පමණක් බවද පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ගම්මන්පිල මහතා මේ අදහස් පළ කලේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ අද ( 28 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
දැනට පවතින්නේ බණ්ඩාරනායක මාවත, සුදුවැල්ල සහ නාවික හමුදා යන පොකුරු තුන පමණක් වන අතර අනෙක් පොකුරු සියල්ල මේ වනවිට නිවී ගොස් ඇති බවත් ගම්මමන්පිල මහතා කීවේය.
මෙකී පොකුරු තුනම කුඩා ප්‍රදේශයක විශාල පිරිසක් ජීවත්වන ඒවා වන බැවින් පැතිරීම වේගයෙන් සිදුවන්නේ නමුත් ඇසුරු කරන ලද අය වළලු තුනක් දක්වා නිරෝධායනයට ලක්කර ඇති බවත් සමාජ පැතිරීමකට ඇති ඉඩකඩ ඉතා අඩු බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.
මේ අතර තව දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කොවිඩ් 19 වසංගතය මැද මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුවට කිසිදු හදිසියක් නැතැයි පැවැසීය. මැතිවරණය පැවැත්වූවත් නැතත් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද බලය තමන්ට බැවින් මැතිවරණයක පැවැත්වු විට නියත වශයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බවත් ඔහු සඳහන් කළේය.
ජයග්රහණයෙන් පසු ඕනැම ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය පවත්වන නමුත් වත්මන් ජනාධිපතිවරයාට ඒ සදහා මාර්තු දෙවැනිදා වනතුරු බලාසිටින්නනට වූයේ එජාප ආණ්ඩුන විසින් 19වන සංශෝධනයෙන් ඇති කළ බාධා නිසා බවත් කී ගම්මන්පිල මහතා ඒ අනුව කොරෝනා මැදට මැතිවරණය ගෙන ඒමේ වගකීම භාරගත යුත්තේ එජාපය බවත් කීවේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා වයිරසයේ සමාජ පැතිරීමක් නෑ
මහසෙන් Tuesday, 28 April 2020 10:17 AM
කරුනාකර මේ වෙලාවේ කට වහගෙන ඉන්න... එය තමා ලොකුම උදව්ව..
නිමල් Tuesday, 28 April 2020 10:19 AM
ඇති යාන්තං.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
Lakmal Tuesday, 28 April 2020 10:21 AM
මෙක විහිලු කරන වෙලාවක් නොවෙ...
Philip Tuesday, 28 April 2020 10:25 AM
ඔබ දොස්තර කෙනෙක්ද? නීතීඥයෙක්ද? මම නම් හිතන්නේ ඔබ කොන්දොස්තර කෙනෙක් කියලා...
Prasad Tuesday, 28 April 2020 10:27 AM
අනේ මේ නොදන්න කෙහෙම්මලකුත් නැහැ... දන්න මගුලකුත් නැහැ කට වහගෙන ඉන්න ඒවා ඩොක්ටර්ලා බලාගනිවි...
jayampathi Tuesday, 28 April 2020 10:28 AM
ඇද යටින් එලියට ඇවිල්ලා. දැන් අපට බය වෙන්න දෙයක් නැහැ .
Upul Tuesday, 28 April 2020 10:29 AM
පාර්ලිමේන්තු පැතිරීමක් සිදුවන්නේ කවදාද කියලා අපි දැනගන්න කැමතියි.
saliya Tuesday, 28 April 2020 10:29 AM
වගකීමෙන්ද කියන්නේ? ඔබට මෙවැනි ප‍්‍රකාශයක් කිරීමට දැනුමක්, සුදුසුකමක් තිබෙද?
