කොරෝනා වයිරසයෙන් ආර්තික සහ කම්කරු ක්ෂේත්‍රවලට එල්ල වන බලපෑම හේතුවෙන් ලොව පුරා මිලියන 25ක රැකියා අවස්ථා අහිමිවීමේ අවදානමක් පවතින බව අන්තර්ජාතික කම්කරු සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ, අන්තර්ජාතික ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයන්ට අනුව ගෝලීය රැකියා විරහිත තත්වය කෙරෙහි වන බලපෑම අඩු කරගත හැකිවනු ඇති බවය.

එම සංවිධානය කොරෝනා වයිරසයේ ගෝලීය ව්‍යාප්තිය අනුව ලැබූ තොරතුරු මත පළකළ වාර්තාවක මේ බව දක්වා තිබිණි.
රැකියා ස්ථානයේ සේවානියුක්තිකයන් ආරක්ෂා කිරීම, ඔවුන්ගේ ආර්ථිකය දිරිගැන්වීම සහ ආදායම් හා රැකියා තත්වය වෙනුවෙන් සහය දැක්වීම යන දැවැන්ත ක්‍රියාමාර්ග එම සංවිධානය යෝජනා කර සිටී.
මිලියන 5.3 සිට මිලියන 24.7 දක්වා ප්‍රමාණයක රැකියා නියුක්තිකයන්ට මෙම අවදානම බලපාන බවද එම වාර්තාවේ දැක්වේ.
ඒ අනුව, සුළු සහ කුඩා පරිමාණ ව්‍යාපාරවල රාජකාරිවල නියුතු පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය, වැඩකරන කාලය, ආදී දෑ ද අනුව ගත යතු ක්‍රියාමාර්ග ද සොයාබැලිය යුතුය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2503
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වයිරසයෙන් ලොව පුරා මිලියන 25කට රැකියා අහිමිවීමේ අවදානමක්