IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වවුනියාවේ කඩ සාප්පු වහයි

සිතුම් චතුරංග

ඇඳිරි නීතිය ඉවත්කළද වවුනියාව නගරයේ හා අවට ගම්මාන රැසක වෙළෙඳසැල් අද (28) දිනයේ වසාදැමීමට පියවරගත් බව වවුනියාව වෙළෙඳ සංගමය පවසයි.

කොවිඩ් - 19 වයිරසය ආසාදනයවූ අයකු වවුනියාව නගරයේ ස්ථාන රැසක සංචාරය කිරීම හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම තීරණය ගත් බව වෙළෙඳ සංගමය පැවසීය.

මේ පිළිබඳ වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුලසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව වෙළෙඳ සංගමය හා ආරක්ෂක අංශ ගත් තීරණයකට අනුව නගරයේ වෙළෙඳසැල් සියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන් ඊයේ දිනයේ වසා දැමීමට පියවරගත් බව වෙළෙඳ සංගමය පැවසීය.

වවුනියාව නගරයේ වෙළෙඳ සැල් වසා දැමීමත් සමඟ පඳික වෙළෙදුන් එළවළු හා අත්‍යවශ්‍ය ආහාර නගරයේ වීදි අසල අලෙවි කිරීම හේතුවෙන් ජනතාව එම ස්ථාන අසල විශාල ලෙස එක් රොක්ව සිටින අයුරු දැකගත හැකිවිය.



අදහස් (0)

වවුනියාවේ කඩ සාප්පු වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 546 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 294 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site