Walter White Tuesday, 28 April 2020 10:31 AM
"මැතිවරණය පැවැත්වූවත් නැතත් ජනාධිපතිවරයා අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද බලය තමන්ට බැවින් මැතිවරණයක පැවැත්වු විට නියත වශයෙන් ජය ගන්නේ තම කණ්ඩායම බවත් ඔහු සඳහන් කළේය." අපි නොදන්නා අමුතු දෙයක් නෙවේ, ආණ්ඩු වෙනසක් වෙන්න රැල්ලක් හැදිලාත් නැහැ, එත් තමුන්නාන්සේලාට 2/3 නම් ලැබෙන්නේ නැහැ, තනතුරු , සල්ලි දීල මන්ත්‍රීලා බාගෙන, ව්‍යවස්තාව ආපහු පරණ තක්කඩි සිස්ටම් එකට හදාගනීවී, එත් මතක තියාගන්න හැමදේටම අපුල්ලන හෙන්චයියෝ දෙතුන් දෙනෙක් හුරේ දැම්මට තමුන්නාන්සේලා පිරිහිලා ඉවරයි. අපට අතිශයින් පිළිකුල් ඔය වැදීබන ...
ඩොකා Tuesday, 28 April 2020 10:32 AM
අපේ භය නැති කරාට පින් සිද්ද වෙනවා... මං ඇඟේ ලේ නැතුව හිටියේ...
Raveendra Tuesday, 28 April 2020 10:33 AM
දේශපාලුවන් හැමවිටම තමන්ගේ ගොන් තර්ක ඉතාම නිවැරදියි යන්න කියමින් සමාජගත කිරීමට සැමවිටම උත්සහ ගන්න බවට මෙයත් එක හොද උදාහරණයකි. පාට පක්ෂ වෙනස්වුවත් දේශපාලුවන් යනු එකම ගති පැවතුම් ඇති තිරිසනුන් යන්න මෙමගින්ද මනාව පිළිබිඹු වේ.
ජනක Tuesday, 28 April 2020 10:33 AM
රටට වැදගත්, රටේ අනාගතේට හොද නීතී එපා කියන මේ වගේ දේශපාලුවෝ අවස්තාවාදීන් බව ජනතාව පිලිගත යුතුයි. සුවසැරිය ගැන මෙයා කියපු දේවල් මතකයි.
නුවන් Tuesday, 28 April 2020 01:10 PM
අද සුව සැරිය ගිලන් රථ සේවය ඉතා ප්‍රයොජනවන් ය. එදා කතා බහක් ඇති වුනේ ඉන්දියානු සේවකයන්ට එහි රැකියා දොර විවර කර දෙතැයි ඇතිවූ සැකය මතය. විශාල ජනමතයක් ඇතිවූ පසු එවකට පැවති රජය එම සැකය දුරුකර දුන්නේ ය.
හරේන් Tuesday, 28 April 2020 10:34 AM
එහෙනං ඉක්මනට චන්දෙ තියමු නේ... අනේ මේවගෙ දේශපාලකයො...
සෑම් Tuesday, 28 April 2020 10:34 AM
මේ වගේ අමනයන් කොරනා වලට වඩා රටට, දැයට, සමාජයට අහිතකරයි භයානකයි. එබැවින් වහාම නිෂ්ක්‍රීය කල යුතුයි.
mahinda Tuesday, 28 April 2020 10:49 AM
පශු වෛද්‍ය කෙනෙක්ද?
විමල් Tuesday, 28 April 2020 01:18 PM
නැහැ. මහා බොරු කාරයෙක්. රැවටිලි කරුවෙක්, සුදු රෙදි පොරවාගෙන ඉන්නා අපතයන් තවමත් ජනතාව රවටනවා.
රටවැසියා Tuesday, 28 April 2020 10:49 AM
මේගැන කතා කරන්න ඔබට ඇති සුදුසුකම් මොනවාද...? ලෝකයේ සියලුම රටවල් වෛද්‍ය විශේෂඥයින්ට මේ කාර්යය පවරා තියෙද්දිත් ශ්‍රී ලංකාවේ දේශපාලුවන් දොස්තරගේ වැඩේ කරන්නයාම නිසා දැනටමත් ප්‍රශ්න ගොඩක් මතුවී ඇත. මිය යන හැම රටවැසියෙක්ගේම මරණ වලට මෝඩ දුෂිත දේශපාලුවන් වගකිව යුතුයි. කෙසේවෙතත් මේ චන්දය ඔබලාට මහත්වූ අවාසි ගෙනදෙන බව අමතක නොකරන්න.
Sapumal. Tuesday, 28 April 2020 10:50 AM
වසංගත රෝග පිලිබඳ විශේෂ දැනුම් සම්බාරයකින් හෙබි ප්‍රවීණ මහාචාර්ය...!!!
sorisenaWednesday, 29 April 2020 02:19 AM
මෙම වසංගත විෂය පිළිබඳව විශේෂඥ අදහස් පල කිරීමට මොහුට සුදුසුකම් ඇත. කිමදයත් මොහුම මහා පරිමාන වසංගතයක් වන බැවිනි.
de silva Tuesday, 28 April 2020 10:52 AM
ඔක්කොම පට්ටපල් බොරු, තිබෙන්නේ කොරෝන පොකුරු 3 පමණක් නම් කොරෝන සමාජයේ පැතිරීමක් නැතිනම් රට වටේට ඇදිරිනීතිය දමාගෙන වහගෙන ඉන්න ඕනෙද? පාර්ලිමේන්තුව අවුරුදු 5 කට වලංගුය. ඒක අවුරුදු 4 1/2 විසුරුවන්න තිරනය කලේ ජනාධිපති තුමා මිසක් එජාපෙ නොවේ. ඔය කියන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට, දැනට පොහොට්ටු පාර්ශවයේ සිටින සිරිසේන මන්ත්‍රී අපේක්ෂක තුමා ඇතුළු ඔබතුමාත් නියෝජනය කරන පොහොට්ටු කණ්ඩායමේ සිටින පරණ ශ්‍රී ලනිප මන්ත්‍රීවරු බොහෝදෙනෙකු අත්උස්සපු බව අමතකද ? තනි පක්ෂේකින් ඉල්ලුවොත් ඇපත් නැති වෙනවා , පොහොට්ටුවෙන් ඉල්ලා මනාප ලබාගන්න එක එක බොරු කියනවා.
thilak Tuesday, 28 April 2020 10:53 AM
මෙතරම් වැඩකරයෙකුට ඇමතිකමක් දුන්නේ නෑ... එකෙන්ම තේරෙනවා... මෙයාගේ තත්වේ..., මධ්‍යස්තව සිතන්න තරමට මොලයක් නැ...
Gamekolla Tuesday, 28 April 2020 10:54 AM
මෙයාගේ මූණ දකිනකොට එපාවෙනවා..
mahesh jayawickrama Tuesday, 28 April 2020 10:59 AM
විශේෂඥ වෛද්‍ය දොස්තර ගම්මන්පිල මහතාට ජය වේවා !
udayantha kariyawasam Tuesday, 28 April 2020 11:06 AM
කාලයක් ඇබීත්ත කම් කළා. කාලයක් රුපියලක් කැටේට එකතු කරලා චන්දකලා. කාලයක් විදේශ රටක මුදල් ප්‍රශ්න වලට උසාවි ගියා. එහෙම කෙනෙක් මේවගේ අදහස් දැක්වීම පිළිබද ඇත්තේ අනුකම්පාවක් පමනි. චන්ද දායකයිනි මේවගේ අයට ඔබේ චන්දය පාවිච්චි කරන විට දෙපාරක් සිතන්නම වෙනවා.
Sanath dissanayake Tuesday, 28 April 2020 11:15 AM
මූ කියන විදියට දැන් කොරෝනා හැදෙන්නේ මිනිසුන්ට නෙවෙයි වගේ. යකෝ මිනිස්සු කියන්නේ සමාජය කියලා මේ ගොන් කිරි බොන අදබාලයට කියලා දීපල්ලා. හැමදාම කලේ මැද මුලනේ රෙදි අපුල්ලන එකනේ.
lalithm Tuesday, 28 April 2020 11:20 AM
රුපියල් සීය ගණනේ එකතු කරලා පාර්ලිමේන්තු ගිය මේ ත්‍රී වීල් ලොක්ක රටේ තියෙන හැම කුණු ගොඩකටම හොම්බ දමල බලන කසල එකතු කරන්නෙක්. තමන් පමණක් සියලු දේ දන්නා අනික් අය මෝඩයෝ කියල හිතන මේ වගේ රෝගීන් සඳහා වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක් අත්‍යවශ්‍යයි.
karu Tuesday, 28 April 2020 11:24 AM
ඔබලා වැනි හොර රැලක් නැවත පාර්ලිමේන්තුවට පත්කරගන්නට තරම් මොලේ අමාරුකාර රට වැසියන් දැන් නැහැ. පාර්ලිමේන්තුව විවෘත්ත කරලා වහාම මුලින්ම කරන්නේ කොරෝනා ආධාර වලින් කොපමණ " හොරාකා" ඇතිදැයි සොයා බැලීමයි. සුනාමියෙන් ගසා කාපු උන් කොරෝනාවෙන් කොහොම හොයන්න ඇත්ද...? ....දැන් සනීපද..?
Sanka Tuesday, 28 April 2020 11:25 AM
ඔයා කවදා ඉඳලද සෞඛ්‍ය විශේෂඥයෙක් උනේ ?
ravin Tuesday, 28 April 2020 11:27 AM
මේ අයට ආයෙත් චන්දෙ දෙන මෝඩයින් ඉන්නවාද...? මෙ අයට අවශ්‍ය මිනි කඳන් උඩින් ගොස් චන්දය තියා රට කොල්ල කෑමට බව අපි දැන් හොඳටම දන්නවා. කොරෝනා ගැන කතාකරන්න ඔබට ඇති සුදුසුකම් මොනවාද...?
ලලිත් Tuesday, 28 April 2020 11:31 AM
ගලි බවුසරයක කට ඇරලා.
sas Tuesday, 28 April 2020 11:34 AM
මෙ පුද්ගලයා දොස්තර කෙනෙක් නොවෙ...
Truth Tuesday, 28 April 2020 11:34 AM
ඔය අදුනගත්ත එක කිව්වෙ මොකක්ද?
rana Tuesday, 28 April 2020 11:42 AM
අසව්, අසව් මහා වෙදහුරාට යමක් කියන්න තියනවලු ! හූ හූ---
Saman Tuesday, 28 April 2020 11:53 AM
ඔබ වැනි වීරයන් රටට ආඩම්බරයකි. බිය නැතුව අදහස් ප්‍රකාශ කරන්න. රටේ මීලග ජනපති ඔබයි...
nuski Tuesday, 28 April 2020 12:06 PM
අනේ ඔව් මෙ වගේ අය හින්දා තමයි අපේ මෙ රට විනාශ වෙන්නේ...
podi lamaya Tuesday, 28 April 2020 12:30 PM
කොරෝනා සමාජගත වෙලා නෑ... උඩ අහසේ වලාකුළුවල තැන්පත් වෙලා...
Wasantha Tuesday, 28 April 2020 12:48 PM
වාසියට කියයි වසුරුත් කෑවෙ හොදයි කියලා...
samare Tuesday, 28 April 2020 12:55 PM
දැන්ම ගිහිල්ලා මොලේ තියන තැන බලාගත්තොත් හොදයි නේද?
විජිත්Tuesday, 28 April 2020 04:31 PM
මෙයාට මිනිස් මොලයක් නම් නැහැ. චුටි මොලයක් වගේ එකක් තියෙනවාලු ශරීරයේ පශ්චාත් භාගයේ. ඒක උඩ තමයි මෙයා ඇතුළු සියලුම දේශපාලුවෝ වාඩි වෙන්නේ. ඔබ දැන් දන්නවානේ මෙයාගේ සහ මෙයාගේ ගෝත්‍රයට අයත් දේශපාලුවන්ගේ මොලය තියෙන්නේ කොහෙද කියලා....!!!
Chinthana Tuesday, 28 April 2020 12:57 PM
මගේ ප‍්‍රාර්ථනාව 225ටම කොරෝනා වෙලා යන්නයි..
pradeepa Tuesday, 28 April 2020 01:08 PM
අනේ, ගන්මන්පිල ඔබගේ කතාවලින් අහිංසක සත්තුන්ට නිකන් ඉන්ඩ දෙන්ඩ... එයාලට අපහාස කරන්ඩ එපා...
විපරමා Tuesday, 28 April 2020 01:09 PM
දේසපාලුවෝ හිතාගෙන ඉන්නෙ උන් තරම් කරුණු කාරනා දන්න උදවිය රටේත් නෙතුව ඇති කියලා.
විජිත්Tuesday, 28 April 2020 04:35 PM
විපරමා,...ඒකට හේතුවක් තියෙනවා. මේ වගේ දේශපාලුවන්ට "හිතන්න" මොලයක් නැහැ.රෑට රෑට කුකුල් හොරකමේ ගිය, ගස් බඩගාලා හොරපොල් කඩපු මුන්ට.. හිතන්න මොලයක් කොහෙන්ද..?
athuraya Tuesday, 28 April 2020 01:11 PM
ගියපාර පාර්ලිමෙන්තුව හොරට විසිරෙව්වෙත් මෙයා කියපු බොරු කතා අහලා...
Raju Tuesday, 28 April 2020 01:31 PM
අප මෙවැනි අදහස් පල නොකළ යුතුයි.
Kumara Tuesday, 28 April 2020 01:54 PM
දැන් කළයුත්තේ ජනපතිකමයි, අගමැතිකමයි මෙයාටයි, විමලෙටයි දෙන එක...
janahitha uae Tuesday, 28 April 2020 02:27 PM
අනේ නිකන් හිටහන්... අපි මේ ජීවිතේ බේරගන්න දඟලනවා දේශපාලන කතා වගේද මේකත්...?
de silva Tuesday, 28 April 2020 02:27 PM
එහෙම නම් ඔය කියන කොරෝනා රෝගියෝ 596 දෙනා හමුවෙලා ඇත්තේ මාලදිවයිනෙන් වෙන්න ඇති, ඔබතුමා දැනට ඉන්නේ ලංකාවේද ?
buruvansha Tuesday, 28 April 2020 03:10 PM
මෙයා මගෙන් එක වෙන්නද කොහෙද මටත් වඩා හොදට වැසිකිලි හෝදනවා...
Aris Tuesday, 28 April 2020 04:00 PM
නාවික හමුදා පොකුරේ වගකීම ආණ්ඩුවට ගන්න වෙනවා.
wicky Tuesday, 28 April 2020 04:01 PM
තව සැරයක් රුපියල් 100 ක් එකතු කරන්න වගේ...
Nandalal DE SILVA - France Tuesday, 28 April 2020 04:42 PM
දන්න බම්බුවක් ගැන වාචාල කතා කරනවා නම් "විනෝද සමය" බලනවා වගේ හිනාවෙන්නවත් තිබ්බ. ඒකත් නැහැ. මෙයාගේ අනිත් ජෝකර්, තුන්මුල්ලේ විමලේ නම් නිස්සබ්ද වෙලා ඉන්නේ නොදන්නා දේවලට කට දමල පශ්තාත් භාගය බිම ඇන ගැනීමට බැරි නිසයි. මෙයාට නම් එහෙම ලජ්ජාවක්වත් නැති බව මේ මී හරක් කතාවලින් පැහැදිලිවම පේනවා....! මේවගේ බහුබූත කතා නිසා මෙයා කළු ලෝගු කාරයෙක්ද කියාවත් හිතා ගන්න අමාරුයි.. GMOA එක මේ ගැන මොකද කියන්නේ?
රොහාන් Tuesday, 28 April 2020 05:25 PM
මහත්මයා ඔයා කියන පොකුර ලංකාව වටේ ගිහිල්ල ඉවරයි... බයේ ඉන්න මිනිස්සුන්ට මේ වගේ දේශපාලන නිවටයන් කියන දේවල් පෙන්වා ලේ කෝප නොකරන ලෙස ඉල්ලා සිටිමි...
Dasa P Tuesday, 28 April 2020 07:32 PM
බල්ලගෙ වැඩෙ බූරුවා කිරීම...
sas Tuesday, 28 April 2020 08:03 PM
ගම්මන්පිල, දොස්තර විභාගය පාස් වුනේ කවදද? උඹ කියන දේවල් කවුද විශ්වාස කරන්නේ?
hubert Wednesday, 29 April 2020 03:59 AM
මෙ වගේ වසංගතයක් තව කොහින්ද?